• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමතක කරමුද බොන්ඩ්ගේ කතා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 20, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අමතක කරමුද බොන්ඩ්ගේ කතා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දූෂණය ප්‍රධාන මාතෘකාවක් වුණා නම් ඒ 1994 මහ මැතිවරණයේදීය. ඒ මහ මැතිවරණයේදී චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලනිපය වේදිකාවල කීවේ දූෂිතයන් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් හම ගහනවා කියාය. එම මැතිවරණයේදී චන්ද්‍රිකා සහ ශ්‍රීලනිපය වසර 17ක යූ.ඇන්.පී. පාලනයට එරෙහිව දූෂණ චෝදනා ලැයිස්තුවක් ඉදිරිපත් කළහ. ඉන් ප්‍රධාන චෝදනාවක් වූයේ එයාර් බස් මිලට ගැනීමේ ගනුදෙනුවය. දෙවැන්න හිල්ටන් හෝටල් වංචාවය. පුත්තලම සිමෙන්ති කම්හල පෞද්ගලීකරණයේදී සිදුවූ දූෂණයද මේ ලැයිස්තුවේ ප්‍රධාන තැනක් ගනු ලැබීය. චන්ද්‍රිකා ඇතුළු ශ්‍රීලනිපය පොරොන්දු වූයේ මෙම ගනුදෙනු අවලංගු කොට දූෂිතයන්ට දඬුවම් දෙනවා කියාය.
මිනිස්සු දූෂිතයන්ව ගෝල්ෆේස් එකට ගෙනැවිත් හම ගහනවා බලන්න පොදු පෙරමුණට ඡන්දය දුන්හ. වැඩි කාලයක් ගියේ නැත. එයාර් බස් ගනුදෙනුව කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක විය. ප්‍රේමදාස ආණ්ඩුව ඇනවුම් කළ එයාර් බස් ගෙනාවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවය. ආණ්ඩුව කීවේ ජාත්‍යන්තර නීති රීතිවලට අනුව එම ඇනවුම් වෙනස් කළ හැකි බවය. එම ගනුදෙනුව සම්බන්ධයෙන් 1994 මහ මැතිවරණයේදී පොදු පෙරමුණ චෝදනා කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පාස්කරලිංගම්ට මයිලක හානියක් වූයේ නැත. හිල්ටන් හෝටලයේ වංචාව ගැනත් 1994 මහ මැතිවරණයට පසු චන්ද්‍රිකාගේ ආණ්ඩුව කටෙන් කෙළ බිඳක් හෙළුවේ නැත. ලොකුම විහිළුව වූයේ සිමෙන්ති කම්හල පෞද්ගලීකරණයේදී සිදුවූ වංචාව ගැන චෝදනාවය. යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ සිමෙන්ති කම්හල තවක්කාල් නමැති සමාගමට දෙන්න යෝජනා වී තිබිණි. 1994 මහ මැතිවරණයේදී මෙම පෞද්ගලීකරණ ගනුදෙනුවේදී අතිවිශාල මුදලක් අත යට හුවමාරු වී ඇති බව චන්ද්‍රිකාගේ පෙරමුණ කීවේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තවක්කාල් සමාගමට ගනුදෙනුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වය. එහිදී ලංකාවේ නියෝජිතයා තවක්කාල් සමාගමෙන් ගනුදෙනුව ඉදිරියට ගෙන යන්න ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් මුදල් ඉල්ලන බවට වූ පටිගත කරන ලද කැසට් පටියක් එළියට එනු ලැබීය. මෙම කැසට් පටියේ සංවාදය මාධ්‍යවල පළවිය. මේ ගැන වහාම විමර්ශනයක් කරන ලෙස එවකට විදේශ ඇමැති කදිරගාමර් ජනාධිපතිනි චන්ද්‍රිකාට ලිපියක් ලීවාය. අවසානයේ එම හඬ පටිය සහ කදිරගාමර්ගේ ලිපිය පදනම් කරගෙන එවකට විපක්ෂයේ සිටි එජාපය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබීය. පහත දැක්වෙන්නේ ඒ විශ්වාසභංග යෝජනාවේදී එවකට විපක්ෂ මන්ත්‍රි අනුර බණ්ඩාරනායක කළ කතාවය.
