• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

සජිත් මහරෑ මාලිමා මන්ත්‍රීවරු හමුවෙයි! පාන්දර 3 වෙනකම් කතාකරලා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 9, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලාල්කාන්ත අවසර ගත්තාද

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යනු කවදත් අලුත් මාතෘකා මවන ආන්දෝලනාත්මක චරිතයකි. තම හිතේ ඇති අදහස් නොවලහා එළිපිට කෙළින් ප්‍රකාශ කරන, පොළොවේ පය ගසා දේශපාලන කරන අයෙක් ලෙස ලාල්කාන්ත ප්‍රකටය. පසුගිය දිනවල ලාල්කාන්ත දිගට හරහට තානාපතිවරුන් හමුවන ඡායාරූප මාධ්‍යවල පළවීම නිසා ලාල්කාන්ත කෙරෙහි මාධ්‍ය අවධානයද ඉහළ ගොස් තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මීට පෙර ලාල්කාන්ත වියට්නාම තානාපතිවරිය මුණගැසී තිබුණු අතර, ඉන් අනතුරුව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවීමටද හෙතෙම කටයුතු කර තිබිණි.Sri Lanka Latest News

කෙසේ වෙතත් ලාල්කාන්ත මේ අයුරින් තානාපතිවරුන් හමුවෙද්දී බොහෝ දෙනාට පැනනැගී තිබුණු ගැටලුව වූයේ ලාල්කාන්ත මෙසේ තානාපතිවරුන් හමුවන්නේ ජනාධිපතිවරයාගේ හෝ විදේශ අමාත්‍යාංශයේ අවසර ඇතිවද යන්න කියාය. මක්නිසාද යත් මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස 3ක් යෑමටත් මත්තෙන් මාලිමාවේ මැති ඇමැතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ නිවේදනයක දැක්වුණේ කිසිදු අයකුට ජනාධිපති කාර්යාලයේ හෝ විදේශ අමාත්‍යාංශයේ පූර්ව අවසරයක් නොමැතිව විදෙස් තානාපතිවරුන් හෝ දූත මණ්ඩල හමුවිය නොහැකි යැයි කියාය. මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු මැති ඇමැතිවරුන් දිගට හරහට තානාපතිවරුන් හමුවීමත්, තානාපතිවරුන්ද පෝලිමේ පැමිණ මාලිමා මන්ත්‍රීවරුන් හමුවීමත් ඊට හේතුවී තිබිණි.

පැනවූ තහනම

කෙසේ වෙතත් හිටිහැටියේම ලාල්කාන්ත හා විදෙස් තානාපතිවරුන් අතර හමුවීම්වල ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළවන්නට පටන්ගෙන තිබුණේ මෙවැනි පසුබිමක් යටතේය. ඒ අනුව බොහෝ දෙනා සැක මතු කර තිබුණේ ලාල්කාන්ත මෙසේ තානාපතිවරුන් මුණගැසෙන්නේ ජනාධිපති කාර්යාලයේ හෝ විදේශ අමාත්‍යාංශයේ අවසරය ඇතිවද යන්න කියාය. එසේත් නැත්නම් තමන් පක්ෂයේ සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු වීම නිසා තමන්ට එවැනි අවසරයක් අවශ්‍ය නැතැයි සිතා ලාල්කාන්ත මෙසේ තානාපතිවරුන් හමුවෙනවාද, එසේත් නැත්නම් මාලිමා ආණ්ඩුව ඇතුළේ ගැටුමක් මේ හරහා එළියට පැමිණෙමින් තිබෙනවාද යන්න පිළිබඳවද බොහෝ දෙනා සැක මතුකරමින් තිබේ.

