• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කට වැඩිනං හිරේ දාන මොකක්ද මේ අලුත් වෙනස? ඒ ගැන කියන්නෙත් මන්ත්‍රීලා! හිරේ ඇතුළෙ මැතිසබයක්! සජිත් කෙළින්ම එරෙහි වෙලා! Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘හිරේ කරුමේ’ මානව හිමිකම් කොමිසම පළමු වරට එළියට දමයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලනය කොයි අතට යාද නොදන්නා කාලයක් ගතකරමින් අපි ඉන්නේ. ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය වෙලා බව අපිට පෙනෙනවා සහ දැනෙනවා. ඒකට හේතුව තමයි මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්වුණේ කාලයක් තිස්සේ අපි දන්න කියන නම් තියෙන උදවිය. නමුත් දැන් නොදන්නා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉවරයි. මේක වුණේ ලංකාවේ මහජනතාවගේ ඡන්දයෙන්. ඒ නිසා කිසිවෙක්ට මේ කාරණාව සම්බන්ධයෙන් චෝදනා කරන්න හෝ එහෙම දේවල් වෙන එක වැරැදියි කියන්න බෑ. Sri Lanka Latest News

පාර්ලිමේන්තුවට අලුත් මුහුණු පැමිණීම දේශපාලන සංක්‍රාන්තියක් බව අපි කාලයක් තිස්සේ විශ්වාස කළා. එයට හේතුව විදියට තිබුණේ ලංකාවේ පාර්ලිමේන්තුවට එක දිගටම පත්ව ආපු පරම්පරා දේශපාලකයෝ පට්ට හොරු කියලා මිනිස්සු තුළ අදහසක් ආපු නිසා. කාලයක් දේශපාලනයට ආපු චරිතවල වැරැදි අඩුපාඩු මිනිස්සු දැක්ක නිසා. කාලයක් දේශපාලනයට ආපු මිනිස්සු ඇත්තටම හොරකම් කරපු නිසා. දූෂණ කරපු නිසා. රට නොහදපු නිසා. ඒ නිසා අලුතෙන් ආපු පාර්ලිමේන්තුව ඉතාම සුබවාදී සහ සුන්දර තැනක් වේවි කියලා අපි විශ්වාස කළා. දැන් එහෙම වෙලාද? සමහර විට එහෙම වෙලා කියලා පේන අවස්ථා ගොඩක් තියෙනවා. ලංකාවේ අලුතෙන් දේශපාලනයට ආපු අලුත් මුහුණු ඉතා හොඳින් තමන්ගේ දේශපාලන රාජකාරිය කරමින් ඉන්නා ආකාරය අපිට හඳුනාගන්න පුළුවන්. ඒ අතරතුරේ සමහර අය කියන සමහර කතා ඉතා ප්‍රශ්නගතයි සහ ඉතා ආන්දෝලනාත්මකයි. ඒ විදියේ සිද්ධියක් තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අයගේ නම් ලැයිස්තුවක් හදාගන්න, ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම හිරේ යන්නේ කියලා මාලිමා මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක කියපු කතාව. මේ කතාව මේ වචනවලින්ම නොකිව්වට මේ ආකාරයේ වචනාර්ථ සහිතව ප්‍රකාශයක් කළ බව අපට දැනගන්න ලැබුණා.

පාර්ලිමේන්තුවේදී ඕනෑම අයෙකුට ඕනෑම ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒ පිළිබඳ ප්‍රශ්න කරන එක හෝ ඒ පිළිබඳ සාකච්ඡා කරන්න අපිට කිසිම අයිතියක් නෑ. ඇත්තටම එවැනි ප්‍රකාශයක් කළා නම් ඒ අර්ථය දෙන ප්‍රකාශයක් කළා නම් එය රටේ කොයි තරම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද? මොකද ඒකට හේතුව අපි දන්නවා ලංකාවේ දේශපාලකයෝ වැරැදි කළා නම් හොරකම් කළා නම් නරක විදියට හැසිරුණා නම් දූෂණ වංචා සහිත අය නම්, මනුෂ්‍ය ඝාතනවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි නම් වෙනත් කුමන හෝ ආකාරයක වරදක් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ මිනිස්සුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නෑ. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න, එහෙම නැත්නම් එල්ලලා මරන්න. අපි ඒවා ගැන වාද කරන්නේ නෑ. මේක පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධිකරණමය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා අධිකරණය ස්වාධීනව පරීක්ෂණය කරලා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදුන්නට පස්සේ ඒ පුද්ගලයෝ හිරේ දාන්න හෝ කුමන හෝ දඬුවමක් දීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ.

