• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න! දින විස්සක කාලය තුළ පරිහරණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල CIDයට භාර දෙන්න! දින 14ක් රිමාන්ඩ් කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා අද දේශබන්දුට දීපු තීන්දුව මෙන්න! අද දේශබන්දුට මාංචුත් දාලා දුම්බර බන්ධනාගාරයට අරන් ගියා! VIDEO I Sri Lanka Latest News

March 20, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න! දින විස්සක කාලය තුළ පරිහරණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල CIDයට භාර දෙන්න! දින 14ක් රිමාන්ඩ් කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා අද දේශබන්දුට දීපු තීන්දුව මෙන්න! අද දේශබන්දුට මාංචුත් දාලා දුම්බර බන්ධනාගාරයට අරන් ගියා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (මාර්තු 19) අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 20) ප්‍රතික්ෂේප කළේ ය.Sri Lanka Latest News

සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ඊයේ මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණු අතර එම ඇප ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත්කරන බව මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඊයේ දැනුම් දී තිබිණි.

ඒ අනුව, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.

‘සැකකරුගේ ක්‍රියා කලාපය නිසා අහිමි වූ’ අවස්ථාව

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඇප ඉල්ලීම සිදුකරන සැකකරු අධිකරණ නියෝගයක් ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් තීරණාත්මක විමර්ශන ක්‍රියාදාමයක් සම්පූර්ණ කිරීමට පැමිණිල්ලට නොහැකි වී ඇති බව ය.

මුල් අවස්ථාවේදී ම සැකකරු විමර්ශන කටයුතු සඳහා සහයෝගය ලබා දී තිබුණේ නම්, විමර්ශන නිසි පරිදි මෙහෙයවා එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ලට හැකියාව තිබුණු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් එම අවස්ථාව පැමිණිල්ලට අහිමි වූ බව ද පැවසීය.

මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට කරනු ලැබූ විධානයට අනුව ඉදිරි පියවර සම්පූර්ණ කර ගැනීමට ගැටලුකාරී තත්ත්වයක් සැකකරුගේ මැදිහත්වීම මත සිදුවිය හැකි බව තම අධිකරණයේ නිගමනය බවද මහේස්ත්‍රත්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකරුට ඇප ලබා නොදෙන ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නෛතික කරුණු පිළිගන්නා බව ද ඔහු සිය තීන්දුවේදී පැවසීය.

තව ද මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබූ පරිදි මෙම සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනය පවත්වා නෛතික පියවර ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බවට ද නියෝග කළේ ය.

‘අද මා මේ නඩුවට පෙනී සිටින අවසන් දිනයයි. මට රාජකාරී පැවරිලා තිබුණේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ පෙනී සිටීමට පමණයි’

“ස්වාමීනී… මේ සතිය තුළ මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ඉවහල් වන ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් ප්‍රකාශයට පත්වුණා. ඒ ගැන අප සතුටු විය යුතුයි. අද මේ නඩුවට පෙනී සිටීම සඳහා මමත් විමර්ශන නිලධාරීනුත් අධිකරණයට පැමිණීමට සිදුවී තිබුණේ දැඩි ආරක්ෂක විධිවිධාන මැදයි. ඒ සම්බන්ධයෙන් අප ලැජ්ජාවට පත්විය යුතුයි. මේවා අසමත් රාජ්‍යයක ලක්ෂණ. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහායි මා මේ අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන්නේ.

මේ නඩුව කැඳවන අවස්ථාවේ උසාවි ශාලාවේ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ඇතුළු උසස් නිලධාරීන් ඇවිත් ඉන්නවා. ඔවුන් කළ යුත්තේ මාධ්‍යයට පේන්න මේ වගේ පැමිණීම නෙවෙයි. මේ අපරාධය පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරලා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි ඔවුන්ගෙන් ඉටුවිය යුතු වැදගත් ම රාජකාරිය. ඒවගේ ම මේ අපරාධයට වගකිව යුතු සැකකාර පොලිස්පතිවරයාටත් ඉහළින් සිටින පුද්ගලයින් පිළිබඳවත් සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

මේ නඩුවේ තවත් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. ඔවුන්වත් නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් වගබලා ගත යුතුයි. අද මා මේ නඩුවට පෙනී සිටින අවසන් දිනයයි. මට රාජකාරී පැවරිලා තිබුණේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ පෙනී සිටීමට පමණයි. එම රාජකාරිය අදින් අවසන් වෙනවා. එම නිසා ඉදිරි කාලයේ මහේස්ත්‍රාත්තුමාගේ මග පෙන්වීම යටතේ මෙම නඩුවේ විමර්ශන නොපමාව සම්පූර්ණ කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විමර්ශන නිලධාරීන් වග බලා ගත යුතු යි,” යනුවෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය අමතමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් පැවසීය.

