දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka Latest News
උතුර, උතුරු මැද, බස්නාහිර, වයඹ, දකුණ, නැගෙනහිර, රත්නපුර සහ මොනරාගල ප්‍රදේශවල උණුසුම් දරේශක ඉහළ අගයක පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීම තුළින් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවයි.
වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස සහ සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.










