අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී දූෂණයකට ලක්කොට ඇත්තේ යුද හමුදාවෙන් පලා ආ අයකු බවත්, සැකකරු සිටින ප්‍රදේශය දැනටමත් හඳුනාගෙන ඇති බවත් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල කියා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවය.
ඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් අද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.