“ආණ්ඩුව බලයට පැමිණීමට දේශපාලන වේදිකාවට නැඟලා ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියේ මේ රටේ දූෂණය සහ වංචාව නැති කරන බවටත්, විනිවිද දක්නාසුළු පරිපාලන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කරන බවටත් පොරොන්දු වෙමින්. තමුන්නාන්සේලා කියා සිටියා එවැනි වැරැදවලට අහුවෙන අය ගෝල්ෆේස් පිටියට ගෙනහිල්ලා එල්ලා දමන බව. නමුත් ආණ්ඩුවේ වැදගත් ඇමැතිවරයෙක් එවැනි තත්ත්වයක් ගැන කරුණු පෙන්වා දුන් ලිපියක් ගැන මේ ආණ්ඩුව නිහඬව ඉන්නවා. තමුන්නාන්සේලා දේශපාලන වේදිකාවේ කියූ දේවල්වලට ඇත්ත වශයෙන්ම කැපවී ඉන්නවා නම් දෙවියන්ගේ නාමයෙන් මම අසා සිටිනවා මෙතෙක් කාලයක්, මාස ගාණක් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිහඬවම සිටියේ ඇයි කියලා? අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විභාග කරන්නට කියලා තියෙන්නේ මේ සිද්ධිය සිදුවී ඒ පිළිබඳ කරුණු හෙළිවී මාසෙකුත් දින 17ක් ගිය පසුවයි. ඒ නිසා අපි අහන ප්‍රශ්නෙට කෙළින්ම උත්තර දෙන්න. පාර දිගේ පෝස්ටර් ගැහීමෙන් වැඩක් ඇත්තේ නැහැ. තමුන්නාන්සේලාගෙ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව කියා තිබෙනවා, තමුන්නාන්සේලා බලයට පැමිණියාම සමාජ වටිනාකම නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන දූෂණය සහ වංචාව නැති කිරීම අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය නම් ස්ථිර අල්ලස් කොමිසමක් සංස්ථාපනය කරන බවටත්. මේ ප්‍රශ්නය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට පොදු පෙරමුණු පක්ෂය සිය මැතිවරණ ප්‍රකාශයේ පිටු 4ක් වෙන් කරලා තියෙනවා. නමුත් අද බොහොම වෙලාවට සිද්ධ වෙන්නේ මේ දැලට අහුවෙන්නේ පුංචි හාල්මැස්සෝ. තෝරු මෝරු ඔක්කොම බේරිලා යනවා. තමුන්නාන්සේලා වෙනත් කාරණා සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් නීති මඟින් කටයුතු කරනවා. ඉරිදා පත්තරවල යම්කිසි ලිපියක යම් අඩු ලුහුඩුකම් සහිතව පළවෙලා තිබුණොත් ඒ පුවත් ලේඛකයන් උසාවියට ගෙන යෑමට එහෙම නැත්නම් සී.අයි.ඩී.ය මඟින් ප්‍රශ්න කිරීමට ගෙනයෑමට තමුන්නාන්සේලාගේ පාලනය බොහෝදුරට යුහුසුළු වෙනවා. සන්ඬේ ටයිම්ස් පත්‍රයේ තමුන්නාන්සේලාගේ නායකයෙක් ගැන කියා තිබුණු කාරණයක් ගැන පැය 24ක් ගතවෙන්නට කලින් සී.අයි.ඩී. මඟින් ප්‍රශ්න කෙරුවා. ඉතින් මං අහන්නේ තමුන්නාන්සේලාගේම ඇමැතිවරයෙක් පෙන්වා දීලා තිබෙන අල්ලස් සහ දූෂණය පිළිබඳ චෝදනාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නට මේ තරම් ප්‍රමාද වෙලා ඉන්නේ ඇයි කියලා. තමුන්නාන්සේලා ලසන්ත වික්‍රමතුංගව, සිංහ රණතුංගව ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගත්තා. නමුත් මේ රුපියල් මිලියන 30ක් සාක්කුවේ දාගත්තු මෝරා පිළිබඳ කරුණු විමසීමට මාසෙකුත් දවස් දාහතක් ගත්තා. මෙය ඉතාමත්ම නින්දිත ක්‍රියාමාර්ගයක්.”
