• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවර වැවේ බැම්ම බේරගන්න හරියටම කතා කළේ ඇමැතිද? අධ්‍යක්ෂද? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නුවර වැවේ බැම්ම බේරගන්න හරියටම කතා කළේ ඇමැතිද? අධ්‍යක්ෂද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර පිහිටි නුවර වැවේ බැම්ම මතින් වාහන ධාවනය කළ යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මිස වාරිමාර්ග අධ්‍යක්ෂවරයා නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට එවැනි තීන්දු ගතහැකි නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් පලක් නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගිය 27 වැනිදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වීම අවස්ථාවේය. Sri Lanka Latest News

වසර 15කට අධික කාලයක් වසා ඇති නුවර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය සංචාරක ආකර්ෂණයට හේතුවන බැවින් තාක්ෂණික ගැටලුවක් නොමැති නම් විවෘත කළ යුතු බව එම කමිටු සභාපති වසන්ත සමරසිංහ මහතා පෙර පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී යෝජනා කර තිබී ඇත. ඒ සම්බන්ධව පසුගිය 27දා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමුකිරීමේදී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා පවසා ඇත්තේ අදාළ යෝජනාව සම්බන්ධව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කරුණු සලකා බලා තවදුරටත් වැව් බැම්ම ගමනාගමනයට විවෘත කළ නොහැකි බවත් සංචාරකයන්ට එහි පාපැදිවලින් සහ පාගමනින් යෑම සඳහා අවසර ලබාදීමට හැකි බව දැනුම්දී ඇති බවයි.
මෙම වැව් බැම්ම වසර 100ක පමණ කාලයක සිට ප්‍රමාණවත් ප්‍රතිසංස්කරණයකට ලක්කර නොමැති බවත්, කිහිප ස්ථානයක ජල කාන්දු සිදුවීම සහ වැව් බැම්ම පටුවීම හේතුවෙන් වාහන දෙකකට මාරුවීමට ප්‍රමාණවත් නොවන බවත් එහිදී හේතු ලෙස කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා, අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ වැව් බැම්ම මතින් වාහන ගමනාගමනයේ අවශ්‍යතාවක් නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂට තීන්දු කළ නොහැකි බවත්, එය එසේ නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් පලක් නොමැති බවත්ය.

එහිදී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම කරුණු සියල්ල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත යොමුකරන බවත්, තමා කටයුතු කරන්නේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ නියෝග අනුව බවත්ය. එසේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වුවමනාවට අදාළ මාර්ගය විවෘත කිරීම නිසා වැව් බැම්මට යම් හානියක් සිදුවුවහොත් තමන් ඊට වග නොකියන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා අතර ඇතිවූ සංවාදය පහත පළවේ.

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට කරුණු ඉදිරිපත් කළා. එතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා දෙසැම්බර් මාසේ 25 වැනිදා පැමිණියා. ඇවිල්ලා බලලා ලියුමක් එවලා තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ, නමුත් සංචාරක කර්මාන්තයට බාධාවක් නොවන විදියට දැනට ගේට්ටු දාලා තියෙන ස්ථානවලින් බයිසිකලයක් සහ පයින් යන්න පුළුවන් විදියට ඉඩක් තියලා මේ අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැන් අපි ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ
බෑ කියන්න හේතුව මොකක්ද?
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
තිසාවැව වගේ ගත්තොත් මේවා අවුරුදු සීයකට වැඩි කාලයකදී ප්‍රතිසංස්කරණයක් කරලා නෑ මේ වැව්වල. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරලා තියෙන්නේ දැනට වැව් බැම්බ හරහා යෑමට අවසර ලබාදීමේ අවශ්‍යතාවක් නෑ කියන කාරණය.
අමාත්‍ය වසන්ත සමරසිංහ
ඒක වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්නේ ඕනේ නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් ඕනේ නෑනේ. අපිට කියන්න ඕනේ අලුත්වැඩියා කරලා නැත්නම් අලුත්වැඩියා කරන්න ඕනේ. එතකොට අපිට එන්න ඕනේ මේවා හදලා නෑ, ඒක රෙපෙයාර් කරන්න ඕනේ, රෙපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. එතකොට අපිට තියෙනවා කාරණයක්, මොකක්ද, රෙපෙයාර් කරලා එහෙනම් අපි අරිමු.
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
මේකේ තියෙන තවත් කාරණාවක් තමයි මේ වැව් බැම්මේ මුදුනත පළල මදි. අනිත් එක මේකේ ස්ලෝප් එක ගොඩක් වැඩියි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට වාහන දෙකක් මාරුවීමේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම සුළු වශයෙන් ජල කාන්දු තියෙනවා වැව් බැම්මේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ
වහගෙන ඉඳලා මොකක්ද කරන්නේ?
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
ඇත්තෙන්ම වාහන යෑමේ අවශ්‍යතාවක් නෑනේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ
කවුද ඒක තීරණය කරන්න ඕනේ? වාහන යෑමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනේ කවුද? ඒ අවශ්‍යතාව තීරණය කරන්න ඕනේ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා නෙවෙයි. ඕක කැඩුණොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන්නේ කාටද? අපිට තමයි. එහෙනම් ආපහු වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕනේ නම් අපි ඕනේ නෑනේ මේක කතාකරන්න. ඒ ස්ථාවරය වැරැදියි.
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිසියේ මේක රෙපෙයාර් කරගන්න බැරිවුණොත් අපිට කරන්න දෙයක් නෑ. මම කටයුතු කරන්නේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ලබාදෙන උපදෙස් අනුව.
අමාත්‍ය වසන්ත සමරසිංහ
ඒ කියන්නේ ඒක තීරණය කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවද? ඒක තීරණය කරන්න ඕනේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවද? අපිට මේකේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා.
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආපු නිසා මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කළා. නමුත් වැව් බැම්මේ තියෙන ප්‍රශ්න තියෙන නිසා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේක දැනට ලබාදීමේ හැකියාවක් නෑ කියලා එවලා තියෙනවා. මම දිස්ත්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කළා. නමුත් අද තියෙන මේ කමිටුවෙන් මේ වැව් බැම්ම විවෘත කරන්න කියලා ඉල්ලනවා නම් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියලා, ඒකට විශේෂඥ කමිටුවක් දාලා ඒ සඳහා අවශ්‍ය ඇස්තමේන්තුවක් සකස් කරලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන්නම් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා.

SendShareShare
Previous Post

‘දේශපාලන ගේමක්’ කණපිට පෙරළපු නියෝජ්‍ය පොලිස්පති! Sri Lanka Latest News

Next Post

මෝදි හා සජිත් අතර මුහුණට මුහුණ හමුවක්! විනාඩි 25කට වෙන් කර තිබූ සාකච්ඡාව විනාඩි 40ක් ඇදෙයි! සජිත් මෝදිට සමරු තිලිණයක්ද පිළිගන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.