• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මං හොරෙක් නෙවෙයි… මං හොරෙක් නෙවෙයි…’ Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘මං හොරෙක් නෙවෙයි… මං හොරෙක් නෙවෙයි…’  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මං හොරෙක් නෙවෙයි… මං හොරෙක් නෙවෙයි… බොරු නම් අර මහත්තයගෙන් අහන්න…’ කියද්දි වැලිකඩ පොලිසිය තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. මේ කතාව මහා සංකීර්ණ කතාවක් බවට පත්වෙන්නේ එම තරුණයා අත්අඩංගුවට ගත්ත පොලිසියේදීම අවසන් හුස්ම හෙළීම නිසයි. Sri Lanka Latest News

නිමේෂ් සත්සර කියන්නේ දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු කොළඹ එන්නේ නිරූපණ ක්ෂේත්‍රයට එක්වන අරමුණින් බව ඥාතින් පවසා සිටිනවා. නමුත් නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක මාස 3ක සාත්තු සේවා පාඨමාලාවක් හදාරන්න තීරණය කරන ඔහු, ඒ ආසන්නයේ ඇති විහාරස්ථානයක නවාතැන් ගෙන තිබෙනවා. ඔහුගේ මව පවසන්නේ පසුගිය 01 වැනිදා ඔහු වෙනත් නවාතැනකට යන බව පවසා පිටව ගොස් ඇති බවයි. ඒ අතරතුර ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ නාවල ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙනුයි.

මුතුවාඩිගේ සත්සර නිමේෂ් සත්සර තරුණයා 26 හැවිරිදි වියේ පසුවූ අතර, බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු වත්තකට අනවසරයෙන් ඇතුළු වෙලා ඔවුන්ට කරදර කළා කියලා ගහලා පිරිසක් 119 හදිසි ඇමතුම් අංශය අමතා ඇමතුමක් දීම නිසයි මොහුට මේ ඉරණම අත්වෙන්නේ. මොහු සිටියේ හොඳ සිහියකින් නොවෙයි, ඔළුව හොඳ නැහැ, දඟලනවා කලබලයි, කෑගහනවා කියලා පොලිසියෙන් කී බව ඔහුගේ ලොකු අම්මා වන නිලංකා ඉඳුනිල් මාධ්‍යයට පවසා තිබුණා. මේ සිදුවීම සම්බන්ධව ගැටලුසහගත තැන් කිහිපයක්ම පවතින බව නිරීක්ෂණය වනවා.

