• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිහාන් ලක්ෂ 15යිලු! චාමර ලක්ෂ 14යිලු! වස්තිලා ලක්ෂ 7යිලු! ඉතින් අපිට පාන්ද? එපා නම් නිකන් හිටහල්ලකො! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ශිහාන් ලක්ෂ 15යිලු! චාමර ලක්ෂ 14යිලු! වස්තිලා ලක්ෂ 7යිලු! ඉතින් අපිට පාන්ද? එපා නම් නිකන් හිටහල්ලකො! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශිහාන්ගේ ගාන අච්චරයි, චාමරගේ ගාන මෙච්චරයි, අනිත් එක්කෙනා මෙච්චර ගන්නවා, අරයා මෙච්චර ගන්නවා, හනාට අච්චර ගෙවනවා කිය කියා බහුබූත ප්‍රකාශ කරන වීඩියෝ කීපයක් පහුගිය දවස්වල අපි දැක්කා. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? වස්තිලට අච්චර ගානක් ගෙවලා මොකටද ගෙන්නගන්නේ? ශිහාන්ට එච්චර ගානක් ගෙවලා මොකටද ගෙන්නගන්නේ? චාමරට එච්චර ගානක් ගෙවලා මොකටද ගෙන්නගන්නේ? ඒවා මහා විකාර කතා. දැන් යම් පුද්ගලයෙක් තමන්ගේ ගාන ලක්ෂ 15යි කියලා නියම කරගෙන ඉන්නවා. සින්දු කියන්න ලක්ෂ 15ක් ඉල්ලනවා නම් යම් කිසි ගායකයෙක් ඔහුව ගෙන්නගන්නේ නැතුව ඉන්න පුළුවන්නේ. ලක්ෂ 15ක් ඉල්ලන ගායකයට අපි කියනවා ඔබට ලක්ෂ 15ක් අපි ගෙවන්නේ නෑ, ඒ නිසා අපි ඔයාව ගෙන්නගන්නේ නෑ. ඔහුගේ මිල ලක්ෂ 10ට අඩු වෙයි. ලක්ෂ 10ට අඩු වෙලත් කවුරුත් එයාව ගෙන්නගන්නේ නැත්නම් ඔහු සමහර වෙලාවට ලක්ෂ 5ට අඩු කරයි තමන්ගේ ගාන. ලක්ෂ 5කටත් එයාව ගෙන්නගන්නේ නැත්නම් කවුරුවත් ලක්ෂ 2කට අඩු කරයි. ලක්ෂ 2කටත් අඩු වෙලා ගෙන්නගන්නේ නැත්නම් ලක්ෂයකට අඩු කරයි. ඊට පස්සේ ඔහුගේ මිල අපිට ගැළපෙන විදියට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ ලක්ෂ 15ක නිශ්චිත මිලක් ඔහු හදාගෙන තියෙන්නේ ඔහුට මේ රටේ තියෙන පිළිගැනීමත් එක්ක. Sri Lanka Latest News