ප්‍රබලයෙක් අමුතු ගමනක

වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී දේශපාලන වේදිකාවේ ජනප්‍රිය පොරොන්දු රැසක් තබන ආකාරයක් දැකගැනීමට හැකි විය. ඉන් ජනතාව අතරට ගිය ලොකුම පොරොන්දුවක් වූයේ මැති ඇමැතිවරුන්ගේ සුපිරි වාහන, ආරක්ෂාව, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් ආදිය ඉවත් කිරීමය. නමුත් දැන් දැන් මාලිමාව දුන් එම පොරොන්දුව නිසි අයුරින් ඉටුවෙනවාද යන්න පිළිබඳ ජනතාවට ඇතිවී ඇත්තේ බරපතළ සැකයකි. විශේෂයෙන්ම විපක්ෂය පවා පසුගිය දිනවල ප්‍රසිද්ධියේ චෝදනා කර සිටියේ මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු රේන්ජ් රෝවර් වර්ගයේ සුපිරි වාහන භාවිත කරමින් සිටින බවකි.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේද වත්මන් ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල චරිතයක් තනතුරු ලැබීමෙන් පසු යම් වෙනසකට ලක්ව ඇති ආකාරයය. සාමාන්‍යයෙන් ඕනෑම තැනකින් දේශපාලනඥයකුට ආරාධනාවක් ලැබීමෙන් පසු එම උත්සවයට හෝ අවස්ථාවට අදාළ දේශපාලනඥයා සහභාගි වනවා විනා එම දේශපාලනඥයාගේ පැත්තෙන් ඊට කොන්දේසි පැනවීමක් සිදුවන්නේ නැත. නමුත් මාලිමා ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් විසින් මෙසේ ආරාධනාවක් ලැබීමෙන් පසු එම අවස්ථාවට සහභාගි වීමට පෙර යම් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරන බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ආසන පැනවීමේදී තමන්ට පසුපස ආසන 3ක් තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ට අසුන් ගැනීම සඳහා වෙන්කළ යුතු බවත්, තමාගේ වම්පස අසුන සිය විශේෂ ලේකම්වරියට වෙන්කළ යුතු බවත්, උත්සව සභාව ඇමතීම සදහා මයික්‍රෆෝන ඇතුළත් ‘පෝඩියම්’ දෙකක් ඉදිකළ යුතු බවත්, ඉන් එකක් අනෙක් අමුත්තන්ටත්, අනෙක තමාට ලබාදිය යුතු බවත්, එහි වෙනත් කිසිවකුට කතාකළ නොහැකි බවත් එම කොන්දේසි අතර ඇති බවද දැනගන්නට ඇත.
චීන තානාපති වෙනස් කරයි

පසුගිය සතියේ චීන තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් කොළඹ අලුතින්ම විවෘත වුණු තරු පහේ සුපිරි හෝටල් සංකීර්ණයක උත්සවයක් පැවැති අතර, ආණ්ඩුවේ මෙම ප්‍රබලයාටද ඊට ආරාධනා කොට තිබිණි. එහිදීද ආණ්ඩුවේ ප්‍රබලයාගේ පැත්තෙන් මෙම කොන්දේසි මාලාව උත්සව සංවිධායකයන් වෙත ඉදිරිපත් කර තිබුණු අතර, ඔවුන්ද ඒ කොන්දේසිවලට අනුව ආසන පැනවීම සිදුකොට තිබූ අයුරු දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙහිදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ අත්වැරැදීමකින්ද, හිතාමතාම කළාද කියා තොරතුරු නැතත් චීන තානාපතිවරයා විසින් මෙම කොන්දේසි උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ප්‍රබලයාට වෙන්කොට තිබූ පෝඩියම් එකේ සිය කතාව සිදුකර තිබීමය.

මේ ආකාරයට ආණ්ඩුවේ ප්‍රබලයා කොන්දේසි ඉදිරිපත් කොට උත්සවවලට සහභාගි වන බවට තොරතුරු ලැබීමත් සමග බොහෝ දෙනා ඒ පිළිබඳ උනන්දුවකින් යුතුව සොයා බලන ආකාරයක්ද පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන්ට ආණ්ඩුවේ මෙම ප්‍රබලයා මෑත කාලයේදී කොළඹ තරු පහේ හෝටලයක පැවැති තවත් හමුවකට මේ අයුරින්ම කොන්දේසි මාලාවක් ඉදිරිපත් කොට සහභාගි වී ඇති බවක් ඔවුන්ට දැනගන්නට ලැබිණි. එම උත්සවයේ ඡායාරූප සොයා බලද්දී ඒ කී අයුරින්ම ආසන පැනවීම සිදුකොට ඇති බවක්ද දැකගන්නට ලැබිණි. එහිදී බොහෝ දෙනා අදහස් දක්වමින් කියා තිබුණේ විශේෂ ලේකම්වරියකට තමා ආසන්නයේ ආසන පැනවීමක් කරන ලෙස ඉල්ලීමක් කළ හැකි වුවද ආරක්ෂකයන් තිදෙනකුට තමා පසුපස ආසන වෙන්කිරීමක් කරන ලෙස කොන්දේසි ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් නොමැති බවකි. විශේෂයෙන්ම ආරක්ෂාව හා වරප්‍රසාද ලබා නොගන්නා බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ආණ්ඩුවකින් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

