පාතාල නායකයකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාා හට මන්නා පිහිවලින් මහමගදී පහර දුන් බවට සැක පිට මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හඳුන්වන අය අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන අය බවද, සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථයක් සහ මන්නා පිහි තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බවද පොලිසිය සදහන් කළේය.
මාළිගාවත්ත – සද්ධර්ම මාවත අසළදී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නජිත් නැමැත්තාට තියුණු ආයුධවලින් පහරදී තිබුණේ පෙරේදා රාත්‍රියේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් කංජිපානි ඉම්රාන්ගේ පියාට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.










