කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අලුත්ම අලුත් දේශපාලන චරිතයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, උගත්, බුද්ධිමත්, අලුත්, ජනප්‍රිය මෙන්ම අපරාජිත චරිතයක් මෙවර සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරග බිමට ඉදිරිපත් කිරීමට සජබය පියවර ගෙන ඇත.
සජබය මෙම තීන්දුව ගෙන ඇත්තේ කොළඹ මහනගර සභාවේ ජන ඝනත්වය, ජන සංයුතිය, ඡන්දය බෙදීයෑම, ඉකුත් මැතිවරණවලදී ඡන්දය භාවිත කළ ආකාරය ආදී සියලු කරුණු පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් මෙම අලුත්ම චරිතය කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් නොකිරීමට සජබය තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.