අනූනවයෙන් බේරුණේ

‘රාජ්‍ය රහස්’ තීරය මගින් මේ කියන්න යන්නේද මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවූ තවත් සිදුවීමකි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවූ සිව්වැනි වාරිකය පිළිබඳවය. ශ්‍රී ලංකාවට මෙම තුන්වැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 28 වැනි දිනය. කෙසේ වෙතත් අවසන් මොහොතේ මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතුවල පැවැති යම් අතපසුවීමක් හේතුවෙන් සිව්වැනි වාරිකය ලබාගැනීමට අත්‍යවශ්‍යම තීන්දු තීරණ කිහිපයක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නොහැකි වී තිබිණි. මේ තත්ත්වය යටතේ මූල්‍ය අරමුදල තීන්දු කොට තිබුණේ එක්කෝ 28 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ලංකාව සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව කල්දැමීමට හෝ සිව්වැනි ණය වාරිකය ලංකාවට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමටය.

අනුරට පණිවුඩයක්

කෙසේ වෙතත් මතුව ඇති මෙම තත්ත්වය අවසන් මොහොතේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාටද දැනුම්දීමට පියවර ගනු ලැබිණි. එහිදී කලබලයට පත්වූ ජනාධිපතිවරයා දහසක් රාජකාරි මැද වහාම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අමාත්‍යාංශය පැත්තෙන් ලබාදිය යුතු තීන්දු තීරණ මූල්‍ය අරමුදල වෙත ලබාදීමට පියවර ගත්තේය. මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන සිව්වැනි වාරික මුදල නිදහස් කිරීමට තීන්දු කළේ ඉන් අනතුරුවය. එසේ නොවුණා නම් මෙවර ලංකාවට හිමිවිය යුතු වාරිකය කල් ගොස් ආණ්ඩුව පත්වන්නට තිබුණේ හද්ද අමාරුවකය.

රනිල්ගෙ ෆෙරාරිය

ජනාධිපතිවරණයෙන් ලැබුණු දැවැන්ත පරාජයෙන් පසු දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ දිනවල සෙනසුරු ග්‍රහයා ලබා ඇති ආකාරයක් පෙනී යන්නේ එක පිට එක ඒ මහතාගේ හිස මතට වැටෙන බාල්දි දෙස බලන විටය. ජනාධිපතිවරණ පරාජයත් සමග ඊළඟ පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂකයකු හෝ සොයාගත නොහැකිව එජාපය නන්තත්තාර වන බව කල් තියාම වටහාගත් රනිල් කෙසේ හෝ උත්සාහ කළේ එජාපය සජබය සමග ගැටගසා දුරකතනය ඉවත් කොට පොදු ලකුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට එජාප අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටය. නමුත් රනිල්ගේ මෙම ගැටය කල්තියාම වටහාගත් සජිත් ඇතුළු කිහිප දෙනකු පමණක් රනිල් සිටින එජාපය සමග එකතු විය යුතු නැති බවට දැඩි ස්ථාවරයක සිටීම නිසා රනිල්ගේ ඒ ගැටය අන්තිමේදී අසාර්ථක විය.

