ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි පවා නිරත වී ඇත.
ඔවුන් අවධාරණය කරන්නේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි.
එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.










