• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් තමයි අනුරව දිනෙව්වේ! පළාත් පාලන ඡන්දය කලින් තිබ්බා නම් අද මාලිමා ජනාධිපතිත් නෑ! ආණ්ඩුවත් නෑ! Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලය පටන් අරන් ගෝඨාව ගෙදර යවපු වසන්ත මුදලිගේගෙන් රටටම ලොකු පණිවුඩයක්! අනුර යන්නෙත් රනිල්ගේ පාරේ! මුන්ගෙන් ගලවන්න ඔන කියලා දෙන්න යන අය ගැනත් හොදට බලන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතාව ජයග්‍රහණය කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. 17 වැනිදා පැවැති රැස්වීමක් අතරතුර ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් පළකළේ මෙවැනි අදහසකි. Sri Lanka Latest News

මැතිවරණයක් කැඳවලා තියෙනවා. ඒ මැතිවරණය පළාත් පාලන මැතිවරණය. මේක දැන් අවුරුදු ගානකට කලින් කැඳවලා, ඒ මැතිවරණය කාලෙකට අවලංගු වෙලා තිබිලා, උසාවි ගිහිල්ලා, උසාවියෙනුත් කියලා මේක තියන්න කියලා, එතැනින් පස්සේ කොහොම හරි සෑහෙන කාලෙකට පස්සේ මේ මැතිවරණය අලුත් නාමයෝජනා අනුව දැන් කැඳවන්න යෝජනා කරලා තියෙනවා. මේ මැතිවරණය ඇත්තටම එදා තිබුණා නම් ඇත්ත වශයෙන් මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ ජයග්‍රහණය ලබාගන්නේ නෑ කියලා. මොකද හේතුව, මිනිස්සුන්ගේ ඒ වෙලාවේ තිබුණ හැඟීම් ටික යවන්න දුන්නා නම්, මේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ තරම් දරුණු පරාජයකට ලක්වෙන්නේ නෑ. දෙවැනි කාරණාව, අපි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් දිගින් දිගටම ඉල්ලුවා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා. කලින් තිබ්බා නම් මේ සන්තෑසිය වෙන්නේ නෑ. අපි දන්නවා ඒ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට මේ තරම් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එන්නේ නෑ. මොකද හේතුව, ජනාධිපතිවරණය තියලා පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බාම තමයි මේ පිරිස වැඩිවුණේ, ජනාධිපතිවරණය තිබ්බා, ලංකාවේ පළමු වතාවට 42%ක් ගත්ත සුළුතර ජනාධිපති කෙනෙක් තමයි අද ඉන්නේ.

මේ රටේ අඩුවෙන්ම ඡන්ද සංඛ්‍යාවක් ගත්තේ 1988දී ආර්. ප්‍රේමදාස මැතිතුමා. ඒ, 50.02%යි. යන්තම් තමයි ජනාධිපතිවරයා විදියට පත්වුණේ. හැබැයි මේ ජනාධිපතිවරයා අරන් තියෙන්නේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 42%යි. 68%ක් ඔහුට විරුද්ධයි. එතකොට ඒ ජනාධිපතිවරණය දිනලා ඉවර වෙලා දවස් 3ක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව විසුරුවාම අපේ අය හතරගාතේ වැටිලා හිටියේ. මොකද අපි ඔක්කොම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරගෙන වැඩ කළේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට දිස්ත්‍රික්ක හැම එකකම හිටිය ආසන සංවිධායකවරු 80ක් විතර එකතු කළා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ලංකාව පුරාම අපි රැස්වීම්වලට ගියා. මිනිස්සුන්ව එකතු කළා, දැවැන්ත රැස්වීම් තිබ්බා, අපි හිතුවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් එයි කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදට පැනලා ලක්ෂ 22ක් අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර කැපුවා අනුර දිසානායකට රජ වෙන්න. රනිල් වික්‍රමසිංහ තමයි අනුර දිසානායකව දිනෙව්වේ. එයාට ඕනේ වුණේ සජිත් ප්‍රේමදාසව පරද්දන්න. යූ.ඇන්.පී. එකත් ඉවර කෙරුවා. යූ.ඇන්.පී. එකේ මිනිහෙක් ජනාධිපති වෙන්න හදපු එකත් ඉවර කෙරුවා. සියල්ල විනාශ කරලා දැම්මා. ඒකේ ප්‍රතිඵලය විදියට ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩුවක් අරගෙන තියෙනවා. මම නම් කියන්නේ මේක හොඳයි. මොකද හේතුව, නැත්නම් මේගොල්ලෝ චුරු චුරු ගානවා කවදාවත් බලය ලැබුණේ නෑ කියලා. දැන් මේක කරන්න දෙන්න ඕනේ. දවස ගානේ කරනකොට ඇනගන්න ප්‍රමාණය අපි දකිනවා.

