සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාය.Sri Lanka Latest News
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,
‘‘වර්තමාන ආණ්ඩුව බලය ලබාගෙන මාස හයකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. ආණ්ඩුවක් ගමන් කරන දිශානතිය අවබෝධ කරගන්න මාස 6 ක කාලය ප්‍රමාණවත්. කෙසේ නමුත් ගතවුණ මාස 6 ක කාලය තුළ ආණ්ඩුව ජනතාව මුලා කරලා ජනතාවට ලබාදුන්න කිසිදු පොරොන්දුවක් ඉටු කිරිමට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිධුරය සහ පාර්ලිමේන්තුවේ බලය ලබාදුන් පසු කෙටි කාලයකින් රටේ විශාල වෙනසක් ඇති කරන බව අනුර දිසානායක මහත්තයා ප්‍රකාශ කළා. ආණ්ඩුව ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වුණ ඒ වෙනස ජනතාවට ලැබී තිබෙනවාද කියලා අපි ජනතාවගෙන් අහන්න කැමැතියි.
ඒ වගේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල වැට් බද්ද ඉවත් කරලා ජනතාවට සහන ලබාදෙන බව ප්‍රකාශ කළා , ඒ වගේම ඖෂධවල වැට් බද්ද ඉවත් කරලා ජනතාවට සහන දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම පාසල් උපකරණවලට අය කරන බදු ඉවත් කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන මිල අඩු කරන බව ප්‍රකාශ කළා , සහල් මාෆියාව නැති කරන බව කිව්වා , පසුගිය ආණ්ඩුවලදි සිදුකළ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ආණ්ඩුව කිව්වා. මෙවැනි විශාල පොරොන්දු ප්‍රමාණයක් ආණ්ඩුව ජනතාවට ලබාදුන්නා.
ඒ වගේම ලාල් කාන්ත ඇමැතිවරයා කියනවා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩපිළිවෙළ තමයි කරගෙන යන්නේ කියලා. ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩුවේ අනිත් පිරිස් ඇත්ත කතා කරන්නේ නෑ. ඒ වගේම වර්තමාන ආන්ඩුව ට්‍රිලියන 6 කට වැඩි ප්‍රමාණයක් ණය ගැනිම තුළින් රට අසිරු තත්ත්වයට ඉදිරියේදි ගමන් කරන්න පුලුවන්. ඒ වගේම අවුරුද්දකට ආණ්ඩුවේ රික්තකය ඩොලර් බිලියන 12 කට වැඩියි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 4 කට වැඩි මුදලක් ණය ලෙස ගෙවන්න තිබෙනවා. පසුගිය කාලයේ පවත්වාගෙන පැමිණි සංචාරක ව්‍යාපාරය නිසා මිලියන 2 ක් හෝ 3 ක් ලබා ගන්න පුලුවන්. එය වර්තාමන ආණ්ඩුවේ ක්‍රියාකලාපයක් නෙවෙයි. ඒ හැරුණු විට කිසිම ආදායම් මාර්ගයක් ගොඩනගන්න වර්තමාන ආණ්ඩුව හැකියාවක් නෑ.
ඒ වගේම දළදා සමිදු ප්‍රදර්ශනයෙන් ආණ්ඩුවේ නොහැකියාව මනාව බලාගැනිම හැකියාව තිබෙනවා. එවැනි කටයුත්තක්වත් ආණ්ඩුවට සැලසුම් කරගැනිමට ශක්තියක් නෑ. සමාජවාදය ගැන කතා කරන අනුර දිසානායක මහත්තයා විශේෂ ආරක්ෂාව මැද දළදා වහන්සේ වැද පුදාගත්තා. නමුත් දළදා වහන්සේ බලන්න පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා සිටිනවා. එ් ජනතාවට ආහාර පාන නෑ , වැසිකිළි පහසුකම් නිසියාකාරව නෑ.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොරා කියලා කිව්වා , මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා කියලා කිව්වා. නමුත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න වර්තමාන ආණ්ඩුව හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම අනුර දිසානායක මහත්තයාට සමිප උදව් කරන පුද්ගලයන් ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන්නේ නෑ. රවි කරුණානායක , ඩඩ්ලි සිරිසේන , ධම්මික පෙරේරා වැනි පිරිස්වෙත ජාතික ජන බලවේගය ප්‍රහාර එල්ල කරන්නේ නෑ. ඔවුන්ද දැන් හොද මිත්‍රයන් වෙලා තිබෙනවා.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් කෙටි කාලයකින් අවසන් වෙනවා. ඒ වැඩපිළිවෙල අවසන් වුණාට පස්සේ ණය ගෙවන ක්‍රමවේදය , විදෙස් රටවල් සමග ගනුදෙනු කරන ආකාරය , බදු සහන ලබාගන්නා ආකාරය වැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නෑ. වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්නවලට මුහුණ දෙන්න අද්දැකිම් නෑ.