ඉන් අනතුරුව සුපුරුදු පරිදි රනිල් කළේ ජනමතයක් නැති වුණත් තමන්ට හිතවත් සහ තම පවුලේ මාධ්‍ය ආයතනය උපයෝගී කරගෙන පුවත්පත් මගින් දේශපාලනය කිරීමය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙරට මාධ්‍ය සමග පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය සමග පවා රනිල් ගනුදෙනු කරන්නට යෑමය. මෙහිදී ජර්මනියේ මාධ්‍ය නාලිකාවක් වන ඩොයිෂ් වෙල් නාලිකාව සමග පැවැති සංවාදයේදී අන්ත අසරණ බවකට පත්වීමෙන් පසු හෝ පාඩමක් ඉගෙන නොගත් රනිල් තවත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවක් වන අල් ජසීරා සමගද සංවාදයක නිරත වීමට එකඟතාව පළ කළේය. මීට මාසයකට පමණ ඉහතදී පැවැති මෙම සාකච්ඡාව සඳහා රනිල් සිය බිරිය වූ මෛත්‍රීද කැන්දාගෙන යෑමට කටයුතු කළේය. නමුත් මෙම සාකච්ඡාවේදී රනිල්ට සිදුවූයේ දෙනෝදාහක් මැද මහත් අපහසුතාවකට ලක්වීමටය. එහිදී මාධ්‍යවේදියා රනිල්ගේ ප්‍රශ්න අසන අතරවාරයේ බටලන්ද වධකාගාරය පිළිබඳවද දිගින් දිගටම ප්‍රශ්න කිරීම ඊට හේතුව විය. එහිදී රනිල් දිගටම බටලන්ද වධකාගාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව කියමින් ප්‍රශ්නයෙන් පැන යෑමට උත්සාහ කළද වහාම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා සභාවේ සිටි වෙනත් මාධ්‍යවේදිනියක ලවා අදාළ කොමිෂන් වාර්තාව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය. මේ සමගම රනිල් පත්වූයේ ලෝක ලැජ්ජාවකටය.

අපි කිව්වේ පෙබරවාරියේ

මේ මාධ්‍ය සාකච්ඡාව අන්තිම අසාර්ථක එකක් වූ නිසාම රනිල්ගේ පැත්තෙන් කිසිදු අවස්ථාවක මේ සම්බන්ධයෙන් මාධ්‍යයට වචනයක් හෝ කියැවුණේ නැත. නමුත් ඉකුත් පෙබරවාරි 16 වැනිදා රනිල්ගේ මේ ඇනගත් අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාව ගැන ‘රාජ්‍ය රහස්’ තීරය විශේෂ වාර්තාවක් ගෙන ආවේය. එහිදී පළමු වතාවට රනිල්ට විඳින්නට සිදුවූ අවමානය රටට අනාවරණ කරමින් අප කියා සිටියේ මෙවැන්නකි.

‘මාධ්‍යවේදී මෙහ්දි හසන් රනිල් වික්‍රමසිංහගේ කෙටිකාලීන ජනාධිපති පාලනය ගැන ප්‍රශ්න කිහිපයක් අසන අතරෙහිම යම් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් අසන්නට තීරණය කරගත්තේය. 1989 වසරේ බොහෝ කතාබහට ලක්වූ බටලන්ද වධකාගාරයේ කතාන්දරය එය විය. අල් ජසීරා රූපවාහිනිය එය වාර්තා කර සිටින්නේ මෙසේය.

මෙහ්දි හසන් – වික්‍රමසිංහ මහත්මයාණෙනි, අපි අනෙකුත් ප්‍රශ්නවලට වඩා වැදගත් මේ ප්‍රශ්නය ගැන කතාකරමු. අපි බටලන්ද ගැන කතාකරමු. මේ අතීතය අමතක කර දමන්න බැහැ. ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද නැද්ද?

