• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප්, කෝපා සහ හොරොව්පොතානේ පළමු ඩීයාරෝ! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ වාදවිවාද ඇතුළු සිදුවන දේවල් පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා හෝ කමිටු කාමරවල සිදුවන සාකච්ඡා ඒ ආකාරයටම ලිවීමට නොහැක. ඊට යම් යම් සීමා පවතින සහ එම ආචාරධර්මවලට අනුකූලව ඒවා ලිවිය යුතුය. නැතහොත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් එම සාකච්ඡාවලට අදාළ මාධ්‍ය නිවේදන, මාධ්‍ය වෙත නිකුත් කෙරේ. Sri Lanka Latest News

නමුත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව (කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාව (කෝපා) මාධ්‍යයට විවෘත කර ඇත.
එය පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන අංශය හරහා සජීවීවම රූපවාහිනියෙන් නැරඹීමට හැකිය. කෝප් කමිටුව සහ කෝපා කමිටුව මාධ්‍යයට විවෘත කරන ලෙසට වසර ගණනාවක් තිස්සේ කෙතරම් ඉල්ලීම් ලැබුණද එය ප්‍රායෝගිකව සාර්ථක වූයේ කරු ජයසූරිය මහතා කතානායක ලෙස කටයුතු කළ අවස්ථාවේදීය.

කෝප් සහ කෝපා කමිටුවලදී විශාල මූල්‍ය අක්‍රමිකතා, අකාර්යක්ෂමතා, නිසි ප්‍රසම්පාදන ඔස්සේ මිලදීගෙන තිබෙනවාද, රාජ්‍ය ආයතනවලින් අපේක්ෂා කරන ජනතා සේවය ඉටුවේද, නොඑසේ නම් කෝප් සහ කෝපා කමිටු මගින් නිර්දේශ කරන කරුණු අදාළ රාජ්‍ය ආයතන සිදුකරනවාද, නැද්ද යන කරුණු ගැනත් දැඩි අවධානයක් යොමු කළ හැකිය.

මෙම කරුණුවලදී බොහෝ විට ඇඟිල්ල දිගුවන්නේත්, දිගු කරන්නේත් විෂයභාරව කටයුතු කළ කැබිනට් අමාත්‍යවරයාටය. එසේත් නැත්නම් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරයාටය. නොඑසේ නම් කවුරුන් හෝ දේශපාලනඥයකුටය.

කමිටුවල විමර්ශනවලින් දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගුවේ නම් ගැටලුවක් නැත. ඔවුන් වගකිව යුතු නම් ඔවුන්ට එම චෝදනාව එල්ල වීම සාධාරණය.
නමුත් මේ සෑම කරුණකටම වගකිව යුත්තේ මේ රටේ දේශපාලනඥයන් විතරමද? සියලු පවු ඔවුන්ගේ පිට දැමීම ඉතා පහසුය.

නමුත් කෝප් කමිටුව සහ කෝපා කමිටුවට පැමිණෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් සිදුකරනු ලබන බොළඳ ප්‍රකාශ, එකිනෙකට පරස්පර ප්‍රකාශ, කිසිදු වගකීමකින් තොර ප්‍රකාශවලින් තේරුම්ගත හැක්කේ කුමක්ද?

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සහ කෝපා කමිටුව රූපවාහිනියෙන් නරඹන විට ඇතැම් රාජ්‍ය නිලධාරීන් කෙතරම් වගකීමකින් තොරව කටයුතු කරන්නේද කියා ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකිය.

පසුගියදා කෝපා කමිටුවට පැමිණි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවෙන් එල්ල වූයේ දැඩි අප්‍රසාදයකි.
ඇතැම් කරුණු ගැන තොරතුරු කෝපා කමිටුවට ඉදිරිපත් කිරීමට වසර ගණනාවක් ගතකොට තවදුරටත් කාලය ඉල්ලා සිටීම ඊට හේතුවයි.
එම නිසා රාජ්‍ය ආයතනවල සියලු පව් දේශපාලනඥන් පිට පටවා අත සෝදා ගැනීම වඩාත් පහසු නිසා ඇතැම් නිලධාරීන්ද තමන්ගේ වැරැදි තීරණ සහ අතපසුවීම් දේශපාලනඥයන්ගේ ගිණුමට බැර කිරීමට දක්වන්නේ දැඩි කැමැත්තකි.