මේ සම්බන්ධව නිමේෂ්ගේ මව පවසන්නේ මෙවැන්නකි.
‘මගේ කොල්ලා අප්‍රේල් 01 වැනිදා දවල් 11ටත් කතා කළා. හවස 3ට විතරත් කතා කළා. වෙනදා වගේම කතා කළා. පස්සේ රෑ 8.30ට විතර අපේ හිතවත් පුතෙක් වන තේනුක පුතාගෙන් කෝල් එකක් ආවා. අම්මේ මල්ලිට කරදරයක් වගේ කියලා කිව්වා. මං හොරෙක් නෙවෙයි මං හොරෙක් නෙවෙයි පොලිසියට ඕනෙ නම් එක්කන් යන්න කියලා කෑගහනවා ෆෝන් එකෙන් ඇහුණා. රෑ 8ට පමණ මම පුතාගේ ෆෝන් එකට කෝල් කළාම ඉස්සෙල්ලා උත්තර දුන්නේ පොලිස් මහත්තයෙක්. පස්සේ සර් මෙයාගේ අම්මා කියලා ඒ මහත්තයා තව කාටද ෆෝන් එක දුන්නා. පුතා එතකොට හොඳටම කෑගහනවා ඇහුණා. එක්කෝ කරදර කරන නිසා නැත්නම් ගහන නිසා වෙන්න ඇති. පුතා කිව්වේ මාව කොහේටදෝ අරන් යන ගමන් ඉන්නේ. මාව විනාශ වෙයි අම්මේ කියලා. කෝල් එක එයා කට් කළා. මම කිරුළපනට නාරාහේන්පිටට තව පොලිසියකට කෝල් කළා.’
‘මම එයාගේ අම්මා කියලා කිව්වාම එයාලා කියනවා ඇහුණා අම්මා කතා කරනවා කියලා. ආ ෆෝන් එක කියලා දුන්නාම ෆෝන් එක අරගෙන මං අම්මා සර් කිව්වාම අපි වැලිකඩ පොලිසියෙන්, මෙයාව අරන් යන ගමන්, මෙයාව කොන්ට්‍රෝල් කරගන්න බැහැ, අපි අරන් යනවා කිව්වා. මම එතකොට බුදු සර් මම හමුදාවේ අවුරුදු 20ක් ඉඳලා ආව කෙනෙක්. ඒ නිසා මගේ කොල්ලාට ගහන්න එපා මගේ මැණිකට ගහන්න එපා. මම හෙට උදේ ඇවිත් ඔතන හිටගන්නවා. මගේ පුතාව ඔහොමම තියන්න. දංවැල් දාලා හරි ගැටගහලා හරි තියාගන්න. කියලා කිව්වා. මම රෑ 1.20 ඇවිල්ලා උදේ 7.45ට පොලිසියට ආවා. මාව තියාගෙන තියාගෙන ඉඳලා මට දරුවා පෙන්නුවෙත් නැහැ. මම හිරකූඩු දිහා බැලුවත් මගේ දරුවා නැති නිසා මම ඇහුවා කෝ මගේ පුතා කෝ කියලා. ඊට පස්සේ මම චින්තක මහත්තයාගේ කාමරේ ඉස්සරහ ගිහින් හිටගෙන ඉන්නකොට මිරිහාන පොලිසියේ එස්.අයි. මහත්තයෙක්ද කොහේද ඇවිත් අහනවා අර නැතිවෙච්ච ළමයාගේ අම්මාද කියලා. එතකොට මම කිව්වා මගේ දරුවා නැතිවෙලා නැහැ කියලා. අන්තිමට මම පුටුවක ඉඳගෙන ඉන්න පුතෙක්ගෙන් ඇහුවා පොලිසියේ හිර කූඩුවේ ඉන්න කවුරුහරි මැරිලාද කියලා. ඒ පුතා කිව්වා අනේ මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ පී.සී. මහත්තයෙකුයි පොලිසියේ නෝනලා දෙන්නෙකුයි ඇවිත් කිව්වා අම්මේ එයා මැරිලා තමයි කියලා. මම 1.00ට විතර වැලිකඩ පොලිසියෙන් පුතාව මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් කළායි කියලා දැනගත්තේ. අපි ගිහින් එයාව භාරගත්ත ඩොක්ටර්ව මුණගැහුණා. ඩොක්ටර් කියනවා ළමයාව ඉස්පිරිතාලෙට ගේනකොටත් මැරිලා, පපුවේ රස්නේ විතරයි තිබ්බේ කියලා…’

නිමේෂ්ගේ බාල සොහොයුරා මෙසේ පැවැසීය.
‘මේ නැතිවෙලා ඉන්නේ මගේ අයියා. අම්මා රෑ 11ට විතර කෝල් කරනකොට අයියා කෑගහනවා ඇහුණා. ඒ අයියාට පොලිසියෙන් ගහන නිසා වෙන්න ඇති. අම්මා මට කිව්වා පුතා ඔයා ගිහින් නිදාගන්න, අපි උදේට බලමු කියලා. මම ගිහින් නිදාගත්තා. අම්මා රෑ 1ට විතර කොළඹ ගිහින් මම උදේ 5.30ට නැගිටලා ඉස්කෝලේ ගිහින් ආවේ හවස 2.30ට විතර. හවස බස් එකේ මම එනකොට ගෙදර හට් ගහලා. මම හිතුවේ ආච්චිගේ තුන් මාසෙට හට් ගහලා කියලා. බලද්දී මගේ අයියා නැතිවෙලා. මගේ අයියට තුවාල වෙන්න ගහලා. පිටේ වයර් පාරවල්. කටත් ඇදවෙලාලු තිබ්බේ. මගේ අයියට ගහපු අයව හිරේට හරි දාන්න කියලායි මං ඉල්ලන්නේ…’
මොහු පොලිස් අත්අඩංගුවට පත්වුණු බව මුලින්ම දැනගෙන තිබුණේ නිමේෂ්ගේ මිතුරකු වන තේනුක ගමගේයි.

