• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන ජීවිතය හා පරිසර විනාශයි! එදා සාම්පූර් නරකයි – අද සාම්පූර් හොඳයි! ජවිපෙට මොකක්ද මේ වුණේ? Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ජන ජීවිතය හා පරිසර විනාශයි! එදා සාම්පූර් නරකයි – අද සාම්පූර් හොඳයි! ජවිපෙට මොකක්ද මේ වුණේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සාම්පූර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය පිහිටුවීමේ ගිවිසුම ශ්‍රී ලංකා රජය විසින් අස්සන් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට පෙලඹවීම සඳහා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු තවදුරටත් පවසා සිටියේ ‘මෙම ගිවිසුම අස්සන් කිරීම පැහැදිලිවම ආචාර්ය මන්මෝහන් සිං මහතාට ලබාදුන් අල්ලසක්’ බවයි….’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? ශ්‍රී ලංකාවට අදාළව එක්තරා සුවිශේෂ විෂයක් ගැන මෙවැනි කතාවක් කියා සිටින්නේ කවරකු විසින්ද? මෙහි වතගොත අපි සොයා බලමු. මෙම කතාව අපට ඇසෙන්නේ මෑත දිනයකදී නොවේ. මෙම පුවත අපට දකින්නට හැකි වන්නේ 2013 ඔක්තෝබර් මාසයේ 10 වැනිදා එක්තරා ප්‍රධාන පුවත්පතක මුල් පිටුවේ පළවූ පුවතක් හරහාය. එනම් මෙයට හරියටම වසර 12කට ආසන්න කාලයකට පෙරදීය. එම පුවත හරහා අපට පැහැදිලිවම පෙනී යන්නේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සුවිශේෂ පුද්ගලයකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. මෙම පුද්ගලයා වෙනත් කවරකුවත් නොව, එකල ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ, වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය හොබවන අනුර කුමාර දිසානායක මහතාය. ඔහු එකල මෙරට තුළ මහත් කතාබහකට ලක්වුණු ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට සැලසුම් කළ ත්‍රිකුණාමලයේ සාම්පූර් ගල්අඟුරු බලාගාරය ආශ්‍රිත කරගෙන එම ප්‍රකාශය සිදුකර තිබිණි. එනම් එකල මෙම විදුලි බලාගාරය ඉදිකිරීම ගැන විවිධ පාර්ශ්ව හරහා විවිධ මතිමතාන්තර පළවූ සමයක් විය. මෙහිදී එම චෝදනා සහ විරුද්ධතා ප්‍රකාශ කළ ප්‍රධානතම පාර්ශ්වයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණයි.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී එතැනින් (2013) තවත් වසර 03ක් පමණ ගතවූ තැන එනම් 2016 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේදී මෙරට පුවත්පත් තවත් සුවිශේෂ පුවතක් වාර්තා කරන්නට ගත්තේය. එකල එය සමහර පුවත්පත් තම ප්‍රධාන සිරස්තලයෙන්ද වාර්තා කළ අතර, එම සිදුවීම ප්‍රධාන රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශයට පත්විය. මාධ්‍ය ආයතන මෙම පුවත වාර්තා කරන්නේ මේ ආකාරයටය.
‘සාම්පූර් බලාගාරය ඉදිකිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්…’ යනුවෙන් එම සිරස්තලය වූ අතර, එම පුවත තවදුරටත් මෙසේ කියා සිටියි.

‘සාම්පූර් විදුලි බලාගාරය ඉදිකිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රමුඛ නැගෙනහිර ජනතා හඬ නමැති සංවිධානය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එහි ප්‍රධානතම වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම්කර තිබේ. ඔහුට අමතරව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් තිදෙනකුද නම්කර ඇත. නැගෙනහිර ජනතා හඬ සාමාජිකයන් සමග කොමිසමට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම් කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසුවේ පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන වගඋත්තරකරුවකු ලෙස නම්කරමින් සාම්පූර් බලාගාරය ඉදිකිරීමට එරෙහිව අදාළ පැමිණිල්ල ගොනුකළ බවයි. මෙම බලාගාරය ඉදිකළහොත් එම පළාතේ ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ඔහු පැවැසීය. ඔහු එම අර්බුදය මේ ආකාරයෙන් ගෙනහැර දැක්වූයේය.

● බහුතරයක් ධීවරයන් වන ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායක් උපයා ගැනීමේ අයිතිය උල්ලංඝනය වී ඇති අතර, ජීවනෝපාය අහිමි වීම සිදුවනු ඇත.
● නිසි පරිසර තක්සේරු අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතියට හරිත (කොළ) එළියක් ලබාදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.
● මෙම බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ වගාකරන ලද කුඹුරු අක්කර 2000ක් සහ හේන් ඉඩම් අක්කර 1,500ක් පමණ විනාශයට පත්වනු ඇත. මෙම ඉඩම් බලාගාරය ඉදිකිරීම සඳහා එම කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
● ධීවර, පශු සම්පත් සහ කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය සඳහා අවස්ථා සපයන කුඩා වැව් 12ක් මෙම ප්‍රදේශය තුළ පිහිටා ඇත. ඒ හෙයින් පරිසර අධ්‍යයනයක් සිදුකළ යුතුය.
● යුද්ධය පැවැති සමයේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය පසු රජය විසින් ඉඩම් අතහැර දමා ඇති බවට නිගමනයකට පැමිණීමෙන් පසු බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එහෙත් දැන් බහුතර ජනතාවක් එහි පැමිණ නැවත එම ඉඩම් වගාකර සංවර්ධනය කර ඇත.

