• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම බලන් ඉන්න සෙනසුරු මාරුව 29 වෙනවා! මෙන්න පෙරවදනක්! Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 27කට පසු සෙනසුරු කරන්න හදන විප්ලවය…
Share on WhatsAppShare on Facebook

2025 මාර්තු මස 29 වැනිදා ජ්‍යොතිෂයට අනුව සෙනසුරු ග්‍රහයාගේ මාරුවක් සිදුවන බව කියැවෙනවා. එය රටට වගේම, ඔබට බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන විමසා බැලීමයි මේ ලිපියේ අරමුණ. ඒ අනුව, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා විසින් එම සෙනසුරු මාරුව පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමක් පහත පළ කරමු.
බොහෝ දෙනෙක් දන්නවා 2025 මාර්තු 29 වැනිදා සෙනසුරු ග්‍රහයාගේ මාරුවක් සිදුවෙනවා කියලා. සෙනසුරු, ගුරු, රාහු, නෙප්චූන්, යුරේනස් වැනි දිගු ගමන් ඇති ග්‍රහයන්ගේ මාරුවීම් ගැන කතාකළ යුතුයි. මේ සම්බන්ධයෙන් විවිධාකාර ජ්‍යොතිෂ ක්‍රම ඇතුළේ විවිධ පලාපල කථන සිදුකරනවා. ඒ අතරට මම උත්සාහ කරනවා ටොලමියානු ජ්‍යොතිෂයට අනුව කොහොමද සෙනසුරු කියන ග්‍රහයාව දකින්නේ, කියන දේ සහ මේ සෙනසුරු මාරුව අපේ රටට බලපාන්නේ කොහොමද කියන කාරණාව ගැන කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන්න. Sri Lanka Latest News

අපි මුලින්ම බලමු සෙනසුරු කියන්නේ කවුද කියලා. ටොලමියානු නක්ෂත්‍ර විද්‍යාවේ පමණක් නෙවෙයි ඕනෑම නක්ෂත්‍ර හැදෑරීමකදී සඳහන් වෙන්නේ සෙනසුරු කියන්නේ වායුකාරක ග්‍රහයෙක් විදියට. මූලික ශක්තීන් පහෙන් වායුමය ශක්තිය නියෝජන කරන්නේ සෙනසුරු. මේ ග්‍රහයාගේ ක්‍රියාත්මකභාවය අතින් ගත්තාම අපූරුම ග්‍රහයෙක්. මේ ග්‍රහයාගෙන් නිවේදනය කරන ප්‍රධාන කරුණු ගොඩක් තියෙනවා. එකක් තමයි ආධ්‍යාත්මික ශක්තිය. ඒ කියන්නේ භාවනාදී කටයුතු පමණක් නෙවෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරින් දාර්ශනිකව සහ පුළුල්ව දැකීම. අදානග්‍රාහී නොවී සමබරව දැකීම. ඒ වගේම එළඹෙන ඕනෑම තත්ත්වයක් දරාගැනීම සෙනසුරුගෙන් නියෝජනය වෙනවා. බොහෝ විට ආගමික සහ දාර්ශනික පැති වගේම ඉතා සාමකාමී මනසික ස්වභාවයක් සමාජ මනෝභාවයක්, සාමූහික විඥානයක් යම් යම් කාලවලදී ඇතිකරන්නත් සෙනසුරුගේ බලපෑම, සෙනසුරුගේ ගමන උපයෝගී කරගන්නවා.

සෙනසුරු කියන්නේ ආධ්‍යාත්මික පැත්තට පමණක් බර ග්‍රහයෙක් නෙවෙයි. අධ්‍යාපනය පැත්තටත් එය බලපානවා. ඉතා සාරවත්, ගැඹුරු දෙයක් නිරවුල්ව තේරුම් ගැනීමේ හැකියාව ඇතිකිරීමටත්, බුද්ධිමය පරිවර්තන ඇතිකිරීමටත් සෙනසුරු සතුව අද්විතීය හැකියාවක් තියෙනවා. ලෞකික ජීවිතයේ ධනය, දේපළ, රැකියාව, දේශපාලන හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ කෙරෙහිත් සෙනසුරු ඉතාම හිතකරයි. බොහෝ දෙනෙක් තේරුම් අරගෙන තියෙන්නේ සෙනසුරු කියන්නේ දුකක් විතරක් දෙන ග්‍රහයෙක් කියලා. එය අසත්‍යයක්. සෙනසුරු තරම් තරග විභාගයන්ගෙන් ජයග්‍රහණය කරවන, දේශපාලන ක්ෂේත්‍රයේ අද්විතීය ජයග්‍රහණ ළඟාකර දෙන, ධනය ලබාදෙන තවත් ග්‍රහයෙක් නැති තරම්. දෙන දේ නිරවුල්ව පැහැදිලිව ධාර්මික විදියට දෙනවා. ඒකයි වෙනස. මහාපරිමාණයෙන්ම දෙනවා. සෙනසුරු කියන්නේ පාප ග්‍රහයෙක්වත්, නරක ග්‍රහයෙක්වත් නෙවෙයි. ඒ වගේම, එකිනෙකට පරස්පර විරෝධී ශක්තීන්, එකිනෙකට අල්ලගන්න පුරුකක් වෙන්න, මැද සිට භූමිකාවක් ඉෂ්ට කිරීමටත් මේ කාලය වැදගත් වෙනවා.
දැන් අපි බලමු සෙනසුරුගේ ස්වභාවය යන්න හදන තැන අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. යන්න හදන්නේ මීන රාශියට. මීන කියන්නේ ජල රාශියක්. හැබැයි මේ ජල රාශිය හරිම සාමකාමී ගුප්ත ස්ථානයක්. ටොලමියානු ඉගැන්වීම අනුව ඒ ග්‍රහයාගේ නියම අයිතිකාරයා තමයි නෙප්චූන්. නෙප්චූන් එතැන ඉන්නවා. නෙප්චූන් ඉන්න තැනට තමයි සෙනසුරු යන්නේ. මේ වගේ සංසිද්ධියක් හටගන්නේ ඉතාම කලාතුරකින්. සෙනසුරු මීන රාශියට යනවා කියන දේ සාමාන්‍යයි. අවුරුදු 29කට වරක් කොහොමත් මාරු වෙනවා.

