පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා ‘ඇදහිල්ලේ වීරයෝ’ (හීරෝස් ඔෆ් ෆේත්) ලෙස ප්‍රකාශයට පත්කිරීමට වතිකානුව තීන්දු කොට ඇත. Sri Lanka Latest News
සෙනසුරාදා (19) දිනයේදී වතිකානුව මේ බව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටුවපිටිය දේවස්ථානය සහ මඩකළපුව සියෝන් දේවස්ථානය මෙන්ම තවත් හෝටල් කීපයක් ඉලක්ක කොට පාස්කු දින ප්‍රහාරය එල්ල වූයේ මීට වසර 06කට ඉහතදීය.
එම ප්‍රහාර මාලාවෙන් පසු වසර 06ක් ඉක්ම ගියද මෙතෙක් එය පසුපස සිටි මහමොළකරුවන් හෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩු තුනක්ම කටයුතු නොකළ බවට චෝදනා එල්ල වී තිබේ.










