• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කරෙන් තියාගත්ත ඩොලර් බිලියන 16.7ක රනිල්ගේ පව! රනිල් තමයි ලංකාව ණය උගුලක හිරකරපු කල්ලියේ නායකයා! බංකොලොත් වෙලා ලෝකෙන් ණය කපාගත්ත අඩුම රට ලංකාව! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළද, ඔහු සිදුකර ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සමාගම් සමග හිටුප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතිකරගත් ගිවිසුමේ කිසිදු වෙනසක් සිදු නොකර එය රටේ නිල එකඟතාව බවට පත්කර ගැනීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයකදී දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘ගිනි පොලියට කෙටි කාලයකින් බේරන විදියට, ණය දීම තමන්ගේ බිස්නස් එක බවට පත්කරගත්ත මූල්‍ය ජාවාරම්කාර බූවල්ලන්ට තමයි අයි.එස්.බී. කියලා කියන්නේ. ලංකාව මුළු ඉතිහාසෙම 2014 වෙනතුරු කවදාවත් අයි.එස්.බී. අරන් නෑ. ලංකාවේ ඉස්සෙල්ලාම මේ මූල්‍ය බූවල්ලන්ගෙන් ණය ගන්න පටන් ගත්තේ 2014දී මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 4ක් ණය අරන් තිබුණා මූල්‍ය බූවල්ලන්ගෙන්. පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය ඇතුළේ ඒ ටික පොලියත් එක්ක ගෙවලා තිබුණා. ඊට පස්සේ ණයවලින් අපිව බේරගන්න දේවදූතයා වගේ ආපු රනිල් වික්‍රමසිංහ තමයි වැඩිම ණය ප්‍රමාණය ගත්තේ. රනිල් වික්‍රමසිංහ ණයෙන් අපිව බේරගන්න ආපු දේවදූතයා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ තමයි ණය උගුලක ලංකාව හිරකරපු කල්ලියක ප්‍රධානියා. ප්‍රධාන යක්ෂයා. දේවදූතයා නෙවෙයි එයා යක්ෂයා. එයාගේ යහපාලන ආණ්ඩු කාලේ තමයි ඩොලර් බිලියන 12ක් අයි.එස්.බී. ණය ගත්තේ. ඒ ඩොලර් බිලියන 12 ගෙවාගන්න බැරුව තමයි අපි බංකොලොත් බව ප්‍රකාශයට පත්කළේ. ඒ ඩොලර් බිලියන 12ට පොලියත් එකතු වෙලා මේ වෙනකොට අපි ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 16.7ක්. මෙන්න මේ ණය සම්බන්ධයෙන් තමයි ගිහිල්ලා සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවලදී ලෝකේ හැම රටක්ම කොම්පැනිවලින් ණය අරගෙන, ඒ ණය ගෙවාගන්න බැරි විදියට බංකොලොත් වුණාට පස්සේ ගිහිල්ලා ණය කප්පාදුවක් ඉල්ලනවා.