මේ තත්ත්වය හොඳට ගත්තොත් හොඳටම හොඳයි. හැබැයි නරක් කරගත්තොත් ඒක පිස්සුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විපරීත බුද්ධිය වගේ තමනුත් මුළාවට පත්වෙන තත්ත්වයන් එක්ක මේ කටයුතු ආරම්භ කළොත් පිස්සුවට පත්වෙන්නත් පුළුවන්. නොයෙකුත් අභූත අදහස් මතිමතාන්තර දාර්ශනික ස්වරූපයෙන් සමාජගත වෙන්න පුළුවන්. එවැනි චරිත කලඑළි බහින්නත් පුළුවන්. එවැනි චරිතවලට අනුගාමිකව යෙදෙන්නත් පුළුවන්. පොඩි පොඩි කල්ලි කණ්ඩායම් හැදෙන්න පුළුවන්. ඒ නිසා මේකේ හොඳ නරක දෙකම තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ හොඳ පැත්තයි. ප්‍රගතිශීලී දැක්මක්, මානව සමාජයට යහපතක් කරන එළඹුමක් තමයි අපි අපේක්ෂා කරන්නේ.
සෙනසුරුගේ මීන රාශි ගමනේදී පෙනෙන ඊළඟ කාරණාව තමයි ලංකාව සම්බන්ධයෙන් ගත්තාම, රාජ්‍ය පාලනය සහ මෙතෙක් පවතින මූලික නීතිය ආදියේ විවිධ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතාවෙන කාලයක්. හැබැයි අතීත අත්දැකීම් නම් අසාර්ථකයි. ලොකු සමාජ මතයක්, උත්සාහයක්, ප්‍රයන්නයක් දරනවා. ඒ පිළිබඳ සමාජය දෙකට බෙදෙන්න පුළුවන්. ඇතැම් විට ඒවා බරපතළ ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙන්න පුළුවන්, නැත්නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමක් වෙන්න පුළුවන්. කොයිහැටි වේවා අතීත අත්දැකීම නම් අසාර්ථක වෙලා තියෙනවා. සෙනසුරුගේ මීනරාශි ගමනේ පළමු වසර එකහමාරක කාලය ඉතා හොඳයි. හැම අංශයකින්ම සාපේක්ෂව හොඳයි. බිහිසුණුම කාලය එළැඹෙන්නේ අවසාන වසරේ. එහිදී එවක පවතින රජයට හෝ පාලකයාට හෝ තමන්ගේ බලය පෙර පරිදි පවත්වාගෙන යන්න බැරි වෙනවා. විරෝධාකල්පවලින් අභ්‍යන්තරයෙත් බාහිරයේත් ප්‍රතිවිරෝධතා මතුවෙනවා. ඕකම තමයි අතීතයේත් සිදුවෙනවා. අපි බලමු මෙවර මොකක්ද වෙන්නේ කියලා. කෙසේ නමුත් මෙවැනි සංවේදී ක්ෂේත්‍ර ගණනාවකට අපිව අරගෙන යන ග්‍රහ මාරුවක් තමයි මේ සිදුවෙන්න යන්නේ.

ලංකාවේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහොම නවීකාරක සහ ක්‍රමවත් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත්, විෂය නිර්දේශ සම්බන්ධයෙනුත්, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර සම්බන්ධයත්, විෂය නිර්දේශ අතිනුත් සෑහෙන මට්ටමේ වෙනස්වීම් අපේක්ෂා කරන්න පුළුවන්. එවැනි ප්‍රතිසංස්කරණ අතීතයේත් වෙලා තියෙනවා. මේ අවස්ථාවෙදීත් අපට එවැනි දෙයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ ප්‍රතිසංස්කරණ සෑහෙන මට්ටමකින් අපේ අධ්‍යාපනය වෙනස් කරන්න ධනාත්මක ලක්ෂණ විදියට දකින්න පුළුවන්.
බලශක්තිය ගැන කතාකරද්දී මෙහි යම් අර්බුදයක් වෙන්න පුළුවන්. ලෝක පරිමාණයෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්, ජාතික මට්ටමෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉන්ධන සම්බන්ධ යම් යම් අර්බුද උදාවෙන්න පුළුවන් මේ කාලයේදී. සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ගමන් කරමින් සිටියදී එවැනි කරුණු නිවේදනය කරනවා. අපි මේක දන්නවා නම්, රාජ්‍ය පාලකයා හෝ පුරවැසියා වෙනදාට වඩා ඒ ගැන අවධානයක් යොමුකරලා, ඒ එන්න තියෙන බලපෑමට නිසි පියවරක් ගන්න පුළුවන්. ඒ උදෙසයි මේ පුරෝකථනය කරන්නේ. යම් කාලයක් දිග්ගැස්සෙන, රටේ ආර්ථිකයට, ජන ජීවිතයට බලපෑමක් ඇතිකරන්න පුළුවන් විදියේ බලශක්ති අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඉඩකඩ තියෙනවා ඒ දේ පුරෝකථනය වන නිසා, ඒ ගැන අවධානය යොමුකරලා ඒ අර්බුදය විසඳා ගන්න වැඩි උනන්දුවක් දක්වන්න.

ලංකාවේ දේශපාලනයේ තියෙන දෙයක් තමයි එක පිරිසක් බලයට ආවාම තවත් පිරිසක් අතීතයේ කරපු දේවල් හොයලා ඒ පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගන්න එක. දෛවය කියන්නේ හරි පුදුම දෙයක්. මේ රටේ හිටපු ප්‍රකට චරිතයක්, ඒ චරිතයට හරියටම මීට පෙර සෙනසුරු මීන රාශියේ සිටියදී අද ඔහුට විරුද්ව එල්ල වෙලා තියෙන චෝදනාවම මතුවුණා. යම් යම් නීතිමය වශයෙනුත් ක්‍රියාමාර්ග ගැනුණා. පුදුමය කියන්නේ හරියටම සෙනසුරු මීන රාශියට එන්න හදනකොටම නැවතත් අවුරුදු 29කට විතර පස්සේ ඒ සිද්ධියම මතුවෙලා එනවා. මේ දෛවය කියන්නේ ඉතිහාසයේ චක්‍රීය ස්වභාවය පෙන්වන හොඳ කැඩපතක්. අතීතයේදී නම් ඒවායේ කිසි ඵලයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අතීතයේ ඵලක් වෙච්ච නැති නිසා මෙවරත් එහෙමම වෙයි කියලා. මම පෙන්වන්නේ අතීතයේ වෙච්ච දේවල් නැවත නැවත වෙන හැටි. නිශ්චිත මොහොතට ග්‍රහචාරය සකස් වුණාම පැරැණි දේම වෙනත් ස්වරූපයකින්, වෙනත් ආකාරයකින් සංශෝධන සහිතව වෙනස් වෙනවා.

අපි දැන් බලමු මේ සෙනසුරු මාරුවෙන් රටට සිදුවෙන්නේ හොඳක්ද නරකක්ද කියලා. වැඩි වශයෙන් ගණන් හදලා බැලුවොත් මොන හැලහැප්පීම් මැද වුණත් මාර්තු මාසේ 29 වැනිදා සිට පළමු වසර එකහමාරක කාලය තුළ සෙනසුරුගෙන් ලංකාවට ඇතිවෙන්නේ හොඳ දෙයක්. යහපත් වෙනස්වීම්. යහපත් ප්‍රතිසංස්කරණ. සමාජමය වශයෙන්, ආර්ථික වශයෙන්, සාපේක්ෂව හොඳ දෙයක් සිදුවෙනවා. නමුත් පළමු වසර එකහමාරෙන් පස්සේ අර්බුදයට යන බව තමයි පේන්නේ. ඒ පළමු වසර එකහමාරෙන් පස්සේ තමයි සැබෑම අර්බුදය උදාවෙන්නේ. ඒක මගේ පුරෝකථනය පමණයි. ප්‍රාර්ථනාව නොවෙයි.

KCJ Astrology යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අනුර නිහඬවෙයිද? බිමල් ද්‍රෝහිවෙයිද? බටලන්දෙ බෝම්බයෙන් රනිල් තනිවෙයිද? Sri Lanka Latest News

Next Post

89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් කැරැල්ලේ හිටපු අජිත් පැරකුම් ලියයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.