ලක්ෂ 15ට ඕනෙ තරම් ශිහාන් මිහිරංගව මිනිස්සු සංගීත ප්‍රසංගවලට ගෙන්නගන්නවා. චාමරව ලක්ෂ 14ට ගෙන්නගන්නවා. හනාව ගෙන්නගන්නවා. වස්තිව ගෙන්නගන්නවා. ඉතින් ඔවුන් ඔවුන්ගේ මිල නියම කරගෙන තියෙනවා. ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනෑම ශිල්පියෙක් තමන්ට මිලක් හදාගන්න එක ඉතාම හොඳ දෙයක්. ඔවුන්ට ඒ මිල ගෙවනවා නම් ඔවුන් ඒ මිල අයකරන එක ඉතාම සාධාරණයි. මේ විදියට විශාල මිලක් හදාගෙන තමන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා මේ රටේ මිනිස්සුන්ට බරක් නොවී ජීවත් වෙන්න අපේ රටේ ශිල්පීන්ට පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඉතිහාසය පුරාම මේ රටේ ශිල්පීන් මැරෙන්නේ හිඟන්නෝ වගේ. කන්න බොන්න නැතුව ජීවත් වෙන්න විදියක් නැතුව අනිත් මිනිස්සුන්ට අතපාලා ජීවත් වෙන තැනට පත්වෙලා. අන්තිමට කලාකරුවෝ දහස් ගණන් ප්‍රසංග කරලා අවුරුදු ගණන් ජීවත් වෙලා රටේ මහජනතාව ඉතාම ලොකුවට සතුටු කරලා ඔවුන් මියයන කිට්ටුව මාධ්‍යවේදීන්ට කතාකරලා කියනවා මට කන්න නැ, මට බොන්න නෑ, නිදාගන්න තැනක් නෑ, වැස්සට තෙමෙනවා, මට ජීවත් වෙන්න විදියක් නෑ කියලා. ඉතින් එහෙම කියන තැනට පත් නොවී ඔවුන්ට පුළුවන් නේ තමන්ට මිලක් හදාගන්න. අපි විශ්වාස කරන්නේ ශිහාන් මිහිරංග හෝ චාමර හෝ වෙනත් ඕනෑම ශිල්පියෙක් ඉතා ඉහළ මිලක් හදාගැනීම ඉතාම හොඳයි. ඒ වගේම ඔවුන් ඒ මිල හදාගෙන ඔවුන් ප්‍රමිතිගත ශිල්පීන් බවට පත්වෙලා ඔවුන්ගේ ප්‍රසංගවලට යන එන විදිය, ඔවුන් ප්‍රසංග පවත්වන විදිය, ඒවාට සහභාගි වෙන විදිය, ඒවායේ සින්දු කියන විදිය මේ හැම දේම ප්‍රමිතිගත කරගත්තාම ඒක මේ රටේ සංගීත ක්ෂේත්‍රයට වෙන වාසියක් විදියටයි අපි දකින්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ව ගෙන්නගත්ත එක ගැන බහුබූත කිය කියා තැන් තැන්වල වැඩසටහන්වලට ඇවිල්ලා අච්චර ගත්තා මෙච්චර ගත්තා කියලා ගණන් හිලව් ඉදිරිපත් කරන අයට නම් තියෙන්නේ ඒගොල්ලෝ කැමැති නැත්නම් මේ ගණන්වලට ඒ ශිල්පීන් ගෙන්නගන්න, එහෙම නැතුව ලක්ෂයට දෙකට එන කාව කාව හරි ගෙන්නගන්න. ඉතින් ඒවා අහන්න මිනිස්සුත් ඉන්නවා නම්, ඒගොල්ලන්ගේ ගාන සාමාන්‍යයි නම්, වැඩෙත් ලාභෙට කරගෙන, ප්‍රසංගෙත් ලාභෙට කරගෙන, මිනිස්සුත් ගෙනල්ලා තමන්ගේ වැඩේ ඉවර කරගන්න පුළුවන්නේ. ඒ නිසා ශිහාන් මිහිරංගටයි, චාමරටයි, වස්තිලටයි, හනාලටයි, අරයටයි, මෙයාටයි චෝදනා කර කර දඟලන්න අවශ්‍ය නෑ. ඒක ඒගොල්ලෝ හදාගෙන තියෙන මිල.

එක වෛද්‍යවරයෙක් ඉන්නවා ඔහු තමන්ගේ එක බැලුම් වාරයකට එක පුද්ගලයෙක්ව බලන්න, එක චැනල් එකකට 9000ක් ගන්නවා. තව පුද්ගලයෙක් ඉන්නවා රෝගියෙක් බලන්න ගන්නේ රුපියල් 900යි. 9000ක් ගන්න පුද්ගලයා ළඟට ඔබ යන්නේ ඒ 9000ක් ගන්න පුද්ගලයාගෙන් ඔබට ලැබෙන විශේෂත්වයක් නිසා. ඔබට බැරිවෙලා හරි මේ 9000ක් ගන්න පුද්ගලයාගේ මිල ප්‍රශ්නයක් නම් ඔබ කරන්න ඕනේ ඔහුට රුපියල් 9000 අඩුකරන්න කියලා බලකරන එක නෙවෙයි. ඔබ රුපියල් 900 ගන්න කෙනා ළඟට යන එක. එතකොට ඒ 900 ගන්න කෙනාගෙන් ඔබට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔබට ආයේත 9000ක් ගන්න කෙනා ළඟට යන්න සිද්ධ වෙනවා. ඒ 9000ක් ගන්න කෙනා 9000ක් ගන්නේ 900ක් ගන්න කෙනාගෙන් පුද්ගලයන්ට සාධාරණයක් නොවෙන නිසාත්, 9000ක් අරගෙන ඔහු සාධාරණයක් ඉෂ්ට කරන නිසාත්. ඒ වගේ තමයි ශිහාන් මිහිරංග. ශිහාන් මිහිරංග ලක්ෂ 15ක් ඉල්ලන්නේ ප්‍රසංගයට එන්න නෙවෙයි. ශිහාන් මිහිරංගගේ මිල ලක්ෂ 15ක් වෙලා තියෙන්නේ ශිහාන් මිහිරංග මෙතෙක් මේ වෙනුවෙන් කරපු කැපකිරීම්වලට. ඔහුට මේ රටේ තියෙන ආදරේට. ඔහු ආපුවාම ප්‍රසංගයට ලැබෙන ආලෝකයට. ඔහු වෙනුවෙන් මිනිස්සු එන යන එකට. මේ සියල්ලත් එක්ක ශිහාන් මිහිරංග ලක්ෂ 15ක් කියලා මිලක් හදාගෙන තියෙනවා.

