කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ (මරදානෙ චොප්පෙගෙ පුතා) පොලීසිය විසින් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු රජයේ නිලධාරින් පිරිසක් සමග අදාළ ඉඩමට ගිය විටදී මෙලෙස නිවෙස් හිමියාට සහ ඔහුගේ දියණියට තර්ජනය කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.