ඒ වගේම ආගම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දැක්වු අදහස් සම්බන්ධයෙන් , බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සම්බන්ධයෙන් දැක්වු අදහස් දේශපාලනය වෙනුවෙන් තමයි ඒ අදහස් පල කළේ. ඒ වගේම අනුර දිසානායක මහත්තයා ප්‍රකාශ කරනවා ආගම දේශපාලනයට භාවිතා කරනවා කියලා. දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාව ලබාදෙන්නෙත් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරලා. මේ දළදා ප්‍රදර්ශනය නිසා වැඩපිළිවෙලකට සිදුනොකර මැතිවරණය ඉලක්ක කරලා සිදුකිරිමෙන් විශාල අපහසුතාවයකට ජනතාව පත්වෙලා තිබෙනවා. මේ කටයුත්තෙන් ආණ්ඩුවේ හෙළව ප්‍රදර්ශනය වෙනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පැය 3 ක් දළදා වහන්සේ වන්දනා කරන්න ඉඩකඩ ලබාදිලා තිබෙනවා. දින ගණනක් පෝලිම්වල සිටින රටේ ජනතාවට පැය දෙකක කාලයක් ලබාදිලා තිබෙනවා. බෞද්ධාගම විවේඡනය කළ පිරිස අද සුදු ඇදගෙන බුදුදහමට භක්තියක් තිබෙනවා කියලා ජනතාවට පෙන්වන්න උත්සහ කරනවා. ඒ භක්තිය පෙන්වන්න උත්සහ කරන්නේ දේශපාලන වාසි ලබාගන්න පමණයි.
ඒ වගේම ඉන්දියාව සමග ලංකා රජය ගිවිසුම් කිහිපයක් අත්සන් කළා. ඒ ගිවිසුම් වල තිබෙන දේවල් රටේ ජනතාව දන්නේ නෑ. ඉන්දියාව දෙන ඕනම ගිවිසුමක් අනුර දිසානායක මහත්තයා අත්සන් කරනවා. ලංකාවට ඉන්දියාවේ සහාය අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් ඉන්දියාව සමග ගනුදෙනු කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්. ඒ ගිවිසුම් වලින් ලංකාවට ලැබනෙ දේවල් පිලිබඳව අපි සොයා බැලිය යුතුයි. ගිවිසුම් අත්සන් කිරිමේදි රාජ්‍ය තාන්ත්‍රික අවබෝධයක් ඇතිව , දැනුමක් ඇතිව ඒ ගිවිසුම් වලට එකඟවිය යුතුයි. එසේ නොවුනහොත් ලංකාවට විශාල අවාසි අත්විමට ඉඩ තිබෙනවා.
ඒ වගේම ලංකාව මේ ගමන් කරන්නේ සංක්‍රාන්තික කාලයක. රට තුළ නිෂ්පාදන ඇති කරන බව , ආයෝජන ගෙන එන බව කිව්වත් එ් කිසිවක් සිදුකිරිමට ආණ්ඩුවට සැලැස්මක් නෑ. ඒ වගේම රටේ ණය ප්‍රමාණය ගෙවිම සුලු දෙයක් බව අනුර දිසානායක මහත්තයා ප්‍රකාශ කළා. නමුත් රටේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. තවත් වසර දෙකක් පමණ ගිය විට ඩොලර් බිලියන 65 පමණ ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න සිදුවෙනවා. රටේ නිෂ්පාදන ඇති කරලා , ආයෝජකයන් ගෙනල්ලා කර්මාන්ත ඇති නොකළහොත් 2028 දී නැවැත ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න සිදුවෙනවා.
ඒ වගේම ජාතික ජනබලවේගය අද ධනවාදි පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. ධනවාදි නායකයන්ටත් වඩා වැඩියෙන් අද මොවුන් ධනවාදි වෙලා තිබෙනවා. මේ ආකාරයට ප්‍රතිපත්ති මාරු කරන මිනිස්සුන්ට ජනතාව කොහොමද බලය ලබාදුන්නේ කියලා විශ්වාස කරන්න බෑ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හෝ ජනතාව වර්තමාන ආණ්ඩුවේ බොරුව තේරුම් ගනියි කියලා අපි විශ්වාස කරනවා.
ඒ වගේම වාමාංශික පක්ෂ බොරු කියලා , ආණ්ඩු පක්ෂයේ වැඩවලට විරෝධය දක්වලා අවසානයේ බලය ලබාගෙන ඒ වැඩපිළිවෙලම ඉදිරියට අරගෙන යනවා. ඒ වගේම ඇමරිකාව විසින් පනවා තිබෙන තිරු බද්ද සම්බන්ධයෙන් කතා කරද්දි ලංකාවට ඩොලර් බිලියන 4 ක ආදායම පැමිණියේ ජේ ආර් ජයවර්ධනට , ගාමිණි දිසානායකට , ආර් ප්‍රේමදාස වැනි නායකයන්ට පිං සිද්ධ වෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ , ජාතික ජන බලවේගයේ එක නායකයෙක්වත් ප්‍රකාශ කලේ නෑ. ඒ නිසා ජනතාව මේවා තේරුම් ගත යුතුයි. ප්‍රතිපත්තිගරුක නැත්නම් ඒ පුද්ගලයන් විශ්වාස කරන්න එපා. ප්‍රතිපත්තිගරුක නැති නායකයන්ට රටක් භාරදිම වැරදි දෙයක්. ඒ වගේම දේශපාලන තින්දු ගැනිමේදි ආවේගශිලි නොවි , බොරු වලට හසු නොවි සත්‍ය කතා කරන නායකයන්ට සහාය දෙන්න කියලා සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා. ‘‘










