• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපරාධකරුවන් ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා! පුබුදු කා ගැනද මේ කියන්නේ? Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සාදුකින් සිටින උන් දැන් ඉතින් නැගිටියව්…. ඊළඟ සටනට පෙළගැසෙව්! පෙරටුගාමීන්ගේ ඊළඟ පෙරළිය ප්‍රකාශයට පත්කෙරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහා අපරාධවල වගඋත්තරකරුවන් අද ආණ්ඩුව ඇතුළට පැමිණ ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඒ මහතා ඊට උදාහරණ දුන්නේ මෙසේය.Sri Lanka Latest News

‘රනිල් වික්‍රමසිංහ ගැන කියද්දී තමයි සංහිඳියාව, ප්‍රතිසන්ධානය, සත්‍යය, ජාත්‍යන්තර සහාය ලබාගැනීම වගේ ඒව ගැන කියන්නේ. එතකොට රනිල් වැරැද්දක් කළාට පස්සේ රනිල්ට දඬුවම් දීම කියන එක නෑ ශබ්දකෝෂයේ. එතකොට හරිම මෘදු වෙලා, බොහොම පරිණත කතා කියන්න ගන්නවා. නෑ, එහෙම නෙවෙයි. නිශ්චිතවම මිනීමැරුම් පිළිබඳ චෝදනා තියෙනවා. බාලවයස්කාරයෝ 44ක් මරලා තියෙනවා. විජේදාස ලියනාරච්චි සහෝදරයව බටලන්දෙදී වධ දීලා මරලා තියෙනවා. තංගල්ල පොලිසියේ නිලධාරීන් කොමිසම ඉස්සරහා සාක්ෂි දීලා තියෙනවා එයාව මගේ ළඟට එවන්න කියලා රනිල් වික්‍රමසිංහ තමයි කතාකරලා කිව්වේ කියලා. ඒ වධකාගාර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒ නිසා ආයේ මේකේ බලන්න දෙයක් නෑ. වහාම දඬුවම් දෙන්න. ඒක කරන්නේ නැත්නම් අඩුම ගානේ තමන්ගේ පක්ෂයට එරෙහිව දියත් වෙච්ච ප්‍රචණ්ඩත්වයටවත් දඬුවමක් දෙන්නේ නැත්නම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය හරි වසීම් තාජුඩීන් ඝාතනය හරි, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම හරි, ලලිත් කූගන් අතුරුදන් වීම හරි, සිවරාම් ඝාතනය හරි රවිරාජ් ඝාතනය හරි ඔය කිසිම දේකට යුක්තියක් ඉටුවෙන්නේ නෑ.

උතුරේ සිද්ධ වෙච්ච අපරාධවලට යුක්තිය ඉටුවෙන්නෙත් නෑ, අනෙක් ඒවට යුක්තිය ඉටුවෙන්නෙත් නෑ. පහුගිය කාලේ සිය ගණන් තරුණයන්ව සුදු වෑන්වලින් පැහැරගෙන ගිහිල්ලා මරලා දැම්මා. ඒවට යුක්තියක් ඉටුවෙන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙදී කියනවා කොමිසමක් දාලා අපි සමගි වෙන්න බලමු කියලා. දැන් ඒක හොරකම්වලටත් කියනවා. හොරුයි, බදු ගෙවපු අපියි එක තැනකට එකතු කරලා හොරු පාපොච්චාරණය කරනවා ඔව් අපි හොරකම් කළා තමයි කියලා. අපි එතකොට කියනවා බදු ගෙවන්නෝ විදියට, උඹලා අපේ සල්ලි හොරකම් කළාට කමක් නෑ, අපි උඹලට සමාව දෙනවා කියලා. දැන් එහෙම එකකින්ද මේක බේරන්න යන්නේ? නැත්නම් හොරකම් සම්බන්ධ නිශ්චිත මැදිහත්වීමක් කරනවද? ඒගොල්ලෝ පොරොන්දු වෙනවනේ කරනවා කියලා. එතකොට හොරකම්වලට දඬුවම් දෙනවා කියන එක මිනීමැරීම සම්බන්ධ සමගි වෙන පාපොච්චාරණය කරන කතාවකට මොකටද යන්නේ? එහෙම කරන්න බෑ. මේවා නිශ්චිත සාක්ෂි සහිත ඒවා. ඒ කියන්නේ මගේ පර්ස් එකේ සල්ලි හොරකම් කළොත් එහෙම දැඩි දඬුවම් දෙනවා. මාව මැරුවොත් එහෙම සංහිඳියාවකට යන පාරක් කපනවා. ඉතින් මේවා ඇවිල්ලා ඉතා වංචනිකයි. අපිට තේරෙනවා මෙහෙම වෙන්නේ ඇයි කියලා. මෙහෙම වෙන්න හේතුව තමයි මේ අපරාධවල වගඋත්තරකරුවෝ වර්තමාන ආණ්ඩුවත් එක්ක යම් සම්බන්ධතා සහිත අය. උදාහරණයක් විදියට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විකිපීඩියා එකේ දාලා තියෙන හැඳින්වීමෙන්ම ඔහු විසින් වීර ක්‍රියා කරපු යුද්ධ දෙකක් කියලා දාලා තියෙන්නේ මොකක්ද? උතුරේ යුද්ධෙයි, 1987 – 89 වකවානුවේ යුද්ධෙයි. ඒ කාලේ මිනී මරපුවා තමයි ඒ ලියලා තියෙන්නේ.

දැන් පොලිසියේ ප්‍රධාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් විදියට දාලා ඉන්න හිටපු ඩී.අයි.ජී. ගත්තාම ඔහු කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියෙක් ලෙස 80 දශකයේ සේවය කරද්දී විශාල මිනීමැරුම් කළා කියලා වගකිව යුත්තෙක්. අන්තිමට ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි, වසීම් තාජුඩීන් ඝාතනයයි හොයන්න පොලිසියට උපදෙස් දෙන්න ඉන්නේ වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි මැකුවා කියලා ඔප්පු වෙච්ච චරිතයක්. එයාව තමයි දාලා තියෙන්නේ ඒ ඝාතන පිළිබඳ විමර්ශනවලට උපදෙස් දෙන්න. හොර වැඩ හොයන්න හොරකම් හොයන්න ඒකකයක් දාලා තියෙනවා. ඒ ඒකකයේ ප්‍රධානියා කරලා තියෙන්නේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. එතකොට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගේ බිරිඳ බැසිල් රාජපක්ෂගේ වංචා දූෂණ නඩුවලදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. එතකොට මෙතැන පැහැදිලිව ලබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා. ඉතින් ලබැඳියාවන් අතර ගැටුමක් තියෙද්දී මේවට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ….’

(මෙම ලිපියේ විජේවීර මරාදැමූ බව කියන කැප්ටන් තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඇතුළත්ව තිබුණද, අධිකරණ නියෝගයක් හේතුවෙන් එම කොටස ඉවත් කර ඇත.)

SendShareShare
Previous Post

මුළු රටම කතා කරපු ජයකොඩි වලව්වේ මීළඟ හිමිකරු රියැදුරු රෝහිතද? තර්ජන-ගර්ජන මැද මුල් වරට මාධ්‍ය වෙත කරන හෙළිදරව්වයි මේ! Sri Lanka Latest News

Next Post

සියලු දෙනා ලෑස්ති වෙන්න! ලබන ජූලියේ භයානක සුනාමියක්! ජපානයේ බාබා වැන්ගා ප්‍රබල අනාවැකියක් කියයි! ලෝකයේම මාධ්‍ය ප්‍රසිද්ධිය දෙයි! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.