• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ව අවුස්සලා රටක් ගිනි තියපු මෙහ්දි හසන් කාගෙ කවුද? Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් සහභාගී වූ අල්ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම්! මාධ්‍යවේදියා බටලන්ද වධකාගාරය ගැන කෙළින්ම ප්‍රශ්න කරද්දී රනිල් ඇඹරෙයි! කොමිසන් වාර්තාව ඉදිරිපත් කරන්න කියයි! අවසන් වාර්තාව සභාගත කර නැතැයි කියයි! හැබැයි අන්තිමේදී කොමිසන් වාර්තාව එළියට දාද්දී රනිල්ට කටඋත්තර නැතිවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටෙන රටක. මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නන් හෝ දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් හෝ සිටින පරිසරයක. ඔව්, ඔබට දිනන්න අවශ්‍යයි. ඔවුන් පරාජය වෙනවාටද ඔබට අවශ්‍යයි. මම මේ පොත ලිව්වේ බොහෝ හේතු නිසා. ඉන් එකක් නම් අපට ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි නිසා. අනෙක අපට ක්‍රියාකාරී නිදහස් මාධ්‍යයක් තිබිය නොහැකි නිසා. මිනිසුන් තමන්ගේ සද්භාවයෙන් තර්ක කිරීමට කැමැති නැතිනම් සහ නිත්‍ය කරුණු හා සත්‍යය සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන්ට තර්කය වාචාල ලෙස ජය ගැනීමට නොහැකි නම් කියන කාරණාවන් දෙකක් නිසාද එහෙම සිදුවී තිබෙනවා. මිනිසුන් හුදෙක් කරුණු අන්ධ ලෙස පිළිගන්නේ නැත. ඔවුන් සත්‍යය අන්ධ ලෙස පිළිගන්නේද නැත. මම කියන්නේ නැහැ ඔබ සෑම තර්කයකින්ම දිනිය යුතුයි කියලා. එහෙත් ඔබට තර්කයක් දිනන්න අවශ්‍ය නම් ඔබ කළ යුතු දේ කුමක්දැයි හොඳින්ම අවබෝධ කරගන්නට ඕනෑ….’ Sri Lanka Latest News

කුමක්ද මෙම ‘තර්කය’ මිශ්‍ර කරගත් අපූරු කතන්දරය? පසුගියදා මෙම කතාව අසන්නට ලැබුණේ එක්සත් රාජධානියෙන් නොහොත් එංගලන්තයෙනි. එක්තරා සුවිශේෂ මිනිසකු විසින් කියා සිටින ඉහත වදන් යම් විෂයක් ආශ්‍රිතව ගොඩනැගී තිබිණි. ඔහු විසින් ලියා තබන ලද යම් ග්‍රන්ථයක් ඇසුරෙන් මෙම කතාන්දරය පාදක වී තිබිණි. ප්‍රථමයෙන් මෙම මිනිසා කවරෙක්දැයි සොයා බලමු. මොහු නමින් මෙහ්දි හසන්ය. මෙම නම ඇසූ සැණින් අපට එතරම් හුරුපුරුදු බවක් ඇති නොවුණත්, ඔහු ගැන ලෝකයේ බොහෝ පිරිසක් කරුණු දන්නේය. ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඔහුගේ නාමය බොහෝ සෙයින් ප්‍රකටව ඇත. එනම් ජාත්‍යන්තර ප්‍රකට මාධ්‍ය සංවිධානයක් වන ‘අල් ජසීරා’ ආයතනයේ ප්‍රවීණ හා ප්‍රධාන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන මෙහ්දි හසන්ගේ නාමය පසුගියදා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පුරා උච්ච ලෙස ඇසෙන්නට විය. එය කුමන හේතුවක් උදෙසාද? මෙයට දින කිහිපයකට ඉහතදී මුළුමහත් ලෝකයම මහත් ආන්දෝලනයකට පත්කරමින් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවද දැඩි අවධානයකට ලක්කළ සිදුවීමක ඉදිරියෙන්ම සිටියේ ඔහුය. එම සිදුවීම නම් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා මාධ්‍ය ආයතනය සිදුකළ සුවිශේෂ මාධ්‍ය සාකච්ඡාවයි. ‘හෙඩ් ටු හෙඩ්’ යන සිරස්තලය යටතේ ඇති මෙම ජනමාධ්‍ය සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මෙහ්දි හසන් විසිනි. එහිදී ඔහු රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ පැයකට අධික වූ රූපවාහිනී සාකච්ඡාව යම් සුවිශේෂ කරුණු කිහිපයක් ආශ්‍රිත කරගෙන මේ වනවිට ලොව පුරා විශාල ආන්දෝලනයකට ලක්ව ඇත. මෙම සිදුවීම තවදුරටත් සොයා බලමු.

