• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන-සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා! ජනපති අනුරගේ පළමු අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩය!  I Sri Lanka Latest News

April 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුබපැතුම් පණිවිඩය

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.Sri Lanka Latest News

අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.

අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන්ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටියි.

මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතය. ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ‌ෙඑතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවම‌ාන සාක්ෂියකි. වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට‌ය. එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමයි.

එසේම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු සිරිත්විරිත්හි පොදු අපේක්ෂාව වන්නේ ජන ජීවිත අලුත් කර ගැනීම හා පසුගාමී චින්තනයෙන් සහ ආකල්පවලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීමයි. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජිවිතවලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත්වීම මගිනි. රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරමි.

ඔබ සැමට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන, සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 අප්‍රේල් 14 වන දින

SendShareShare
Previous Post

දවස් 90ක් රඳවා ප්‍රශ්න කරන පිල්ලෙයාන් හමුවන්න ගම්මන්පිල ඉල්ලලා!  I Sri Lanka Latest News

Next Post

රටේ දුප්පත්කම වැඩිවෙලා! නගරයේ වගේම ගමේ දුප්පත්කමත් ඉහළ ගිහින්! කෝ දුප්පත්කම තුරන් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක්? VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.