ඒ පිළිබඳ කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ සභාපතිවරුන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපේ රටේ මේ දක්වා පැවැති දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රහාර එල්ල කරන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා ඇතුළු දේශපාලනඥයන්ටයි.

නමුත් රජයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සහ නිලධාරිවාදය අනුව කෙතරම් අකටයුතුකම් රටට සිදුවෙනවාද කියා කෝප් සහ කෝපා කමිටු රැස්වීම්වලදී ජනමාධ්‍ය හරහා ඉතා හොඳින්ම පැහැදිලි වේ.

එම නිසා ඇතැම් රාජ්‍ය සේවකයන් කෙතරම් වගකීමෙන් කටයුතු කරනවාද කියා ඔවුන් විසින් ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කළ යුතුව තිබේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම්, වැටුප් විෂමතා, වැටුප් සංශෝධන, වෘත්තීය ඉල්ලීම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන ඉතා බරපතළ ලෙස අවධානය යොමුකරන ඇතැම් රාජ්‍ය සේවකයන් තම වගකීම් නිසියාකාරව ඉටුකරනවාද, තම වෘත්තීය අයිතිවාසිකම්වලට තිබෙන උනන්දුව තම සේවය නිසි පරිදි ඉටුකිරීම වෙනුවෙන් මෙම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවාද යන්න ඔවුන් විසින් ඔවුන්ගේම හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.
රාජ්‍ය සේවකයන් ගැන කතාකරද්දී ඒ.පී.ඒ. ගුණසේකර මහතා වැනි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රාජ්‍ය සේවය වෙනුවෙන් ඉතා අවංකව සිදුකළ කාර්යභාරය මුළු රටේම රාජ්‍ය සේවකයන්ට ඉතා හොඳ ආදර්ශයකි.

‘හොරොව්පොතානේ පළමුවැනි ඩී.ආර්.ඕ. යනුවෙන් ඒ.පී.ඒ. ගුණසේකර මහතා විසින් රචිත ග්‍රන්ථය සෑම රාජ්‍ය සේවකයකුම කියවනවා නම් කෙතරම් අගනේද?

සියලු දෙනාට ඒ.පී.ඒ. ගුණසේකර මහතා විය නොහැක. නමුත් අවම මට්ටමකින් හෝ ගුණසේකර මහතා වැනි ආකාරයෙන් කටයුතු කිරීමට යම් උත්සාහයක් ගන්නේ නම් එය ඉතා වටින්නේය.

අනුරාධපුරයෙන් එහා හොරොව්පොතාන වැනි අතිශය දුෂ්කර ප්‍රදේශයක පළමුවැනි ඩී.ආර්.ඕ. වශයෙන් ඔහු කටයුතු කිරීමේදී කෙතරම් ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දී ඇද්ද?

ඔහු විසින්ම රචිත ‘හොරොව්පොතානේ පළමුවැනි ඩීයාරෝ’ කෘතියෙන්ම ඒ බව ඉතා මැනැවින් වටහාගත හැකිය.
‘කහටගස්දිගිලිය, කහටගස්දිගිලිය, කහටගස්දිගිලිය… ඈත සිට ක්‍රමයෙන් ළංවෙන අඛණ්ඩ කටහඬක් මට ඇසෙයි. මගේ ගැලවීමට එන දෙවියෙක්ද? වෙලාවේ හැටියට ඊටත් වඩා වටිනා අයෙක් සේ හැඟෙයි. බස් නැවතුම්පළ ඉදිරියේ නතර වූයේ කසිකබල් වෑන් රථයකි.

ඝෝෂකයාගේ හඬ පරයා ඇන්ජිමේ හඬ ඇසෙයි. ඇන්ජිමේ හඬ පරයා ඝෝෂකයාගේ හඬ ඇසෙයි. එම ගමනාන්තයට යන මගීහු ඒ දසට දිවයති. තීරණයක් ගත නොහැකි මම මඳක් විපිලිසරව බලා සිටිමි. මෙවන් වාහනයක මා කිසිදා මෙතෙක් ගමන් කර නැත.

