• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් බදු ගහනවා කියලා ලෝකෙම දන්නවා! ඒක ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තියෙනවා! හැබැයි මාලිමා ආණ්ඩුව ඒ ගැන දන්නෙත් නෑ! ඒකට මුහුණ දෙන්න වැඩපිළිවෙළකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

April 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අප රටේ අපනයන ක්ෂේත්‍රය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ අවස්ථාව නොමැති බවත් අප්‍රේල් 9 වැනිදා වන විට ප්‍රතිචාරක බදු 44%ක් අප රටින් ඇමෙරිකාවට යන අපනයන වෙත පනවන්න යෝජිත බවත් මේ කරුණ ගැන මුළු ලෝකයම දැන ගෙන සිටියත් අපේ රජය ඒ ගැන නොදැන සිටීම පුදුමයට කරුණක් බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වූයේ විශිෂ්ට අමෙරිකාවක් බිහි කිරීම බවත් ඒ යටතේ ඔහු මේ බදු පනවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ සම්බන්ධයෙන් සදහන් කර තිබූ බවත් අප රටේ රජය ප්‍රතිපත්ති ප්‍රකාශ අමතක කළාට ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බවත් මේ බදු නිසා අප රටට බරපතල හානියක් වන නිසා මේ ගැන අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ අවස්ථාවේ දූත පිරිස් යැව්වා යැයි පිළිතුරු දුන්නත් මේ සම්බන්ධයෙන් අද ප්‍රශ්න කරන විට රජය නිරුත්තර වී ඇති බවත් මෙහි දී අනුගමනය කළ යුතු යෝග්‍ය උපක්‍රම ගැන පවා අදහස් ඉදිරිපත් කරන විට එදා මෙන්ම අදත් රජය බාධා කරමින් සිටින බවත් 44%ක් ප්‍රතිචාරක බදු වදිනවාට වඩා රජයට ස්ථාවර නියෝග පොත ලොකු වී ඇති බවත් මේ පොත උපයෝගී කර ගෙන බලහත්කාරයෙන් විපක්ෂයේ කටවල් වහන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මුළු අපනයන ඇ. ඩොලර් බිලියන 12.7න් වැඩිම අපනයන ප්‍රමාණයක් එනම් 22.8%ක් යන්නේ අමෙරිකා එක්සත් ජනපදයට බවත් එය මිලියන 2911ක් බවත් මේ අපනයන අතරින් ඇගලුම් ක්ෂේත්‍රයෙන් විතරක් ඇ. ඩොලර් බිලියන 1885ක් එනම් 64%ක් ඇති බවත් ඒ අතර රබර් ඇ. ඩොලර් මිලියන 328ක්, පොල් ඇ. ඩොලර් මිලියන 73ක්, ඇක්ටිවේටඩ් කාබන් ඇ. ඩොලර් මිලියන 49, තේ ඇ. ඩොලර් මිලියන 48ක්, අයන් ඇ. ඩොලර් මිලියන 48ක් සහ කුරුදු ඇ.ඩො.මි. 29ක් ඇති බවත් ඇගලුම් අපනයනවලින් 38-40% අතර ප්‍රමාණයක් ඇමෙරික එක්සත් ජනපදයට යන බවත් මේ දත්ත ගැන රජයට අවබෝධයක් ඇත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අගය මත එකතු කළ බදු සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ඇමරිකාවේ වෙළෙද ප්‍රතිපත්තියට යම් බලපෑමක් සෙනට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යම් බලපෑමක් කළ හැකි බවත් ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව මේ බලය පැවරී ඇති බවත් නීති සකස් කරන්න වෙළෙද ගිවිසුම් අනුමත කරන්න පවා හැකි බවත් ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වීයව බදු පනවන් හැකියාව තිබුණත් මොවුන්ට බලපැම් කළ හැකි නිසා ආණ්ඩුව මේ ගැන සොයා බැලිය යුතු බවත් සෙනට් එකේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ශ්‍රී ලාංකේය නියෝජිතයන් සිටිනවාද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කඩිනමින් දූත කණ්ඩායමක් යවන්න

දූත කණ්ඩායම් යා යුත්තේ කාලවකවානුවකට නොව ප්‍රශ්න විසදන තුරු සාකච්ඡා පැවැත්විය යුතු බවත් මේ වන විට සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය එකතු වී මේ වෙළෙද ප්‍රතිපත්තිය ගැන නව නීතියක් ගෙන ඒමට සූදානම් බවත් ඒ හරහා ජනාධිපතිවරයාට අත්තනෝමතිකව බදු පැනවීමේ අයිතිය කොංග්‍රස් එකේ අනුමැතියක් ලබා ගත යුතු බවත් එම නිසා මේ දූත කණ්ඩායම් මොවුන් සමග සාකච්ඡා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය රජය ලකුණු ලබාගන්න 2033 ණය ගෙවන්න තිබූ අවස්ථාව 2028ට අඩු කළා

අප රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික සබදතා ඔස්සේ භෞතිකව ඇමෙරිකානු නියෝජිතයන් හමුවිය යුතු බවත් ලියුම් යැවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් 44%ක ප්‍රතිචාරක බදු පැනවීම අප රටේ අපනයන ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල වන බවත් සෑම ක්ෂේත්‍රයකටම බරපතල හානියක් සිදුවන බවත් මේ බදු නිසා කර්මාන්ත ක්ෂේත්‍ර කඩා වැටී රැකි රක්ෂා අහිමි වී ආදායම් අඩු වී ආර්ථිකය කඩා වැටී 2028 ණය ගෙවීම පවා අමාරු වන බවත් අයිඑම්එෆ් එක 2033 සිට ණය ගෙවන්න යෝජනා කළත් පසුගිය රජය ජනාධිපතිවරණයේ ලකුණු ලබා ගන්න එය 2028 සිට අඩු කර ඇති බවත් මේ සදහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සර්ව පාක්ෂික සමුළුවක් වහාම කැදවන්න

ඉන්දියාව ඇගලුම් ක්ෂේත්‍රයට හා අනෙකුත් අපනයන ක්ෂේත්‍රයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස තමා ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේ යෝජනා කළ බවත් පක්ෂ විපක්ෂ ජාති ආගම් කුලමල පන්ති තරාතිරම් භේදයකින් තොරව මේ සදහා මුහුණ දිය යුතු නිසා සියලුම පක්ෂ කැදවා පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් බරපතල ආර්ථික ව්‍යසනයක් නිර්මාණය වෙන්න පෙර එකමුතුභාවයෙන් යුක්තව මේ මොහොතේ පොදු ස්ථාවරත්වයක් මත කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

CIDය ගෝඨාගේ කතරගම ගේ පස්සේ දිගටම දුවයි! කතරගම හිටපු සභාපති අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

වැලිකඩ පොලිසිය ඇතුළෙදි මරණයට පත්වූ තරුණයාගේ සිරුර ගොඩගන්න නියෝගයක්! සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.