• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව අධ්‍යාපන සමුපකාර ඡන්දය දිනීම යනු කුමක්ද? Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එපා එපා වෙනස් කරන්නට ගුරුවරියන්ගේ සාරිය!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ රාජ්‍ය සේවයේ දැඩි ලෙස පරිහානියට පත්වූ ක්ෂේත්‍රයක් වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්නය අධ්‍යාපනය හරියට නොදීමයි. පාසල් අධ්‍යාපනය අන්ත පරිහානියට ලක්වී තිබෙන අතර, මේ වනවිට පාසල යනු ටියුෂන් නම් වලිගය විසින් වනනු ලබන බල්ලෙකි. ඒ අතර, විවිධ මානසික අසහනයන් ඇති පුද්ගලයෝ පවා ගුරුවරුන් ලෙස සමාජයේ රඟපාති. Sri Lanka Latest News

එසේ වීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පාර්ශ්වයන් වන්නේ, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ය. එසේ වුවද, එය පිළි නොගෙන, දේශපාලකයන්ට සහ නිලධාරීන්ට බණින්නට බොහෝ දෙනෙකු කැමැතිය.

කෙසේ වෙතත්, පන්ති කාමරයේ ඉගැන්වීම හරියට කරන්නට ගුරුවරයාට කිසිදු දේශපාලන හෝ නිලධාරි බලපෑමක් නැත. එහෙම බලපෑමක් ඇතැයි කීම පල් බොරුවකි. මේ වනවිට ගුරු මාරු පවා සිදුවන්නේ ගුරු සංගම්වලට අවශ්‍ය පරිදිය.

පන්ති කාමරයේ අධ්‍යාපනයට බාධාකාරී වන ඇතැම් දේ පාසල් තුළ සිදුවේ. ඒවා වනාහි විදුහල්පතිවරුන් කැපීපෙනීම සඳහා කරන සංදර්ශන මිස දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ බාධා නොවේ. මේ සියල්ල මැද තම රාජකාරිය හරියට කරන හා අමතරව ද සිසුන් වෙනුවෙන් බොහෝ දේ කරන ගුරුවරු පිරිසක් සිටිති. ඔය වැටුප් ගැන තර්ක කරන විට කියන්නේ ඒ සුළු පිරිස කරන දේය. බහුතරයක් එසේ නැත.

පන්ති කාමර අධ්‍යාපනයට බාධාකාරී වන තවත් දෙයක් නම් ගුරුවරුන් පාසල් කාලය තුළදීම විභාග උත්තර පත්‍ර බැලීමට යාමයි. ඒ වෙනුවෙන් ගුරුවරුන්ට වැටුපට අමතරව දීමනා ගෙවනු ලැබේ. ඒ දීමනා ප්‍රමාණවත් නැතැයි කියන අතර මතක තබාගත යුතු කරුණක් වන්නේ, එම රාජකාරි වෙනුවෙන් වැටුප් සහිත රාජකාරි නිවාඩු ලැබෙන බව සහ උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරයකුට ටියුෂන් වෙළෙඳපළේ අලෙවි කළ හැකි සමාජ ප්‍රාග්ධනයක් ගොඩනැගෙන බවයි.
පාසල් පැවැත්වෙන්නේ අවුරුද්දට දින 200ක පමණ කාලයකි. අවුරුද්දෙන් තුනෙන් එකකට වැඩි කාලයක් පාසල් පැවැත්වෙන්නේ නැත. පැවැත්වෙන කාලසීමාව තුළද ගුරුවරුන්ට වැටුප් සහිත දින නිවාඩු 41ක් සහ පැයේ කෙටි නිවාඩු 100ක් පමණ ලබාගත හැකිය.

ඉගැන්වීම හෙවත් ඉගෙන ගැනීම සඳහා සිසුන්ට පහසුකම් ලබාදීම වෙනුවෙන් ගුරුවරුන්ට වැටුප්, පුහුණුව, ගුරු අත්පොත්, පෙළපොත් ආදිය රජය විසින් සපයනු ලැබේ. එහෙත්, තමන්ගේ දරුවාට පාසලෙන් ලබාදෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් තෘප්තිමත් මවුපියන් සිටී. ඒ සියලු මවුපියන්ට ළමයින්ගේ අධ්‍යාපනය ගැන කරන්නට පැමිණිලි බොහෝ ඇත. රජය අධ්‍යාපනය වෙනුවෙන් දරන වියදමට අමතරව අතිවිශාල වියදමක් ළමයින්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දරන්නට මවුපියන්ට සිදුවේ. එය නිවසේ විදුලි බිල මෙන් කිහිප ගුණයකි. විදුලි බිල වැඩි යැයි හඬක් නැඟුණද ටියුෂන් බිල වැඩි යැයි එහෙම මැසිවිල්ලක් ඇසෙන්නේ නැත.