‘ආයුබොවං, තමුන්නැහෙත් ඒ වාහනේට ගියා නං කහටගස්දිගිලියට යාගන්න පුළුවන් වෙයි. බස් ගැනම හිතන්න එපා…’ මා අසල වූ ගැමියා පවසන දෑ සැබෑය. මම හැකි වේගයෙන් ඒ වෙතට දිව යමි.

කෙතරම් තදබදයක් තිබුණත් රියැදුරුට පසුපසින් ඇති අසුනේ මඳ ඉඩකඩක් මට ලැබෙයි. අසීරුවෙන් වාඩිවී සිටින මගේ උකුල මත සූට්කේසය තබා ඒ මත බී්‍රෆ් කේසය තබමි. ඉන් පසු යාබද මගියාගේ ආධාරයෙන් ඒ මත කොට්ටය තබමි. යාන්තම් මගේ හිස හැරවිය හැකි විය. කඳ බඩ අතපය කෙසේවත් සෙලවිය නොහැක.

ගමන ඇරැඹේ. පාන් පෝරනුවක් තුළට දමන අමු පාන් ගෙඩියක් මෙයට වඩා සැප විඳිනු ඇත. මන්දයත් උෂ්ණයෙන් තැම්බුණත් එක තැනක නොසෙල්වී නොගැස්සී උඩ වීසි නොවී සිටිය හැකි හෙයිනි.

බංගලාවට පිවිසි ධර්මේ එහි සාලයෙහි දකුණුපස ඇති ඉදිරි කාමරය මා වෙත වෙන්කර දෙයි.
‘ගුණේ මේ කාමරේ පිරිසිදු කරගෙන නතර වෙන්න. හැබැයි ඇඳක් තමයි නැත්තේ. දවස් දෙක තුනක් යනකොට පොඩි ඇඳක් හදවාගන්න පුළුවන් වෙයි…’
‘අපි දැං කෑම ටිකක් කමු…’ ධර්මේගේ කාරුණික අනුග්‍රහය නිසා මට දිවා භෝජනයද ගැටලුවක් නොවී සැපයේ.

දිවා භෝජනයෙන් පසු නැවතත් කාර්යාලයට පැමිණෙන මම පැමිණීමේ ලේඛනය අස්සන් කර රාජකාරි බාරගත් බවට ලිපියක් කච්චේරිය වෙත යැවීමට සලස්වා ආපසු චමරිය වෙත පැමිණෙමි. ඒ වනවිට එහි සේවකයා වූ කපූර් කාමරය අතුපතුගා මකුළුදැල් කඩා ශුද්ධ පවිත්‍ර කර තිබිණි.

පුවත්පත් කඩදාසි කිහිපයක් සොයාගත් මම ඒවා බිම අතුරා ඒ මත මා ගෙන ආ ඇඳ ඇතිරිල්ක් එළා කොට්ටයකට හිස තබාගෙන ඇල වෙමි. ගමන අතරමග දී සෑම විටෙකම අවහිරයක් වූ කොට්ටය මෙම අවස්ථාවේදී මා හට ඉමහත් සහනයක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත.

මෙට්ටයක් නොමැතිව නිදාගැනීම අසීරු වුවත් ගතෙහි වූ වෙහෙස නිසාම මම කෙටි වේලාවක් තුළදීම නින්දට පිවිසෙමි. සවස් වනවිට සියලු සාමාජිකයෝ දවසේ කටයුතු නිමවා චමරිය වෙත පැමිණෙති. ඔවුහු සංඛ්‍යාවෙන් හතර දෙනෙකි. දැන් මා සමග එම සංඛ්‍යාව පස්දෙනකු දක්වා වර්ධනය වී ඇත. අපි එකිනෙකාව හැඳින ගතිමු.

එම කොටස උපුටා ගත්තේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ ඒ.පී.ඒ. ගුණසේකර මහතා විසින් රචිත ‘හොරොව්පොතානේ පළමුවැනි ඩීයාරෝ’ කෘතියෙනි.