ඉලෙක්ට්‍රොනික උපකරණ විමර්ශන සඳහා CIDය වෙත භාර දෙන්නැයි ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ද එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ඉල්ලීමක් කළේ ය.

එසේ ම සැඟව සිටි දින විස්සක කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් විසින් පරිහරණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර ලබා දුන්නේ ය.

ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට රැගෙන එන සහ රැගෙන යන අවස්ථාවල ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය.

පසුව නඩු විභාගය ලබන 3 වන දා දක්වා කල් තැබිණි.

‘බන්ධනාගාරගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි’

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඊයේ (මාර්තු 19) අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවා දායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනුකරමින් සහනයක් අපේක්ෂා කළ බව ත් එය ප්‍රතික්ෂේප වූ වහා ම ඊයේ පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ බව ත් පැවසීය.

“ස්වාමීනී මෙම සැකකරු ඇප මත මුදා හරි ලෙස මා ඉල්ලා සිටිනවා. ඇප ප්‍රතික්ෂේප කිරීමට නම් ඔබතුමා ඇප පනතේ විධිවිධාන දෙකක් සලකා බැලිය යුතුයි. විමර්ශන මගහැර සිටීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම මෙම කරුණු දෙකයි. මේ සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළා. එහිදී අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙනවා. ඉතින් මේ සැකකරු බන්ධනාගාරගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි,” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවා දායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

‘මොහු අපරාධකාරයෙක්’

මෙහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ (මාර්තු 19) කෙරුණු මෙම ඉල්ලීමට සිය දැඩි විරෝධය පළ කළේ ය.

“ස්වාමීනී… අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට්වලින් සැරසී බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැල වීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වළං බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා පෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොම ද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ.

“මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේ ම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟට ම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාව යි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා,” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා; “මේ සැකකරු පොලිස්පති ධූරයේ කටයුතු කරන කොට ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ නීතිඥවරු කියල. එහෙම කියපු එයා අද නීතිඥවරුන්වත් වට කරගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා. ස්වාමීනි… මේක W15 හෝටලයට වෙඩි තැබීමේ දඬුවම නෙමෙයි. මෙය කර්මය පඩිසන් දීමක් හැටියට සඳහන් කරන්න සිදුවෙනවා. දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ මොකක් ද කියලා මොහුට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක දැන් ඔහුගේ ඇස් පනාපිට ම ප්‍රදර්ශනය වෙනවා. කරුමය තමයි ඔහුට මේ ආත්මයේදී ම ඵළ දීලා තියෙන්නේ,” යනුවෙන් සඳහන් කළේ ය.

ඔහු මෙසේ ද පැවසීය.

“ස්වාමීනී.. මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදී ම මෙයා ගැන පොලිසිය නිලමේවරු, දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයෝත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොම ද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසි ම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. ඒත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.”

මෙම සැකකරු “අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු” බව ත් “සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක්” ලබා දෙන ලෙස ත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ, මොහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

අධිකරණයට භාර වීමට පෙර සිදු වූයේ කුමක් ද?

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය මාර්තු 17 වන දා ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කළේ ය.

ඒ, මාර්තු 12 වන දා ඔහු විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවා තිබිණි.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කළහ.

එමෙන් ම, පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළහ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙබරවාරි 27 වන දා ය.

අනතුරුව මාර්තු 11 වන දා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින ම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.

ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා තිබිණි.

එම නිලධාරීහු මාර්තු 18 වන දා හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසක් ද පරීක්ෂාවට ලක් කළහ.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ඇමති ආනන්ද විජේපාල පසුගිය දා පරිලිමේන්තුවේදී පැවසුවේ, ඔහුගේ නිවසේ තිබී මත්පැන් හා වයින් බෝතල් 1,000කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන ඇති බව ය.

සැකකාර දේශබන්දු තෙන්නකෝන්ගේ යැයි සැලකෙන පිස්තෝලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක් සොයා ගත් බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

SendShareShare
Previous Post

තනතුර එපාවෙලාද? අහන ප්‍රශ්නවලට උත්තර නැතිවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීම පොලිස්පතිට යවයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ඡන්ද කාලේ රටට දීපු ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුඅමුවේ උල්ලංඝනය කරලා! දැන් සම්පූර්ණයෙන්ම නටන්නේ IMF පදයට! කෝ ගේනවා කියපු අලුත් IMF ගිවිසුම? කෝ එදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෝ? කෝ උපාධිධාරීන්ට දෙනවා කියපු රස්සා? කෝ ලක්ෂ 12ට ගන්න පුළුවන් කියපු කාර්? සජිත් ආණ්ඩුවේ පලු යවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.