‘රෑ 8.03ට වගේ මම මෙයාට කෝල් එකක් ගත්තා. එතකොට ෆෝන් ආන්සර් කළා මෙයා කතාකළේ නැහැ. වටපිටාවෙන් කෑගහනවා ඇහුණා මම හොරෙක් නෙවෙයි කියලා. ගොඩාක් බෙරිහන් දෙනවා වගේ තමයි කෑ ගැහුවේ. අපි පොලිසි යන්නම් බොරු නම් අර මහත්තයාගෙන් අහන්න කියලා කියනවා ඇහුණා. ඇත්තටම මානසික රෝගයක් තිබුණා නම් ඔය කෝස් එක කරන්නේ කොහොමද? එයාට එහෙම කිසිම මානසික රෝගයක් තිබුණේ නැහැ. එයාගේ බඩු ටික භාරගන්නකොට පොලිසියෙන් එයාගේ කලිසමවත් තිබුණේ නැහැ. කුණු කූඩෙන් තමයි මෙයාගේ අම්මාට ඇඳන් හිටපු කලිසම හම්බවෙලා තිබුණේ. ඒකේ කපපු කෙස් වගේකුත් තිබිලා තියෙනවා. අම්මා මේ ගැන ප්‍රශ්න කරලා තියෙනවා…’ යනුවෙන් මිතුරාද කම්පනයෙන් යුතුව මාධ්‍යයට පවසා තිබුණා.

පොලිසිය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මොහු කලහකාරී ලෙස හැසිරුණු බවයි. සිරකූඩුවේ බිත්තිවල ඔළුව හප්පාගනිමින් හැසිරුණු බවත් නිලධාරීන්ට පාලනය කරගැනීමට නොහැකි අයුරින් හැසිරුණු බවත්, ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුණු බවත් පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා. මේ සම්බන්ධව සිරකරු සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා, පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් නිමේෂ් සත්සර අත්අඩංගුවට පත්කර වධහිංසා පමුණුවා ඇති බවත්, ඔහුගේ ඇඳුම් ඉවත්කර ඇති බවත්, ඔහුගේ කලිසම හමුවී තිබුණේ පොලිසියේ කුණු බක්කියකින් බවත්, ඒ වෙනුවට වෙනත් කලිසමක් ඇන්දවා ඇති බවත් සඳහන් කර තිබුණා.
සිරකරුවන් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියා.

‘මේ පුද්ගලයාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ සැකපිටයි. මොහු ළඟ අවි ආයුධවත් වෙනත් ආකාරයක මත්ද්‍රව්‍යවත් ළඟ තබාගැනීමෙන් නෙවෙයි, හුදෙක් සැකපිට තමයි අත්අඩංගුවට ගන්නේ. ඒ මව පවසන ආකාරයට එදින රාත්‍රියේ මවටත් දුරකතන ඇමතුමක් දීලා තියෙනවා පොලිසියෙන් කරදර කරනවා කියලා. තව කිහිප දෙනකුටම දුරකතන ඇමතුම් දීලා තිබුණා තමන් මුහුණ පෑ වධහිංසා ගැන මේ හැමෝටම කියලා තිබුණා. කොහොම වුණත් පසු දින මේ පුද්ගලයාගේ මව පොලිසියට පැමිණ සොයා බැලීමේදී මොකද වුණේ මේ තරුණයාට කියලා කියන්නවත් ඔවුන් සමත් වෙලා නැහැ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වෙනකොටත් ඒ තරුණයා මියගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ඒ තරුණයාගේ දුරකතනයත් විනාශ කරලා බාගෙට කඩලා තියෙනවා. පොලිස් ස්ථානය තුළදී ඒ වෙච්ච වධ හිංසා හේතුවෙන් තමයි තරුණයා මියයන්නේ කියලා බරපතළ සැකයක් තියෙනවා. ඒ වගේම ඒකට සුදුසු තොරතුරුත් තියෙනවා. මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේදී මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතිනවා. පොලිසිය භාරයට පත්වෙන සැකකරුවන්ට වධහිංසා පැමිණවීම් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඉතිහාසයේ කරුණු රැසක් තියෙනවා. අපි හිතනවා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාටත් වගකිවයුතු අංශවලටත් කියලා තියෙනවා මේ තත්ත්ව වහාම නවත්වන්න. මේ රටේ පුරවැසියෝ විදියට සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතිඥයෝ විදියට අපි කිව්වත් පොලිස් නිලධාරීන් නීතිය කැලයට විසිකරලා අත්තනෝමතිකව වැඩකරනවා නම් ඒකට එකඟ වෙන්න බැහැ. විශේෂයෙන්ම වැලිකඩ පොලිසියේ අපි දැක්කා දැනට වසර කිහිපයකට කලින් රාජ්කුමාර් කියන කාන්තාව ඝාතනය වෙනවා. මේ වෙනකොට අධිචෝදනා ගොනු කරන්නත් කටයුතු සිදුකරමින් පවතිනවා. අපි සිරකරුවන් සුරැකීමේ කමිටුව විදියට මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරනවා. ඒ වගේම අපි පොලිස්පතිතුමාටත් පොලිසිය භාර ඇමැතිතුමාටත් දන්වා සිටිනවා මෙවැනි ආකාරයේ පොලිසිය තුළ සිදුවෙන වධ හිංසාවන් ඝාතනය වීම් වහාම නවත්වන්න කියලා. පොලිසිය මාරුවුණත් එකම දේ දිගින් දිගටම සිදුවෙනවා නම් මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්…’.

