අද දින පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට සිදුවන හිරිහැරයන් පිළිබද අවස්ථා දෙකකදීම සභානායක බිමල් රත්නායක මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News
ඉන් පළමුවැන්න වූයේ නීතීඥ ස්වස්ථිකා අරුලිංගම් හට විපක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් කර තිබූ වාචික හිංසනයකි.
අනෙක අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් හට සිදුව ඇති හිංසනයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට අමතරව සජබ මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය හටද අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් කළ වාචික හිංසනයක් පිළිබදව මීට පෙර වාර්තා විය.










