• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දුට මාතරින් ඇප දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්! I Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…
Share on WhatsAppShare on Facebook

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ අතර එහිදී ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පැමිනිල්ලට පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.
Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පල කර තිබූ වාර්තාව සම්පූර්ණයෙන් පහතින් දැක්වේ,

දේශබන්දු තෙන්නකෝන්ට ඇප දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගෙන් යළිත් දැඩි විරෝධයක්

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ ය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියම කළේ ය.

සිය සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බවට සහ විමර්ශනවලට බාධා කළ බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් විසින් ඉකුත් නඩු දිනයේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මෙම නියෝගය නිකුත් කළේ ය.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එසේ බලපෑම් කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කොට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේ ය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා මේ වන විටත් සැලකිය යුතු කාලයක් පැමිණිල්ලට ලැබී තිබෙන බව ය.

ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවශ්‍ය බවට කරුණු අනාවරණය නොවන නිසාත් මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් මේ වන වටත් අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙන නිසාත් සමානාත්මතාව සැලකිල්ලට ගෙන මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

පිටු 16කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ:

“අපරාධ වරදක් කළ පුද්ගලයාට දඬුවම් පැමිණවීම මෙන් ම වින්දිත පාර්ශවයට යුක්තිය ඉටු කිරීම අධිකරණය වෙත පැවරී තිබෙන නෛතික වගකීමක්. අපරාධ රහිත හෝ සීමා වූ වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අභිලාෂය අත්හළ නොහැකි මෙන් ම සැකකරුවන්ගේ නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය පිළිගෙන කටයුතු කිරීමට ද අධිකරණයට සිදුවේ. මෙම සිද්ධියේ පැමිණිල්ලේ සහ විත්තියේ කරුණු කියාපෑම් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව විමර්ශන ක්‍රියාදාමයට සහය වීම සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම යන කාරණා දෙක අතර තීරණාත්මක අවස්ථාවක් දැන් උද්ගත වී ඇති බව අධිකරණය මතයයි.

ඒ අනුව මෙම සැකකරුට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පැමිණිල්ලට සාධාරණ කාලයක් ලැබී තිබෙන බව අධිකරණයේ නිගමනයයි. සැකකරු බන්ධනාගාරගතව සිටි කාල සීමාව තුළ සිදුකළ විමර්ශන පිළිබඳව සලකා බැලීමේදී තවදුරටත් ඔහු බන්ධනාගාරගත කිරීමකින් තොරව ඉදිරි විමර්ශන සිදුකළ හැකි බව අධිකරණයට පෙනී යනවා. සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් කරුණු ඉදිරිපත් කර තිබුණ ද මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් හය දෙනා මේ වන විටත් ඇප මත මුදා හැර තිබෙනවා. එම නිසා මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකීමට අධිකරණය තීරණය කරනවා,” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙසේ පැවසීය.

“ස්වාමීනී මෙම ඇප නියෝගයට එරෙහිව මා මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. මා ඔබතුමාගේ ඇප නියෝගයට ගරු කරනවා. නමුත් මේක මෙම සැකකරුට ඇප දීමට සුදුසු වෙලාවක් නෙවෙයි. මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව අලුතින් සාක්ෂි රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මේ සාක්ෂි කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දෙන්නේ නැහැ. හොයාගෙන ගිහින් ඇහැව්ව ම තමයි එහෙම දෙයක් වුණා කියලා කියන්නේ. ඉතින් මේ සැකකරුට ඇප දුන්නා කියන පණිවිඩය සමාජගත වූ ගමන් සාක්ෂිකරුවන් බියට පත්වෙනවා. ඒ වගේ ම ඔවුන් අලුතින් සාක්ෂි ලබාදීමටත් පසුබට වෙනවා,” යනුවෙන් සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්…

“ස්වාමීනී… මේ සැකකරු තමයි මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. මොහු අදාළ හෝටලයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පෙර එම හෝටලය වීඩියෝ ගත කර දර්ශන ගෙන්වාගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්ෂිවලින් අනාවරණය වෙලා තිබෙනවා. අදාළ හෝටලයේ හිමිකරුවන් සමග පැවති පෞද්ගලික අමනාපයක් නිස යි ඔහු මෙම අපරාධය සිදු කිරීමට මුල්වෙලා තිබෙන්නේ. එමෙන් ම, ඉමදූව අධිවේගී පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන්ටත් මොහු කතා කළ බවට සාක්ෂි අනාවරණය වෙලා තිබෙනවා. මොහුගේ පෙර හැසිරීම සහ පසු හැසිරීම අප සලකා බැලිය යුතු යි. මෙම සිද්ධියෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගියා. ඒ වෙනුවෙන් මේ සැකකරු පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් සහ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තවත් රුපියල් ලක්ෂ 25ක් වන්දි වශයෙන් මිය ගිය තැනැත්තාගේ පවුලට ගෙවා තිබෙනවා. මේ වන්දි ගෙවා තිබෙන ආකාරයේ නීතියට පටහැනි යි. මේ සම්බන්ධයෙන් විමර්ශකයින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගන්න බලාපොරොත්තු වෙනවා. සැකකරු සිදු කළ මෙම ක්‍රියාව නීති විරෝධී නිසා තමයි නීති විරෝධී ලෙස වන්දි ගෙවා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔහු උත්සාහ කර තිබෙන්නේ.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට අධිකරණ ශාලාවේ සිට පිටවීමේ දොරටුව දක්වා ආරක්ෂා සහිතව වාහනයෙන් ගමන් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැඩි විරෝධය පළ කළේ ය.

“ස්වාමීනි … මෙම ඉල්ලීමට මා විරුද්ධ වෙනවා. මොක ද හෙට හරක් කටා ඇප ලබා ගත්තට පස්සේ ආරක්ෂා සහිතව එළියට යන්න අවසර ඉල්ලුවොත් ඒකට ඉඩ දෙන්න පුළුවන් ද? මේ සැකකරු දවස් 20ක් විතර හැංගිලා හිටියා. එතකොට ආරක්ෂාව ඇතුව ද හැංගිලා හිටියේ,” යනුවෙන් සඳහන් කළේ ය.

මෙම ඇප නියෝගය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද තාක්ෂණික හේතු බව සඳහන් කරමින් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් අද දිනය තුළ අවස්ථා දෙකකදී කල්දමා තිබීම ද කැපී පෙනෙන සිද්ධියක් විය.

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු දැඩි ආරක්ෂාව මධ්‍යයේ අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබිණි.

මේ සම්බන්ධ වැඩිදුර නඩු විභාගය මැයි මස 22 වන දිනට කල් තබන ලදී.

SendShareShare
Previous Post

ගොට්ටා සහ ගෙම්බා..! VIDEO I Sri Lanka Latest News

Next Post

රෑ දවල් කියලා නෑ! කඩා පනින හමුදාව ක්‍රියාත්මකයි! උත්සව කාලේ හොරට බඩු විකුණලා අහුවෙන්න එපා!  I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.