‘මේ සම්බන්ධව සාමාන්‍ය මරණ පරීක්ෂණයක් තමයි අධිකරණ නිලධාරියා විසින් සිදුකර තිබුණේ. ඔවුන් අඳුනගෙන තිබුණා තුවාල සිදුව තිබූ බවත්, නිශ්චිත තීන්දුවක් දී තිබුණෙ නැහැ ගුටිකාපු නිසයි මොහුට ජීවිතය හැරයන්න සිදුවුණේ කියලා. මරණයට හේතුව හුස්ම නතර වීම නිසා සිදුවූවක් බවයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබුණේ. ඔහු පොලිසිය තුළදී වධහිංසාවට ලක්වුණාද නැද්ද යන්නත් නිශ්චිතව නිගමනයකට ඇවිත් නැහැ. කොළඹ මහෙස්ත්‍රාත් අංක 04 තමයි මේ නඩුව පැවැත්වුණේ. ඊ/42769/25 කියන නඩු අංකය යටතේ තමයි මේ නඩුව පැවැත්වනේනේ. නුගේගොඩ කොට්ඨාස විමර්ශන අංශය මගින් තමයි මේ නඩුව විමර්ශනය සිදුකරන්නේ.’
මේ තරුණ ජීවිතයේ වටිනාකම දුක දැනෙන්නේ තමන්ගේ ආදරණීයයන්ට වගේම හදවත් කම්පනයට පත්වන මිනිසුන්ට පමණයි. ඒ මවුපියන් තමන්ගේ දරුවා වෙනුවෙනුත් සහෝදර සහෝදරියන් තමන්ගේ සහෝදරයා වෙනුවෙනුත් තමන්ගේ මිතුරා වෙනුවෙන් මිතුරන්ද හඬාවැටෙනවා. වැලිකඩ පොලිසිය ඉදිරියේ බොහෝ ජනතාවක් සාධාරණය ඉල්ලා පෙළගැසුණා. ඔවුන්ට ‌මේ ජීවිතය අහිමිවීම හීනයක් වගෙයි. ඒ පැහැරගත් ජීවිතය වෙනුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ලබාදෙන්න කියලායි.
ඒ බැනර්වල සටහන් වූයේ ‘පොලිස් භීෂණය මර්දනය කරනු’ ‘පොලිස් ප්‍රචණ්ඩත්වයට තිත තබනු’ ‘වැලිකඩ පොලිසියක්ද? වධකාගාරයක්ද?’ ‘මල් පිපෙන්නේ කාකි සපත්තුවට පෑගෙන්න නෙවෙයි’ ‘පොලිස් රාජ්‍යයේ තවත් බිල්ලක්’ යනුවෙනි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේද වැඩ තහනම් කළ බවත් ප්‍රකාශ වුණා.
සත්සරගේ අවසන් කටයුතු පසුගිය 05 වැනිදා මීගහකිවුලේදී සිදුකෙරුණා. බැනරයක සටහන් වූයේ මෙවැනි දුක්මුසු සටහනකි.