ශිහාන්ලටත් යම් විදියකට කාරුණික වෙන්න සිද්ධ වෙනවා. චාමරටත් කාරුණික වෙන්න සිද්ධ වෙනවා. සියලු ශිල්පීන්ට කාරුණික වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා යම්කිසි කෙනෙක් ආධාර එකතු කරන්න ප්‍රසංගයක් කරනවා නම්, රටේ වුවමනාවකට ප්‍රසංගයක් කරනවා නම්, රටේ ජාතික උත්සවයක් කරනවා නම් ඒකට නොමිලේ ඇවිල්ලා සින්දු කියන්න.

චාමරටත් විශාල චෝදනා තියෙනවා. චාමර හදවතේ ගායකයා කියලා බදාගෙන හිටියට චාමර ප්‍රසංගවලට පොලු තියන බව අපි දන්නවා. ඒ වගේම වස්තිලා මැදිරිගිරියෙදී කරපු විකාරය සහ වස්තිලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කරලා තියෙන විනය ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි ඔවුන් මහා කලාකරුවෝ, මහා ගායකයෝ කියලා හිස තබාගෙන ඉන්නවා නෙවෙයි. අපි ඔවුන්ට වන්දනාමාන කරනවා නෙවෙයි. ඔවුන්ගේ මිල කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් කරන්න තියෙන පළමු දේ තැන් තැන්වල මාධ්‍ය සංදර්ශන කරන එක නෙවෙයි. ඒ මිල ගෙවලා ඒගොල්ලන්ව ගෙන්නගන්නේ නැතුව ඉන්න එක. ඒ වෙනුවට මිල අඩුවෙන් අයකරන කෙනෙක් ගෙන්නගෙන ප්‍රසංගය කරන එක. මිල අඩුකරන්න කියලා ඒ මිනිස්සුන්ට කතා කරලා, ඒ මිනිස්සුන්ට චෝදනා කරලා, ඒ මිනිස්සුන්වම ගෙන්නගන්න හදන්නේ ඒ අයට වටිනාකමක් තියෙන නිසා. වටිනාකම නිසා ප්‍රසංගය ආලෝකවත් වෙනවා නම්, ඒ අලෝකය නිසා මිනිස්සු එනවා නම්, ඒකෙන් ප්‍රසංගය ප්‍රසිද්ධ කරගන්න පුළුවන් නම් ඒ නිසයි පිටරටවලට ගෙන්නන්නේ.

ඔවුන් චෝදනා කරනවා එකම රටට හය හත් වතාවක් ගෙන්නනවා එකම ශිල්පියාව කියලා. ඉතින් ඒ ශිල්පියාව ගෙන්නන්නේ ඒ සින්දු අහන්න මිනිස්සු කැමැති නිසානේ. ලංකාවේ ගායක ගායිකාවෝ ලැයිස්තුවක් හැදුවොත් මේ වෙනකොට ගායක ගායිකාවෝ 100ක් 200ක් පණ ඇතුව මේ රටේ ගීත ගියමින් ඉන්නවා. ඒ 100-200 ගෙන්නන්නේ නැතුව හයහත් දෙනෙක්ට විතරක් මේක ලඝු වෙලා තියෙන්නේ ඔවුන් දක්ෂ නිසා. ඔවුන්ට මේක කරන්න පුළුවන් නිසා. ඔවුන් මේ වැඩේට අවශ්‍ය නිසා. මේ ප්‍රසංග වේදිකාව කියලා කියන්නේ වෙනම එකක් නිසා. සමහර වෙලාවට ප්‍රසංග වේදිකා සංවිධායකවරු කියයි උඹලා දන්න ප්‍රසංග වේදිකාව කියලා. අපිටත් කියන්න තියෙන්නේ මහත්තයෝ ඒකම තමයි. අනේ උඹලා දන්න ප්‍රසංග වේදිකාව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තැන රාජගිරිය! ලිපිනය කෝට්ටේ! පොලීසිය වැලිකඩ! යනකොට බලාගෙනයි! Sri Lanka Latest News

Next Post

රනිල් අතිදැවැන්ත ඝාතකයෙක්! ලෝකේ ඉන්න හොඳම නිලධාරීන් ගෙන්වා හෝ දඬුවම් දෙනවා! බටලන්දේ අවසානය ගැන බිමල් පාර්ලිමේන්තුවට සහතික වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.