2011 ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු මුදල් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති ප්‍රකාශයෙන් ලංකාවේත්, ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේත්, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේත් කීර්තිය විනාශ වී ගොස් ඇති බව හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග අවධාරණය කරයි.
හෙතෙම පෙන්වා දෙන්නේ එවන් සිදුවීමක් වී ඇති නම් ඒ පිළිබද සියලු තොරතුරු හෙළිදරව් කළ යුතු බවකි.
එසේත් නැතිනම් මෙවැනි දේශපාලඥයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවද මාලිංග පෙන්වා දෙයි.