එම තොරතුරු සොයා බලන්නට ප්‍රථම අප මෙම කතාවේ ආරම්භය වෙත නැවත යමු. එනම් මෙහ්දි හසන් විසින් සිදුකළ ප්‍රකාශය ගොඩනැගුණේ කෙසේද? එය නම් ඔහු විසින් තාර්කික සහ විවාද කලාව ගැන ලියා තබන ලද විශේෂිත ග්‍රන්ථයකි. එම ග්‍රන්ථය Win Every Argument: The Art of Debating, Persuading, and Public Speaking ලෙසින් නම්කෙරී ඇති අතර, එහි සිංහල අරුත ලෙසින් ගත හැක්කේ ‘විවාද කිරීමේ, සියලු ඒත්තු ගැන්වීමේ සහ තර්ක ප්‍රසිද්ධියේ කතාකිරීමේ කලාව ජයගැනීම’ යන්නය. ඔහුගේ මෙම විශේෂිත ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු සමග තවත් මාධ්‍යවේදියකු සිදුකළ සංවාදයක් ඇසුරෙන් ඉහත අදහස් ප්‍රකාශ වී තිබිණි. එය තවදුරටත් සොයා බලමු.

‘මම හැම විටම ආඛ්‍යානය සහ කතාව ගැන උනන්දු වී සිටිමි. හැඟීම් සහ ප්‍රේක්ෂකයන් සමග චිත්තවේගීයව සම්බන්ධ වීම ගැන මම පොතේ බොහෝ දේ කතා කරමි. ඔබේ ප්‍රේක්ෂකයන් සමග සම්බන්ධ වීම පිළිබඳ පරිච්ඡේදයේදී කතාවක් ආරම්භ කිරීමේ වැදගත්කම ගැන මම කතා කරමි. ඒ වගේම මම පුනරාවර්තනයේ වැදගත්කම ගැනත් කතා කළෙමි. මම හැම විටම කතාව ගැන උනන්දු වුණා. නමුත් මම හිතන්නේ නැහැ මම මේ පොත ගැන පර්යේෂණ කරන්න පටන් අරන් මාස 18ක් වෙනකම් ඒක කොච්චර වැදගත්ද කියලා මට හරියට තේරුණේ නැහැ කියලා. වාචාලකම සහ කතාන්දර කීම පිටුපස ඇති විද්‍යාවට ගැඹුරට කිමිදීමට පටන්ගන්නා තෙක් මම දැන සිටියේ එවැනි දේවල් නොවේ. මම නිසැකවම එයට නැඹුරු වී සිටින බව ප්‍රත්‍යක්ෂයි….’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. ලෝකයේ විවිධ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් මෙන්ම තවත් විවිධ කීර්තිමත් ප්‍රකට පුද්ගලයන් සමග මාධ්‍ය සාකච්ඡාවන් රැසක් සිදුකර ඇති මෙහ්දි හසන් නමැති මාධ්‍යවේදියා, මේ වනවිට ලෝකය පුරා මහත් ප්‍රකටත්වයකට ලක්ව ඇත. ඔහු පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගද සිදුකළ මාධ්‍ය සාකච්ඡාවද අතිශය ආන්දෝලනයකට ලක්විය. එය තර්ක විතර්ක රාශියක් මධ්‍යයේ සිදුකෙරුණු සාකච්ඡාවක් විය. මෙම සාකච්ඡාවේදී සමහර තොරතුරු අප මෙයට පෙර ලිපියකින් පළකර සිටියෙමු. කෙසේ වුවද යටකී සාකච්ඡාවේදී මාධ්‍යවේදියා විසින් අසනු ලැබූ සමහර ආන්දෝලනාත්මක ප්‍රශ්නවලට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කෝපයකින් පසුවූ බවටද කරුණු ප්‍රකාශ විය. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් සමග මෙහ්දි හසන් පැය දෙකකට ආසන්න කාලයක් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවත්, රූපවාහිනී විකාශය සිදුව ඇත්තේ පැයක පමණ කාලයකට බවය. මේ හෙයින් තමන් පැවැසූ සමහර කරුණු විකාශයෙහි අන්තර්ගත නොවූ බැව් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ‘අල් ජසීරා’ ලෝ ප්‍රකට රූපවාහිනිය විකාශය කළ මෙම ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන මගින් ඉහත මාධ්‍යවේදියා විසින් අසනු ලැබූ එක් ප්‍රබලතම ප්‍රශ්නයක් වූයේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා නැගී තිබෙන ‘බටලන්ද වධකාගාරය’ අදාළ වූ ප්‍රශ්නයයි. මේ හෙයින් එම මාධ්‍ය සාකච්ඡාව ඉතා උද්වේගකර එකක්ද විය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා සිදුකළ තවත් ප්‍රබල චෝදනාවක් වූයේ එම වැඩසටහනට සහභාගි වූ සාකච්ඡා මණ්ඩලයේ තිදෙනාගෙන් දෙදෙනෙක්ම එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට සම්බන්ධ බවයි.