පේනවනේ පහුගිය දවසක රිළව් ඇල්ලුවා. අපේ ලිස්ට් එකේ ලිව්වා මම රිළව් 159ක් ඉන්නවා, දඬුලේන්නු 66යි, එක මොනරයි කියලා. රිළව් 159ක් ආණ්ඩුවේ ඉන්නවා. ඒ ගාන දැම්මා මම. මම දැකපු එකනේ ලිව්වේ. රිළව් 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා, දඬුලේන්නු කියලා කිව්වේ අපේ කට්ටියට. විපක්ෂයේ 66ක් ඉන්නවනේ. එකෙක් ඉන්නවා මොනරෙක්. මොනරා තමයි අනුර දිසානායක. මොනරා නටනවා පිල් විදහාගෙන. හැබැයි පස්ස එළියේ. ඒකට තමයි ඒක ලිව්වේ. වෙන මොකක්ද කරන්නේ? ඒ නිසා කල්පනා කරලා බලන්න මේ වගේ විහිළු වැඩ කවදාවත් දැකලා තියෙනවද කියලා.

මේ වත්තේ ඉඳලා රිළව් රංචුව පනිනවා එහා වත්තට. පැනපුවාම මේ ගෙදර එක්කෙනත් ලියනවා, එහා ගෙදර එක්කෙනත් ලියනවා. රිළව් හිටියේ 50,000යි නම්, සංගණනය කළාම ලක්ෂ 2ක් විතර වෙනවා. මොකද, මුන් මෙතැනම ඉන්නේ නෑනේ. මේ දඬුලේනා මේ වත්තෙ ඉන්නවා කියලත් ලියනවා, අනිත් වත්තේ ඉන්නවා කියලත් ලියනවා. දැන් හොයාගන්න පුළුවන් හරියටම 50,000යි නම් හිටියේ රිළව්, ලක්ෂ 3ක් 4ක් අනිවාර්යයෙන්ම වෙලා ඇති මේ වෙනකොට. මේ වගේ තව ගොං වැඩ කරන්න දෙන්න ඕනේ. මොකද හේතුව එහෙම තමයි මේගොල්ලන්ගේ පාලනය ගෙනියන්නේ.

දැන් බලන්න හැම තැනකම ප්‍රශ්න. ප්‍රශ්නයක් විසඳන එක තැනක්වත් තියෙනවද? නෑ. හැම තැනකම ප්‍රශ්න ගණනාවක්. මම ඒකයි කිව්වේ මේ ජයග්‍රහණය අපි බලාපොරොත්තු වෙච්ච වෙලාවේ තමයි අපි පරාජයට පත්වුණේ. ඒ නිසා අපේ මිනිස්සු විශාල කඩාවැටීමකට ලක්වුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පාක්ෂිකයෝ ඡන්දේ දාන්න ගියේ නෑ. නැත්නම් මේ දිස්ත්‍රික්කයේ කවදාවත් 12යි 3ට බෙදෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ 12යි, අපේ තුන්දෙනයි. සාමාන්‍යයෙන් අපි හොඳටම පැරැදිච්ච වෙලාවෙත් අපේ හතර දෙනෙක් ආවා. නමුත් මේ ඡන්දෙදී 3කට බැස්සා අපි. ඇයි ඒ? අපේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන්නවත් ගියේ නෑ. මානසිකව විශාල කඩාවැටීමකට ලක්වෙලා හිටියා. ඉතින් දැන් මේ මැතිවරණය නැවත අපිට නැගිටින්න පුළුවන් ශක්තියක් මැතිවරණයක් බවට පත්කරගන්න ඕනේ. හැමදාම වැටි වැටී ඉඳලා හරියන්නේ නෑ. ඔයිට වැඩිය අපි පැරැදිලා ඉඳලත්, දිනපු අවස්ථා තියෙනවනේ.

SendShareShare
Previous Post

සජිත්-මහින්ද-රනිල් එකතු වෙනවා කියලා බංකොලොත් දේශපාලන පක්ෂ පට්ටපල් බොරු නිව්ස් ගහනවා! අපිට කා එක්කවත් එකතුවෙන්න ඕන නෑ! පුංචි ඡන්දෙදි සජබය විශිෂ්ට ජයක් ලබනවා! සජිත් කුරුණෑගලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කරලා නෑ! මිලියන 21ක මූල්‍ය වංචා නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.