රාජ්‍ය සේවය සිදුකිරීමේදී කෙතරම් ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දුන්නද තම සේවය නොපිරිහෙළා ඉටුකිරීමට ගත් වෙහෙස මෙම කෘතිය තුළ මැනැවින් අන්තර්ගත වී ඇත.

එම කෘතියේ තවත් තැනක මෙසේ සඳහන් වේ.
ඩී.ආර්. ඕ. හෙවත් ප්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුර නිර්මාණය කරනු ලැබුවේ ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේය. එයට පෙර එම නිලයේ වගකීම දැරුවේ උඩරට ප්‍රදේශවල රටේ මහත්වරුන් විසින් වන අතර, පහතරට ප්‍රදේශවලදී මුදලිවරුන් විසිනි.

එම රටේ මහත්වරුන් හා මුදලිවරුන් පත්කිරීමේදී පැවැති වැඩවසම් ස්වරූපයට එරෙහි වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ගෙන එන ලද යෝජනාවක් සම්මත වීම මගින් ඩී.ආර්.ඕ. තනතුර බිහිවූ බව මා අසා ඇත. කෙසේ වුවද ඉන් පසු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් නැවත ලද විවිධ අණපනත් මගින් යම් යම් රාජකාරි ඉටුකිරීම සඳහා ව්‍යවස්ථාපිත බලතල ඩී.ආර්.ඕ.වරුන් වෙත ලබාදී ඇත. මේ අනුව ඩී.ආර්.ඕ.වරයෙක් වශයෙන් මා විසින් ඉටුකළ යුතු බොහොමයක් රාජකාරි සංස්ථාපිතව එම නිලයට පැවරුණු ඒවා වේ.

මෙය ඉතා වැදගත් කරුණකි. යම් රාජ්‍ය සේවකයකුට කිසියම් රාජකාරියක් ඉටුකිරීමට හෝ කිසියම් පොදු බවක් පිළිබඳ වූ තීරණයක් ගැනීමට හෝ බලයක් ලැබුණේ කුමන ආකාරයකටද, කා වෙතින්ද යන්න බොහෝ අය අමතක කරයි. සමහර රජයේ සේවකයන් ද මෙම කරුණ ගැන නොසිතා තමන් වෙත බලයක් ඇතැයි සිතා යම් යම් කාර්යයන් ඉටුකරනු ලැබේ. එය බරපතළ වරදකි. සමහර මහජනයාද සිතනුයේ යම් නිලයක් දැරූ පමණින් තමන් සිතන රාජකාරි ඉටුකිරීමට එම නිලය දරන්නාට බලයක් ඇති බවයි. සමහර අවස්ථාවලදී මෙහි අනෙක්පසද සිදුවේ. යම් නිලධාරියකුට ව්‍යවස්ථාපිතව පැවරී ඇති රාජකාරියක් ඔහු විසින් එම ව්‍යවස්ථානුකූල රැකියාවට අනුව ඉටු කිරීම වැරැදි සේ දකින මහජනයාද දේශපාලනඥයෝද සිටිති. එවිට ඇතිවන්නේ මහා ගැටුමකි.
මේ ආකාරයට ඒ.පී.ඒ. ගුණසේකර මහතා කියා සිටින්නේ රාජ්‍ය සේවකයකු සතු වගකීමකි. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවලට පැමිණෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් ලබාදෙන පිළිතුරු දෙස බලන විට ඒ.පී.ඒ. ගුණසේකර වැනි මහත්වරුන් කෙතරම් අවංකව, කෙතරම් කැපවීමකින් තම රාජකාරිය රට සහ රටේ පොදු මහජනතාව වෙනුවෙන් සිදුකළාද කියා ඉතා මැනැවින් තේරුම්ගත හැකිය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

පත්තර – ටීවීවලින් හැමෝම දැක්කේ කාර් එකට යටවෙලා මියගිය මවක්! ඒත් කවුරුත් නොදැක්ක අධ්‍යාපනයේ අරගලකාරිය ජානකී මැඩම්! Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දට මුළු රටටම කරන්ට් වදින්නද යන්නේ? පාඩුව මකාගන්න 40%කින් ලයිට් බිල වැඩි කරන්න ඕනලු! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.