ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජපන් ආධාර යටතේ දියත් කර තිබූ අතුරුගිරියේ සිට කොටුව දක්වා වූ උඩින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ 1%ක පොලියක් යටතේ වසර 15කට පසු ගෙවීම ආරම්භ වන ලෙස ජපාන රජය අරමුදල් ලබා දී තිබූ බවත්, ඒ වෙනුවට වත්මන් රජය 6%ක පොලියක් යටතේ නව ආයෝජකයන් සොයමින් සිටින බවත්ය.
ජපන් රජය වෙනුවට නව ආයෝජකයන් සොයමින් සිටින බව නාගරික සංවර්ධන අමාත්‍යංශයද මේ වනවිට තහවුරු කර තිබේ.