නමුත් පාර්ලිමේන්තුවේදී කතා කරන අයව තර්ක කරන අයව වාද කරන අයව ලැයිස්තුවක් හදලා ඒගොල්ලන්ව හිරේ දාන්න කවුරු හරි සැලසුම් කරගෙන ඉන්නවා නම් ඒක බරපතළ තත්ත්වයක්. මේක බරපතළ ප්‍රශ්නයක්. ලංකාවේ දේශපාලකයෝ කීප දෙනෙක් මේක ප්‍රශ්න කරලා තිබුණා. උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා මේ ගැන ප්‍රශ්න කරද්දී විපක්ෂ නායකතුමාත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යම් කාරණා මතුකරමින් ප්‍රශ්න කරන්න සූදානම් වෙලා තිබුණ බව අපි දැක්කා. අපි ඇත්තටම දේශපාලන වෙනසක් බලාපොරොත්තු වුණා මිසක් දේශපාලනයේ මෙවැනි පලිගැනීම්, උපක්‍රමශීලීව මිනිස්සු හිරේ දැමීම්, වැඩිපුරම කෑගහන කෙනාව හිරේ දාන එක බලාපොරොත්තු වුණේ නෑ. ඒ වගේම අපි දන්නවා ලංකාවේ එක්තරා අවස්ථාවකදී කියැවුණු බව කියනවා පාර්ලිමේන්තුවක් දාන්න වෙයි කියලා හිර ගේ ඇතුළේ. පාර්ලිමේන්තුවක් හිර ගේ ඇතුළේ දාන්න වෙන්නේ වැරැදිකාරයෝ අත්අඩංගුවට අරගත්තට පස්සේ. අපි දන්නවා බටලන්ද කොමිසමේ ඉඳලම ලංකාවේ ප්‍රශ්න දැන් සාකච්ඡා වෙමින් තියෙනවා. ඒවායේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව, 89, 71 විවිධ චෝදනා සහිත පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා කරන්නේ කොහොමද, ඒවාට අවශ්‍ය කරන පියවර ගන්නේ කොහොමද කියලා අපි අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නෑනේ.

යම්කිසි පුද්ගලයෙක් වැරැදිකාරයෙක් නම්, අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔහුගේ වරද ඔප්පු වෙලා තියෙනවා නම්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙනවා නම්, සාධාරණ ක්‍රමවේද ඔස්සේ ඔහුට දඬුවම් කරන්න පුළුවන් නම් ඒවා කළාට අපිට කමක් නෑ. නමුත් විපක්ෂයේ වීම නිසා, තමන්ට විරුද්ධ වීම නිසා, පාර්ලිමේන්තුව ඇතුළේ කෑකෝ ගහන නිසා හිරේ දානවා නම් එවැනි සිදුවීම් තරයේ හෙළාදකින්න අපිට මාධ්‍යවේදීන් විදියට සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයන් යටතේ ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ වෙලාවේ වැඩියෙන්ම කෑගහන අයගේ ලැයිස්තුවක් ඔබට හදාගන්න පුළුවන්. ඒ ලැයිස්තුවේ ඉන්න අයව කොයි කොයි අවස්ථාවලදීද සිරගත වෙන්නේ කියලත් ඔබට බලාගෙන ඉන්න පුළුවන්.

මෙවැනි කතන්දර හරහා අනියමින් කියැවෙන අනිත් වැදගත්ම දේ ඔබ පාර්ලිමේන්තුවේ කට පියාගෙන ඉන්නවා නම් ඔබ කොච්චර වැරැදි වුණත් ප්‍රශ්නයක් නෑ, ඔබව හිරේ දාන්නේ නෑ කියන එක. ඔබ පාර්ලිමේන්තුවෙදී කෑගහනවා නම්, ඔබ කොච්චර නිවැරැදි වුණත් වැඩක් නෑ ඔබව හිරේ දානවා. එතකොට හිරගත වීමට, දඬුවම් විඳීමට වරද වෙන්නේ පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුවට විරුද්ධ වීම පමණයි. එහෙම නම් අපේ රටේ ප්‍රධාන වරද වෙන්නේ ආණ්ඩුවට විරුද්ධ වීමද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කරන ප්‍රධානම වරද, ලොකුම වරද ආණ්ඩුවට විරුද්ධ වීම කියලා හිතනවා නම් යම් කිසි දේශපාලකයෙක්, එවැනි දේශපාලකයන් අතින් පාලනය වීම තමයි මේ මොහොතේ තියෙන භයානකම දේ. කවුරු හරි හිතනවා නම් නෑ, මේ තමයි හොඳම පාලනය, මේ තමයි හොඳම අය, මේ තමයි හොඳම ක්‍රමය කියලා, නෑ මිත්‍රවරුනි, මීට වඩා හොඳයි කලින් තිබුණු තත්ත්වය කියලා ඔබට හිතේවි ඉතාම ඉක්මනට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාම්බන් පාලම විවෘත කරලා මෝදි හදන්නේ ඉන්දු-ලංකා නැව් සේවයට යළි පණ දෙන්නද? Sri Lanka Latest News

Next Post

කව්රු හරි ආණ්ඩුව පෙරළන්න හිතනවද? එහෙම හිතනවානම් පට්ට ගොන්…! මයිල් ගහක්වත් හොල්ලන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.