එළඹෙන පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ඇප තැන්පත් කිරීම සිදුකළා.Sri Lanka Latest News
ජාතික ජන බලවේගයේ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත්වෙන අතර මහ මැතිවරණයේදී මෙන් විශිෂ්ට ජයග්‍රහණයක් පළාත් පාලන මැතිවරණයෙන්ද අත්පත් කරගත් හැකි බවයි ඇය පවසන්නේ.
වෙනදාට කොළඹ නගරය වැඩිවශයෙන් කොළ පාටින් තිබුණද මේ වන විට එම දේශපාලන තත්ත්වය වෙනස් වී තිබෙන ඇය පවසනවා.
පෙර පැවති දේශපාලනය අවලංගු වී තිබීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ ලොකු තරඟයක් නොතිබිය හැකි බවයි ඇය සඳහන් කරන්නේ.
මේ අතර ජාතික මට්ටමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම වෙනුවෙන් නාගරිකව ද බලය අත්පත්කරගැනීම වැදගත් බවද ඇය සඳහන් කරනවා.










