රාජපක්ෂවරුන්ගේ දෙබිඩි දේශප්‍රේමීත්වයට හොදම උදාහරණය කරුණා අම්මාන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.
කරුණා අම්මාන් නැගෙනහිරදී රණවිරුවන් දෙතුන් දාහක් මරා දැමූ බව ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් පරණ නඩු අවුස්සන රාජපක්ෂ රජයට දැන් සාක්ෂි සමගම පරණ සිද්ධියක් මතුව ඇති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව දැන් වහාම ආණ්ඩුව කරුණා අම්මාන් අත්අඩංගුවට ගත යුතු බවත්, නොඑසේනම් එම සිද්ධීන්වල වගකීම වත්මන් රජය බාරගත යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.