ගුරුවරුන්ට ද පැමිණිලි ඇත. සාපේක්ෂව ගත් කල ගුරුවරුන්ට මේ වනවිට හොඳ වැටුප් ලැබේ. එහෙත්, තව මදිය. සුබෝධිනී කමිටුව නම් තමන්ට වාසිදායක මොකක්දෝ එකක් විසින් කරන ලද නිර්දේශයක් කර තබාගෙන යන ගුරුවරු ඒ අනුව තව විශාල විෂමතාවක් තිබෙන බව කියති.
ලොකුම විෂමතාව තිබෙන්නේ අධ්‍යාපනයේය.

අධ්‍යාපන සමුපකාරයේ වැඩිපුර ඉන්නේ ගුරුවරුය. එහි බලය ජාතික ජන බලවේගයට ලැබී ඇත. ඔවුන් කියන්නේ දැන් දූෂණයෙන් තොර පිරිසක් අතට බලය ලැබී ඇති බවය.

වසර පහකට පෙර කාලය දක්වා මමද අධ්‍යාපන සමුපකාරයේ සාමාජිකයකු වී සිටියෙමි. එහි වරප්‍රසාද ලබාගැනීමේදී මට අවසාන කාලයේදී කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදුවූයේ නැත. ගුරු සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව මට හිමි වරප්‍රසාද මම ඉතා කෙටි කාලයකින් ලබා ගත්තෙමි. එහි සේවකයන් හා නිලධාරීන් දූෂිතයන් නොව, විනීත පිරිසක් බව මගේ අත්දැකීමයි. මෑත වකවානුවේදී, ඔය කියන හොරුන්ගේ පාලනය තුළ අධ්‍යාපන සමුපකාරයේ කාර්යක්ෂමතාව ඉහළ ගියේය.

අධ්‍යාපන සමුපකාරයේ අතීතයේ යම් යම් දූෂණ වංචා සිදුවූ බව බොරුවක් නොවේ. බලයේ සිටි පක්ෂ අධ්‍යාපන සමුපකාරයට ද තම බලය ව්‍යාප්ත කරගත් බව ඇත්තය. දැන් සිදුවන්නේ ද එයයි.

අතීතයේ සිදුවූ බව කියන ඔය මහාපරිමාණ වංචා හා දූෂණ මොනවාද?
අධ්‍යාපන සමුපකාරයේ සාමාජිකයන් බහුතරය ගුරුවරුන් නිසා, එහි බලය ජාතික ජන බලවේගයට ලැබීම ගැන පුදුම විය යුතු නැත.
අප සිතන අන්දමට නම්, සමුපකාර ව්‍යාපාරය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

CIDය ටීම් 6ක් දාලා දේශබන්දුව තාම හොයනවා!  Sri Lanka Latest News

Next Post

බටලන්ද වාර්තාව ජවිපෙ පිටින් දා අත පිහදාගනිමින් රනිල් උදේ කරපු ප්‍රකාශයට හවස පෙරටුගාමීන් ප්‍රතිචාර දක්වයි! වාර්තාවේ රනිල් ගැන තියෙන චෝදනා එකින් එක කියවයි! මෙතෙක් එළියට නොආ ආන්දෝලනාත්මක ඡායාරූප රැසක් එළියට දමයි! රනිල්ගේ ලේකම් සුදත් චන්ද්‍රසේකර ලියපු පාපොච්ඡාරණයත් කියවයි! ‘ඔබ නිසා මම බටලන්දේ මිනීමරුවා විය.. ගාමිණී අතුකෝරලගේ මිනීමරුවා විය..! රනිල්ට දැන් මේ ආණ්ඩුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවාද? ඇයි අත්අඩංගුවට නොගන්නේ? ඇයි ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.