මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ යොදවමින් දිගින් දිගටම ඇය අපයෝජනයට ලක්කරමින් විඩියෝ කර ඒවා මුදා හරින බවට තර්ජනය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
මෙම චෝදනාවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය අධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ අනුව අප්‍රේල් දෙවන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කෙරුණා.










