• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරයි මෝදියි සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කරයි! විවෘත කිරීම් 3කට එක් වෙයි!  I Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුරගෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරිණි. Sri Lanka Latest News

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් පසු නායකයෝ මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරේ.

ඉන්දියාවේ එන්ටීපීසී (NTPC) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම හවුල්කාරිත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙන් ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරය දිගුකාලීන බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම (LTGEP) අනුව ස්ථාපිත කිරීමට නියමිත ඊසානදිග පුනර්ජනනීය බලශක්ති කලාපයේ කොටසකි.

සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2027දී ආරම්භ කිරීමට නියමිතය. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අදියර යටතේ මෙරට ජාතික විදුලිබල සැපයුමට එක් කරන විදුලිබල ධාරිතාව මෙගාවොට් 50ක් වේ. N-type TOPCon solar cells යන නවීනතම තාක්ෂණය සහිතව ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමත්, මෙරට බලශක්ති පද්ධතිය තවදුරටත් ෆොසිල ඉන්ධන මත යැපීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කර වීමත් අපේක්ෂා කරයි. ඒ අනුව, සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය තුළින් වායුගෝලයට වාර්ෂිකව විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ටොන් ලක්ෂ 02කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) අද මෙලෙස විවෘත කෙරිණි.

විවිධ භෝග සඳහා ප්‍රශස්ත ගබඩා ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ගබඩාවේ කුටි හයක් ස්ථාපිත කර ඇති අතර, එම සෑම කුටියක්ම විවිධ දේශගුණික තත්ත්වයන් අනුකරණය කරමින් ඉදි කර තිබේ. මෙරට ඉදිකළ මෙවන් ආකාරයේ පළමු ගබඩා සංකීර්ණය වන මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 524කි. ඉන් රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් වන අතර ශ්‍රී ලංකා රජයෙන් මේ සඳහා රුපියල් මිලියන 224ක් වැය කර තිබේ.

ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යනු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ආගම් නියෝජනය වන පරිදි තෝරා ගත් ආගමික ස්ථාන 5000ක් සඳහා සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියකි. ඉන්දීය රජය මේ සඳහා ඩොලර් මිලියන 17ක් ආයෝජනය කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන්හි වහල මත 5 kW ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධති 5,000ක් ස්ථාපනය කෙරේ. මෙමගින් මෙරට බලශක්ති ජාලයට මෙගාවොට් 25ක සූර්යබල ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය තුළින් පිරිවැය ඵලදායී, තිරසර හා විශ්වාසනීය බලශක්ති පද්ධතියක් කෙරෙහි වන රජයේ මෙහෙවර අවධාරණය කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-05

SendShareShare
Previous Post

මෝදි හා සජිත් අතර මුහුණට මුහුණ හමුවක්! විනාඩි 25කට වෙන් කර තිබූ සාකච්ඡාව විනාඩි 40ක් ඇදෙයි! සජිත් මෝදිට සමරු තිලිණයක්ද පිළිගන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වයට හානිදායක වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කිරීමට ඉඩ දෙන්නේ නෑ! අනුර යළිත් මෝදිට සහතික වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.