කෙසේ හෝ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී අප කතාවේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ අත. එය කුමක්ද? ලෝකයේ බොහෝ ප්‍රකට පුද්ගලයන් සහ ජන නායකයන් සමග මෙසේ ආන්දෝලනාත්මක මාධ්‍ය රූපවාහිනී සාකච්ඡා පවත්වන මෙහ්දි හසන් නමැති මාධ්‍යවේදියා කවරෙක්දැයි හරියාකාරව සොයා බලමු.

දැනට 45 වැනි වියේ පසුවන මෙහ්දි හසන්, බි්‍රතාන්‍ය ජාතිකයෙකි. ඔහුට මහා බි්‍රතාන්‍යයේ පුරවැසිභාවයට අමතරව ඇමෙරිකාවේ පුරවැසිභාවයද හිමිව ඇත. ඉන්දියානු ෂියා මුස්ලිම් මවුපියන්ට දාව ඔහු උපත ලබා ඇත්තේ මහා බි්‍රතාන්‍යයේය. මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ‘ක්‍රයිස්ච්චර්ච්’ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඔහු ආර්ථික විද්‍යා උපාධියක් හිමිකරගෙන ඇත. පසු කාලයකදී ඔහු මාධ්‍යකරණයට උනන්දු වී මාධ්‍යවේදියකු වශයෙන් මාධ්‍ය ආයතන කිහිපයකම කටයුතු කරන්නට ගත්තේය. බී.බී.සී. ගුවන්විදුලි සහ රූපවාහිනී සේවය, චැනල් ෆෝ රූපවාහිනී සේවය, The Huffington Post, The Guardian ආදී මාධ්‍ය ආයතනවල සේවය කළ ඔහු පසුව ලොව ප්‍රකටතම මාධ්‍ය සංවිධානයක් වන කටාර් රාජ්‍යයේ පිහිටා තිබෙන ‘අල් ජසීරා’ රූපවාහිනියට සේවය කරන්නට ගත්තේය. එහිදී ඔහු ලොව පුරා ඉතා ප්‍රකට මාධ්‍යවේදියකු බවට පත්වූයේ එම මාධ්‍ය ආයතනය මගින් නිෂ්පාදනය කළ ‘හෙඩ් ටු හෙඩ්’ රූපවාහිනී වැඩසටහන හරහාය. සිංහල බසින් ‘හිසට හිස’ යන අරුත ඇති මෙම වැඩසටහන ලොව මාධ්‍ය කලාව උඩුයටිකුරු කරන්නට සමත් වුණේය. මෙය හරහා මෙහ්දි හසන් ලොව ප්‍රකට පුද්ගලයන් සමග ආන්දෝලනාත්මක සාකච්ඡා පවත්වමින් තර්කානුකූල රූපවාහිනී කලාවක් අනුගමනය කළේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනස් කරන්න යෝජනාවක්! ක්‍රීඩාව භාර ඇමැති ප්‍රසන්න රණවීර! ක්‍රීඩා අධ්‍යක්ෂකම දේශබන්දු තෙන්නකෝන්ට! ප්‍රධාන පුහුණුකාරිනිය ඉෂාරා සෙව්වන්දි! පොලිසියේ දක්ෂතා ඇති කණ්ඩායමක්! Sri Lanka Latest News

Next Post

වැලිගම W15 හෝටලයට වෙඩි තිබ්බ සිද්ධියේ දේශබන්දු හැරුණුවිට අනෙක් පොලිස් නිලධාරීන් 6 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිගෙන් CIDයට උපදෙස්! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.