ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.Sri Lanka Latest News
එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග මහත්මිය පැවසුවේ අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවය.
කෙසේවෙතත් රාත්‍රී සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.