මාධ්‍යවේදියා පැනය අසනවාත් සමග කොන්වේ හෝල් ශාලාවේ බිමට විශාල බරක් පතිත වනවා වැනි හැඟීමක් ඇතිවිය. දන්නා අයට කෙසේ වුණත් නොදන්නා අයට බටලන්ද යන්නෙන් අදහස් කරන්නේ 1980 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කරැල්ල අතරතුර ක්‍රියාත්මක වූ බව කියන වධකාගාරයයි. එවක එක්සත් ජාතික පක්ෂය තුළ බලවත් චරිතයක්ව සිටි රනිල් වික්‍රමසිංහට මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වී ඇත. එහෙත් ඔහු නිරන්තරයෙන්ම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙහ්දි හසන්ගේ නොනවතින ප්‍රශ්න කිරීම් යටතේ ඔහුට ප්‍රතික්ෂේප කිරීමට විකල්පයක් නොවීය. හසන්ගේ තියුණු ප්‍රශ්න කිරීම් හා අසීමිත සම්මුඛ සාකච්ඡා විලාසය කොන්වේ ශාලාව අපේක්ෂාවෙන් පිරී ගියේය. ඔහු හඬ නැවත අවදි කළේය.

මෙහ්දි හසන් – ඔබට වධකාගාර ගැන දැනුමක් තිබුණාද? නැද්ද? (ඔහු තදබල ලෙස ප්‍රශ්න කළේය)

රනිල් වික්‍රමසිංහ – ඒක කැලඹිලි සහිත කාලයක්. මම පාලනය කෙරෙහි අවධානය යොමුකළා. අපට රාජ්‍යය ආරක්ෂා කිරීමට සිදුවුණා. එපමණයි.

මෙහ්දි හසන්ගේ අල් ජසීරා රූපවාහිනී සාකච්ඡාවේ වතගොත හෙළිකර සිටින එක් දේශපාලන වාර්තාකරුවකු පසුගියදා රනිල් ලන්ඩනයේදී බැටකෑ අයුරු විග්‍රහ කර සිටියේය. මෙලෙස කොන්වේ හෝල්හි සිදුවූ සාකච්ඡාව සාම්ප්‍රදායික විවාදයක් නොව, දේශපාලන මරණ පරීක්ෂණයක් හා සමාන යැයිද ඔහු විග්‍රහ කරයි. මරණ විච්ඡේදන මේසයේ රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිවකුත් නොසිටි බවද ඔහු කියා සිටියි. ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහ තම ගෝලීය ගෞරවය නැවත ලබාගැනීමට අපේක්ෂා කළ නමුත්, ඔහු රූපක වශයෙන් සහ වචනාර්ථයෙන්ද පාහේ දර්ශනයෙන් පලාගියේ යැයි විචාරකයා ප්‍රකාශ කර තිබිණි. එසේම ඒ නිසා කොන්වේ හෝල්හි රැස්ව සිටි පිරිස ඉදිරියේ රනිල්ගේ වෙස්මුහුණ නැවත නිරාවරණය වී ඇතැයි පැවැසිණි.
අල් ජසීරා වැඩසටහන හරහා මාධ්‍යවේදියා විසින් දූෂණය, ආර්ථික අවපාලනය සහ දේශපාලන අස්ථාවරත්වය සමග ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අරගල පෙන්වා දුන් විට නොපැහැදිලි සරදම් සහ නොවරදින පහත් හැඟීමක් හැර වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට කිසිවක් නොතිබිණි. යම් එක් අවස්ථාවක පැහැදිලිවම කලකිරී සිටි රනිල් වික්‍රමසිංහ මහතා ආවේගයෙන් මෙසේ පැවැසීය.
‘මට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේක යූටියුබ් වැඩසටහනක්ද?’

‘නැහැ වික්‍රමසිංහ මහත්මයා, මේක ගෝලීය වේදිකාවක්. ඔබට වගවීමෙන් ඉවත් විය නොහැකියි’ මෙහ්දි හසන් කියා සිටියේය.

මෙම රූපවාහිනී වැඩසටහන අවසන් වන විට වික්‍රමසිංහගේ මහජන ප්‍රතිරූපය බිඳවැටෙමින් තිබිණි. ඔහු බොහෝ පැනයන්ට ඍජුව පිළිතුරු නොදුන් අතර, යම් ආවේගයකින් සිටින ආකාරයද දක්නට හැකි විය. එක් එක් තියුණු චෝදනා සමග ඔහුගේ විශ්වාසය වාෂ්ප වෙමින් රනිල් වික්‍රමසිංහ අපහසුවෙන් දඟලන ආකාරය ප්‍රේක්ෂකයෝ බලා සිටියහ. අත්පොළසන් හඬක් ඔවුන්ගෙන් නොලැබුණු අතර, ඔවුන් මවිතයට පත් මැසිවිලි හැඟීම්වලින් සිටින ආකාරය දක්නට හැකි විය. කුණාටු සහිත මුහුද හරහා ශ්‍රී ලංකාව මෙහෙයවන ස්ථිර හස්තය ලෙස වරක් පෙනී සිටි මිනිසා, දැන් තම අතීතයට මුහුණ දීමට හෝ තම වර්තමානය සාධාරණීකරණය කිරීමට පවා නොහැකි නායකයකු ලෙසට හෙළිදරව් වී ඇත. -‘රාජ්‍ය රහස්’ – පෙබරවාරි 16