මම පැහැදිලි කරන්නම් ඒ උගුල. උගුල විතරක් නෙවෙයි ජනාධිපතිතුමා එයාගේ කතාවෙදී කිව්වා 2024 දෙසැම්බර් 21 වැනිදා අනුස්මරණීය දවසක් කියලා. එයා කියන විදියට හැම අවුරුද්දේම දෙසැම්බර් 21 අපි කිරිබත් කන්න ඕනේ, රබන් ගහන්න ඕනේ. ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා කිව්වේ. එයා කිව්වා 2024 දෙසැම්බර් 21 විශාල ජයග්‍රහණයක් අපි ගත්තා, අපි බංකොලොත්භාවයෙන් මිදුනා කියලා. 2024 දෙසැම්බර් 21 වුණේ මොකක්ද? 2024 සැප්තැම්බර් මාසේ 19 වැනිදා රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සමාගම් එක්ක එකඟ වුණු එකඟතාව අකුරක්වත් වෙනස් නොකර එහෙමම රටේ නිල එකඟතාව බවට පත්වීමයි එදා සිදුවණේ. දැන් මේ විනාශය කළේ අනුර කුමාර දිසානායක කියලා තමයි ඉතිහාසයේ ලියැවෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියලා නෙවෙයි. ඔන්න බලන්න තව ටික දවසකින් රනිල් ඇවිල්ලා කියයි මේ විනාශකාරී ගිවිසුමට මම නෙවෙයි එකඟ වුණේ, අනුර තමයි ඒකට එකඟ වුණේ, මම ඒක කතා කර කර හිටියා තමයි, මම උප්පරවැට්ටියක් දැම්මේ, මම ඕක කරන්න නෙවෙයි හිටියේ, මම බොරුවට උන්ව රවට්ටන්න හිටියේ කියලා රනිල් ඇවිල්ලා කියයි. රනිල් ඇවිල්ලා ඕක කියනවාම තමයි. මේ පාපයට සම්පූර්ණයෙන් කර ගැහුවේ අනුර කුමාර දිසානායක. ප්‍රශ්නේ ඒ පාපයට ඒ සාපයට කරගහපු එක විතරක් නෙවෙයි. ඒක ගැන ආඩම්බරෙන් පාර්ලිමේන්තුවේ කතාකරන එක. අපිට කියනවා මේ විනාශය කරපු දවස හැම අවුරුද්දකම සමරන්න කියලා. එදාට කිරිබත් කන්න කියලා අපිට යෝජනා කරනවා.

මොකක්ද 2024 දෙසැම්බර් 21 වැනිදා වුණේ? අනුර දිසානායක විසින් නෛතික වශයෙන් බලාත්මක කරපු එකඟතාව මොකක්ද? ඒ එකඟතාව තමයි අපි කොම්පැනිවලට ණය වෙලා හිටියා, ඒ ණය අපිට ගෙවන්න බැරි නිසා ණය කප්පාදුවක් ඉල්ලන්න අපි ගියා. අපි ණය කප්පාදුවක් ඉල්ලන්න ගිහිල්ලා ලෝකෙ අඩුම ණය කප්පාදුව ගත්ත රට විදියට ඉතිහාසයේ නම ලියාගත්තා. ඓතිහාසික කතාව කියනවා නම්, ඉතිහාසයේ නම ලියාගත්තා මේ විදියට බංකොලොත් වුණාට පස්සේ අඩුම ණය කප්පාදුවක් ලැබුණු ලෝකේ එකම රට. ඉක්වදෝරයට ලැබුණා 67.7%ක ණය කප්පාදුවක්. ඒගොල්ලෝ ගත්ත මුළු ණයෙන් 67.7%ක් කපන්න ඒගොල්ලෝ එකඟතාව හදාගත්තා. සීෂෙල්ස් දිවයින බංකොලොත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මුළු ණයෙන් 56.2%ක් කපන්න එකඟතාව හදාගත්තා. ඊට පස්සේ අපේ අසල්වැසි අප්‍රිකානු රටක් වන ඝානාව අපිත් එක්කම එකට 2022 අප්‍රේල් මාසේ බංකොලොත් කියලා ප්‍රකාශයට පත්කරලා, අපිත් එක්ක එකටම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට ගිහිල්ලා ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවල අතරමැදියෝ විදියට පාවිච්චි කරපු ක්ලිෆර්ඩ් චාන්ස් සහ ලසාඩ් කියන සමාගම් දෙකම අතරමැදියෝ ලෙස පාවිච්චි කරමින් අපි හා සමානම ණය බරක් කප්පාදු කිරීමට ගිය ඝානාව 37%ක ණය කප්පාදුවක් ගත්තා. ඔය අනුර ආඩම්බරෙන් කියන, රනිල් මැතිවරණ ප්‍රචාරක වැඩ ඉවර වුණාටත් පස්සේ ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගත්තා කියලා රතිඤ්ඤා දාපු ඒ ගිවිසුමට අනුව ලංකාවේ ණය 14%යි කැපෙන්නේ. ලෝකේ බංකොලොත් වෙච්ච රටක් ගත්ත අඩුම ණය කප්පාදුව තමයි මේ.’

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්! Sri Lanka Latest News

Next Post

පත්තරකාරයෙක් වැඩ කරන්න ඕනේ මෙහෙමයි! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.