අනුරගේ මේ කතාව අද හරියටම රාජපක්ෂ ආණ්ඩුවට ගැලපෙන්නේ මහ බැංකු මංකොල්ලය නොහොත් බොන්ඞ් ගනුදෙනුව ගැන ආණ්ඩුව අද මුනිවත රකින ආකාරය දිහා බලන විටදීය.
“කේ.පී.ව වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලාගෙන ආවා නම් ආණ්ඩුව මේ ඡන්දයෙන් ගොඬේ ගොඩ…”
මේ ගෝඨාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් වෘත්තිකයෙක් කී කතාවය.
ඇත්තටම මහින්දගේ ආණ්ඩුව කේ.පී.ව කුදලාගෙන ආවේ කොටි රාජධානියක් වූ මැලේසියාවෙන්ය. මැලේසියාව ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. තිප්පොළක් විය. හේතුව මැලේසියාවේ දමිළ දේශපාලනඥයන්ව එල්.ටී.ටී.ඊ.ය විසින් නඩත්තු කිරීමය. මේ බව දැන දැනම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොටි ගුහාවට රිංගා කේ.පී.ව කුදලාගෙන එන මෙහෙයුම සැලැසුම් කළේය. ඒ සඳහා මැලේසියාවේ බුද්ධි අංශවල සහායද ලැබිණි. කේ.පී.ව කුදලාගෙන ඒම ප්‍රභාකරන්ව ඝාතනය කිරීමටත් වඩා වීර වික්‍රමයකි.
“බොන්ඞ් වංචාවට සම්බන්ධ සියල්ලන්ව නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දීමට ක්‍රියා කරමි…”
මේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පොරොන්දුවකි.
“ආණ්ඩුවට බොන්ඞ් එක අමතක වුණාට මිනිසුන්ට අමතක වෙලා නැහැ…”
මේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ උදේ, දිවා, රෑ මාධ්‍යවලින් බොන්ඞ් හොරු ගැන පොදුජන පෙරමුණ කී කතා මතක් කරමින් බොන්ඞ් වංචාව පට්ටා ගහපු හැටි මතක් කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් කී කතාවය.
ඇත්තටම ආණ්ඩුව මහ මැතිවරණයට දින නියම කළේ සටන් පාඨ දෙකක් අතැතිවය. පළමුවැන්න බොන්ඞ් වංචාවය. දෙවැන්න පාස්කු ප්‍රහාරයය. ආණ්ඩුව සැලැසුම් කළේ මැතිවරණය යද්දී බොන්ඞ් වංචාකරුවන්ව උසාවි ගෙන එන්නටය. අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන ඒමේ උත්සාහය වේගවත් කිරීමටය. ආණ්ඩුව මේ සියල්ල සැලැසුම් කළේ රනිල් යූ.ඇන්.පී. නායකයා ලෙස සජිත් සමඟ එක්වී මහ ඡන්දයට එයි කියන පදනම යටතේය. ඒත් යූ.ඇන්.පී.ය දෙකඩ විය. මේ දෙකඩ වීමේදී ආණ්ඩුව සහය දක්වන්නේ සජිත්ගේ සමඟි ජන බලවේගයට නොව රනිල්ගේ යූ.ඇන්.පී.යටය. මේ වේලාවේ බොන්ඞ් ගනුදෙනුව කරළියට ගෙන ආවොත් එය රනිල්ගේ යූ.ඇන්.පී.යට අවාසි සහගත වෙන බවත්, සජිත්ගේ සමඟි ජන බලවේගයට වාසි වෙන බවත් ආණ්ඩුව දනී. ඒ නිසා ආණ්ඩුව බලන්නේ සජිත්ගේ සමඟි ජන බලවේගය විනාශ කරන්න රනිල්ගේ යූ.ඇන්.පී.ය පාවිච්චි කරන්න බොන්ඞ් නොහොත් බැඳුම්කර වංචාව මිනිසුන්ට අමතක කරවීමය. අනෙක් අතට ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය කරළියට ගෙන එන්නත් බැරි වී ඇත්තේ මෛත්‍රිපාල පොදුජන පෙරමුණු සන්ධානයේ සභාපති නිසාය. පාස්කු ප්‍රහාරය කරළියට ගෙන එනවා නම් ආණ්ඩුව පන්නන්න ඕනෙ මෛත්‍රිපාල පසුපසය. ඒත් මෛත්‍රිපාලව රෙද්ද අස්සේ දමාගෙන පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාල පස්සේ පන්නන්න බැරිය.