දැන් ඔබ මෙම කතාවෙහි යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව තුළ ඉතා ආන්දෝලනාත්මක විෂයක් බවට පත්වී තිබෙන සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම යන මාතෘකාව මෙසේ නැවත කතාකිරීමට හේතුවූයේ ඇයි? එයට හේතුව නම් මෙයට දින කීපයකට ඉහතදී අපට අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ පුවතකි. එම කතාව කුමක්ද? එය නම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නවතම ශ්‍රී ලංකා නිල රාජ්‍ය සංචාරයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනාවක් මත ඉන්දීය අගමැතිවරයා මෙම අප්‍රේල් 04 සිට 06 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකිරීමට කටයුතු යොදා තිබිණි. මෙම පුවත්පත් ලිපිය ‘මව්රට’ පුවත්පතේ පළකෙරෙන විටදීද එම සංචාරය මෙරට තුළ සිදුවෙමින් පවතී. මෙම රාජ්‍ය සංචාරය සිදුකෙරෙන්නේ කුමන අභිමතාර්ථ මතදැයි පසුගියදා කරුණු හෙළිකෙරී තිබිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර සිදුකෙරෙන ව්‍යාපෘතීන් කිහිපයකට ගිවිසුම් අස්සන් කිරීම සිදුකෙරෙනු ඇතිය. මෙහිදී ප්‍රධානතම ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ ඉහත මෙහි සඳහන් කළ සාම්පූර් විදුලි බලාගාර ව්‍යාපෘතියයි. මෙයට වසර 12කට පෙරදී එකල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල ලෙස විරෝධතාවක් දැක්වූයේ මෙම ව්‍යාපෘතියටයි. එනම් එවිට ඔවුන් එය ඉන්දියාවට දැඩි විරෝධතාවක් දක්වමින් නීතිමය මාර්ගවලින්ද කටයුතු කළේය. ඒ අනුව එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර කෙටි කාලයක් තුළදී එම ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට එකල රජයට පියවර ගැනීමට සිදුවිය. එකල මෙසේ දේශපාලන පක්ෂ සහ යම් පරිසර සංවිධාන විසින් ගොනුකරන ලද විරෝධතා පෙත්සම්වලට අනුව අධිකරණ නියෝගයන් මතද ව්‍යාපෘතියේ කටයුතු නවතා දමනු ලැබුවේය. දැන් එසේ නම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී මෙම තත්ත්වය කණපිට හැරන්නේ කෙසේද? එකල ප්‍රබල විරෝධතා දැක්වූ ජනතා විමුක්ති පෙරුමණ නොහොත් වත්මන් ජාතික ජන බලවේග රජය සහ එහි නායකයන් දැන් එම විරෝධතා පසෙකලා ඉන්දීය රජයට සහාය දක්වන්නේ කෙසේද? එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදුව ඇත. මෙවර ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී සිදුකෙරුණු ප්‍රධානතම කාර්යය වශයෙන් සැලකුණේ මෙලෙස නවතා දැමුණු සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමයි. ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය ඒ සඳහා අවශ්‍ය නිල ගිවිසුම් අස්සන් කරනු ලැබුවේය. එම කටයුතු සියල්ලක් සිදුවූයේ ඉන්දීය අගමැතිවරයාගේ සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධාන සහභාගිත්වය යටතේය.

මෙලෙස ප්‍රබල චෝදනාවන්ට සහ විරෝධතාවන්ට ලක්වුණු ත්‍රිකුණාමලයේ සාම්පූර් විදුලි බලාගාරය පසුකාලීනව නැවත ඉදිකිරීමට යෙදුණේ එහි ක්‍රියාවලියේ යම් සුවිශේෂ වෙනස්කම් සිදුවීම් හරහාය. එම පියවර කුමක්දැයි අපි දැන් මෙලෙස සොයා බලමු.

● මෙම ගිවිසුම ප්‍රථම වරට 2006 වසරේදී මෙගාවොට් 500ක ගල්අඟුරු විදුලි බලාගාරයක් ලෙසට ගිවිසුම් අස්සන් කරන ලදී. ශ්‍රී ලංකා රජයන් සහ ඉන්දීය රජයන්ගේ පරිවර්තනයන් යටතේ එහි කටයුතු කාලීනව ප්‍රමාදයට පත්විය.
● විවිධ මතිමතාන්තර සහ විරෝධතා හේතුවෙන් මෙම බලශක්ති ව්‍යාපෘතිය 2016 වසරේදී ගල්අඟුරු බලයෙන් සිදුකිරීම නවතා දමා එල්.එන්.ජී. බලයෙන්, එනම් ‘ද්‍රව ස්වභාවික වායු’ බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කෙරිණි.
● ඉන් පසුව නැවතත් විවිධ අර්බුද මධ්‍යයේ මෙහි කටයුතු සිදුකෙරුණු අතර, 2024 වසරේ අවසාන කාලයේදී මෙම ව්‍යාපෘතිය සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරනු ලබන විදුලි බලාගාරයක් බවට පත්විය.

දැන් ඔබ මෙම කතාවේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ සිටින්නේය. එනම් එදා වසර 19කට පෙර අස්සන් තැබූ සුවිශාල ව්‍යාපෘතිය අද සත්‍යයක් ලෙසට පත්ව ඇති බව පෙනේ. එදා මහත් විරෝධතා ඉදිරිපත් කළ දේශපාලන පාර්ශ්වයම අද ඒ සඳහා දොරටු විවර කර තිබීම කෙතරම් පුදුමයක්ද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කව්රු හරි ආණ්ඩුව පෙරළන්න හිතනවද? එහෙම හිතනවානම් පට්ට ගොන්…! මයිල් ගහක්වත් හොල්ලන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩීප් ස්ටේට් සහ වචීපරම චින්තකයෝ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.