රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා ඔවුන්ගේ නිල ඇඳුමේ රැඳවිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිලදී ගැනීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා. Sri Lanka Latest News
ඒ අනුව, එම වර්ගයේ කැමරා 5,000ක් චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බව රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරනවා.
රථ වාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන් වෙත විවිධ පුද්ගලයන් විසින් විවිධ චෝදනා එල්ල කරන බවත්, පොලිස් නිලධාරීන් මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බව රථ වාහන පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.










