එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව අගෝස්තු මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් පසුව ගැනීමට සැලසුම් කර ඇති බව අමෙරිකාව සදහන් කරයි.
මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවැති අන්තර්ජාල සාකච්ජාවකදී මේ බව අවධාරණය කර ඇත.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කිරීමටද එහිදී ටෙප්ලිට්ස් මහත්මිය කටයුතු කළාය.