ඇත්තටම 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට වුණේ මේ සන්තෑසියමය. 1994 මහ මැතිවරණයේදී චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ දූෂණ භීෂණ චෝදනා එල්ල කළේ ප්‍රේමදාසවාදීන්ටය. 1994 යූ.ඇන්.පී. නායකත්වයට පත්වූ රනිල් ප්‍රේමදාසවාදීන්ව කොන් කළේ මේ චෝදනාවලින් නිදහස් වෙන්නටය. මෙයින් අමාරුවේ වැටුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවය. යූ.ඇන්.පී.යේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වූ විජයපාල මෙන්ඩිස්ගේ ඉඩම් සහ බස් වංචාවලට දඬුවම් දෙන්න කියා චන්ද්‍රිකාගේ ආණ්ඩුව විජයපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව හිතුවේ විශ්වාසභංගයේදී යූ.ඇන්.පී.ය විජයපාලගේ පව් හෝදන්න ගිහින් ඇන ගනී කියලාය. රනිල් විජයපාලව ආරක්ෂා නොකිරීමට තීරණය කළේය. අන්තිමේදී යූ.ඇන්.පී.යේ ලොකුම දූෂිතයා යැයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව හංවඩු ගහපු විජේපාල ආණ්ඩුවට එක්විය. මෙලෙස චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇඹිලිපිටිය සිසු ඝාතනයට චෝදනා එල්ල කළ නන්ද මැතිව්ද ආරක්ෂා කිරීම රනිල් ප්‍රතික්ෂේප කළේය. ඔහුද ආණ්ඩුවට එක්විය. අන්තිමේදී 1994 මහ මැතිවරණයේදී ගෝල්ෆේස් එකට ගෙනැවිත් හමගහනවා යැයි චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ කී දූෂිත ලැයිස්තුවම චන්ද්‍රිකාගේ ආණ්ඩුවට සම්බන්ධ වී ඇමැතිකම් ගත්හ.
ලොකුම විහිළුව භීෂණයේ පියා යැයිද රන්ජන්, කොබ්බෑකඩුව, විජය විමලරත්න, ක්ලැන්සි ප්‍රනාන්දු, ලලිත්, ප්‍රේමදාස, ගාමිණී ඝාතනය කළාය කියා ආණ්ඩුවම චෝදනා කළ සිරිසේන කුරේ ආණ්ඩුවටම වීරයෙක් වීමය. හේතුව රනිල් කුරේව පක්ෂයෙන් ඉවත් කර තැබීමත්, කුරේ රනිල්ව දැඩි සේ විවේචනය කිරීමත් නිසාය.
“අද බොන්ඞ් එකටත් ඒකම වෙයිද…?”
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ගෝඨාභයට ඡන්දය දුන්න මිනිස්සු නම් කියන්නේ ගෝඨාභය කියන්නේ චන්ද්‍රිකාලා වගේ දේශපාලනඥයෙක් නොවේ කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කරුණාගේ කතාවකින් මහා ගින්නක් (VIDEO)

Next Post

මහද්වීපයක් වූ ලංකා දූපතක් වුණේ කොහොමද

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.