වත්මන් රජය අපනයන සේවා කර්මාන්ත ක්ෂේත්‍රයට 15%ක බද්දක් පනවා ඇති බවත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ දී මෙම බද්ධ අහිතකර බවත් තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් සිදු කරන බවත් රජය 15%ක් බද්දක් දානවා කියද්දි විෂය භාර ඇමතිවරයා විරුද්ධ යැයි කියන බවත් රජයටවත් හරිහමන් ප්‍රතිපත්තියක් නොමැත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
තවත් අවස්ථාවක 15% මෙම බද්ධ ජයග්‍රහණයක් ලෙස සදහන් කරන බවත් අයිඑම්එෆ් එක 3-0%ක් දාන්න කිව්වත් රජය 15%ක් කලා යැයි උද්දාමයෙන් කියන බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකට අප රටේ අපනයන ක්ෂේත්‍රයේ බදු ප්‍රතිපත්තිය තීරණය කරන්න දිය නොහැකි බවත් මේ 15%ක බද්ධක් දැමීම තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රය තුළින් ආදායමක් ලැබූ ව්‍යවසායකයන් අගතියට පත්වන නිසා එයට විරුද්ධ බවත් එය වෙනස් කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න
අප රටේ අපනයනවලට වෙළෙද ප්‍රතිපත්තියට බරපතල අගතිගාමී තත්ත්වයක් ඇමෙරිකාව ක්‍රියාත්මක කරන වෙළෙද බදු ප්‍රතිපත්තිය නිසා ක්‍රියාත්මක බවත් ගෝලීය වෙලෙද බදු වැඩි වීමේ ගැටලුවට රජය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු හා කර්මාන්ත අමාත්‍යාංශ මෙන්ම රටේ ආර්ථිකයට බලපාන සෑම අමාත්‍යාංශයක්ම එකට එකතු වී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට මුහුණ දෙන්න හොද සැලසුමක් අවශ්‍ය බවත් නිෂ්පාදන ආර්ථිකය නිෂ්පාදන කර්මාන්ත හරහා අප රටට ධනය උත්පාදනය අපනයන කේන්ද්‍රීය කර්මාන්ත දියුණු කිරීම යන ඉලක්ක කරා මේ හරහා යා හැකිද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
යුනිකෝන් ඇතාත් මරලා දාලා. රජය නිහඩ ඇයි
එමෙන්ම පොදු මාතෘකා ගැන වෙනද ලැබූ නිදහස වත්මන් රජය තුළ භාෂණයේ නිදහස අහිමි වී ඇති බවත් මෙරට වන අලි අතර ඇතුන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මැරෙන තැනට වැටී ඇති බවත් ඊයේ යුනිකෝන් කියන ඇතා ද ඝාතනය කර ඇති බවත් අප රටේ පිරිමි අලි ජනගහනය අනුව සිටින්නේ 11%ක් දළ ඇතුන් බවත් අද එය 7%ට අඩු වී ඇති බවත් අප රටේ ඇත් සම්පත ආරක්ෂා කරන්න මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජීපීඑස් කොලර් ක්‍රමය හරහා ඇතුන් ආරක්ෂා කළ හැක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
උපාධිධාරී රැකියා ගැටලුව පහත් තැනකට පත් කරන්න එපා
රැකියා විරහිත උපාධිධාරී ගැටලුව රජයේ අගමැතවරිය ශරීර ලක්ෂණවලට විඩංගු කර පහත් කර ඇති බවත් හදුන්නෙත්ති මැතිතුමා මැතිවරණ සමයේ රැකියා විරහිත උපාධිධාරීන්ට දුන් පොරොන්දු අද කඩකර ඇති බවත් මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