‘සිනහ පිරි මුව කමල
නොමැත කිසි වගක් අද
නුඹ නිසා හඬන සැම
නොදුටු සේ ඉඳිනු කිම

තුන් සිතම සනහාලූ
හද භරිත කරුණාව
සිහි නැගෙන හැම වරම
කෙලෙස වාවනුද හද

සුන්දරම දිවි මගක
සිහින මැවු සොඳුරු රුව
හෙට දසුන නොවන බව
කෙසේ අදහනු ද අප

දිනූ බිම නෑසියන්
ළබැඳි හදවත් වෙතින්
සදහටම සමු අරන්
නුඹ කොහේදෝ ගිහින්…..’

මේ ඛේදනීය ඉරණම පිළිබඳ අපට අහන්න තියෙන්නේ පොලිසියට ඇතුළත් කරන කෙනකු අසනීපයක් වුණොත් ඔහුගේ ජීවිතය අනතුරේද? මේ තරුණයාව පොලිසිය භාරයට පත්වෙනකොට කිසියම් පහරකෑමකට ලක්වෙලා තියෙන්නට ඇති. පොලිසියට මේ පුද්ගලයා රැගෙන ගියාට පස්සේ ඇයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකළේ කියන දේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. පොලිසිය කොහොමද තීරණය කරන්නේ මොහුට තියෙන්නේ මානසික රෝගයක් කියලා? මානසික රෝග ඉතිහාසයක් නැති මොහුට හිටිහැටියේ කොහොමද පොලිසියට ගෙනගියාම මානසික රෝගයක් හැදුණේ? මානසික රෝහලට ඇතුළත් කරන්න කලින් රෝහලකට ඇතුළත් කරලා වෛද්‍ය නිර්දේශ මත නොවේද මානසික රෝහලට ඇතුළත් කළ යුතුව තිබුණේ? හිසේ සිරුරේ කලවා ප්‍රදේශයේ තැළීම් තිබූ බවට දැනටමත් වෛද්‍ය වාර්තා තියෙනවා. මොහු මියගිහින් තියෙන්නේ රාත්‍රී 12න් පස්සේ. පොලිසියට ගෙනාවේ රාත්‍රී අටකුත් ගානකට. ඒ වෙනකල්ම පොලිසියෙන් මේ පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය ගැන සොයා බලලා නැති බවටයි චෝදනා එල්ල වෙන්නේ. මේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු සෙවිය යුතුයි. මොහුගේ ඇඳුම ඇයි ගැලෙව්වේ? කවුද ගැලෙව්වේ? වැනි කාරණා සෙවිය යුතුයි. මොකද පොලිස් අත්අඩංගුවට පත්වෙන තවත් පුද්ගලයකුට මෙවැනිම අසාධාරණයක් ඉදිරියේදී සිදු නොවන්නට පොලිසියට වගකීමක් තියෙනවා තමන්ගේ අතේ තියෙන ජීවිත ආරක්ෂා කරගැනීමට. ඉදිරියේදී මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයිද? එහෙම නැත්නම් මේ තරුණයාගේ ජීවිතයත් තවත් එක් නොවිසඳුණු මරණයක් සේ වැළලී යයිද?

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එදා කැරැල්ලෙදි මියගිය සහෝදරවරු කිව්වේ අපි කරන මේ අරගලය හරි කියලා අනාගත පරම්පරාව කියයි කියලා! අනේ ඒ අනාගත පරම්පරාව බලය අරන් කියනවා 87 ඉන්දියාවට ගැහුවේ අපරාදේ කියලා! ගිවිසුම්වලට බොරුවටනෙ විරුද්ධ වුණේ කියලා! කියපු එකයි කරන එකයි අතර පරතරය මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

බටලන්ද විවාදය අස්සේ ජනපති ප්‍රේමදාස විජේවීර්ට යවපු ලියුම පාර්ලිමේන්තුවට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.