• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සර 23දා ගොඩගන්නවා! I Sri Lanka Latest News

April 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සර 23දා ගොඩගන්නවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා අප්‍රේල් මස 23 වන දා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.Sri Lanka Latest News

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මෙම නියෝගය නිකුත් කළේ ය.

මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන ලෙස ද මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙනු ලැබීය.

ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබිණි.

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන මහත්වරුන් මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර තිබෙන බව ද අධිකරණයට දෙනු ලැබිණි.

මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණේ අප්‍රේල් 9 වන දා ය.

අගතියට පත් පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා එදින මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ එදින කැඳවනු ලැබිණි.

එහිදී, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනි, වැලිකඩ පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් තිබෙනවා. නමුත් මෙම තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්වන්නේ නෑ. මොක ද ඔහුගේ මවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දීලා නෑ. ඒ නිසා, මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතිනවා. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වගන්තිය යටතේ අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ණ බලය පවරා දී තිබෙනවා. එම නිසා මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළේ ය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වූ නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනි, මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ මවට සැකයක් තිබෙනවා. ඇය ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙනුත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. මොක ද මිය යන්නට පෙර අදාළ තරුණයා ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා තමන්ට පහර දීමක් සිදුවූ බව. පසුව මව කෑම රැගෙන පොලිසියට ගිය අවස්ථාවේදී ඇයට දැනගන්නට ලැබී තිබෙනවා, ඔහු මියගොස් තිබෙන බව.”

ඒ හේතුවෙන්, මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සේනක පෙරේරා එදින සඳහන් කළේ ය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණයට අදාළව මුලින් ම නුගේගොඩ පොලිස් කොට්ඨාසය මාර්ගයෙන් විමර්ශනය කළ බව පැවසීය.

“ස්වාමීනි… වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. අප විමර්ශන භාර ගත්තාට පස්සේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිසියට රැගෙන ආ අවස්ථාවත්, පොලිසියේ සිට අංගොඩ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවත් දක්වා අවස්ථා ආවරණය වන පරිදි විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ යටතේ මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයින්ගෙන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේ ම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේත් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. එසේ ම මිය ගිය තරුණයාගේ ලේ සාම්පල් හා මෘත ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගතියට පත් පාර්ශවය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව ත් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් එදින ඉල්ලා සිටියේ ය.l

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

සත්සර

මේ අතර, අප්‍රේල් 9 මෙම නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමිනි.

මියගිය තරුණයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

සිරි දළදා වන්දනාවට මේ පාර VIP හෝ VVIP පෝලිම් නෑ! ඔක්කොම එක පෝලිමේ! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 6 පිරෙනවා! අද හෙට අනිද්දා රට පුරා ආරක්ෂාව තරකරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.