බිමල් දාපු නෝන්ඩිය

කෙසේ වෙතත් අල් ජසීරා නාලිකාව රනිල් සමග කළ මෙම සංවාදය විකාශ්‍ය කිරීමට පියවර ගත්තේ පසුගිය 06 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේදීය. ඒ සමගම සිකුරාදා උදෑසන සිට ලංකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ රනිල්ට සිදුවූ මෙම අවමානයය. එහිදී හොඳම ප්‍රහාරය එල්ල කළේ සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදීය. එහිදී රනිල්ම කළා යැයි කියන කතාවක් උපුටා දක්වමින් බිමල් කියා සිටියේ ෆෙරාරි රථයක් අල් ජසීරාවේ ගැටී කුඩුපට්ටම් වී ඇතැයි කියාය. එම අනතුරින් රනිල්ගේ ඔළුව ඩැමේජ් වී ඇති බවද, එම නිසා හෙතෙම මේ දිනවල විකාර කියවමින් සිටින බවද බිමල් උපහාසයෙන් යුතුව කියා සිටියේය.

දොස්තරලා සහ රනිල්

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ තවත් දේශපාලන මරාලයක්ද රනිල්ගේ ඔළුවට කඩාවැටිණි. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රනිල් මුණගැසී කළ සාකච්ඡාවෙන් පසුවය. එහිදී සිය වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න කතාකිරීමට වෛද්‍යවරුන් රනිල් හමුවීමට ගියත්, අදාළ හමුවෙන් පසුව එජාප මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ යළි පාර්ලිමේන්තුවට පැමිණිම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් රනිල්ට ආරාධනා කළ බවකි.

නමුත් එජාප මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ මෙම නිවේදනයට පැය 24ක්වත් ආයුෂ තිබුණේ නැත. ඒ, අදාළ නිවේදනය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සංගමය කිසිසේත්ම එවැනි ආරාධනාවක් රනිල්ට නොකළ බවත්, එජාප මාධ්‍ය ඒකකය විසින් වහාම එම නිවේදනය නිවැරැදි කළ යුතු බව කියා සිටීමත් සමගය. නමුත් ඊට එජාපය පැත්තෙන් නම් කිසිදු පිළිතුරක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

සජබය රටටම

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම මේ වනවිට සියලු සැලසුම් සකස් කොට අවසානය. ඒ අනුව ප්‍රධාන පෙළේ සියලු පක්ෂ මේ වනවිට සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වමින් සිටින්නේ පළාත් පාලන මැතිවරණයේදී තරග වදින ආකාරය පිළිබඳවය.

මෙහිදී කුමන පක්ෂ පළාත් පාලන මැතිවරණයට තරග වැදුණත් මෙවර තරගය පවතින්නේ වෙන කවුරුවත් අතර නොව, මාලිමාව සහ සජබය අතරය. මාලිමාව දැනටමත් තීරණය කොට ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් පාලන ආයතනවලට තරග කිරීමටය.

එමෙන්ම පසුගිය සතියේ පැවැති එජාප කළමනාකරණ කමිටුවේදී සජබයද තීන්දු කළේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල ඇති පළාත් පාලන ආයතනවලට දුරකතනය යටතේ තරග කිරීමටය. මෙවර කළමනාකරණ කමිටුවේදී බොහෝ දෙනා එජාපය සමග සජබය එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව සිතා සිටියත් ඒ ගැන වචනයක් හෝ කළමනාකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්වූයේ නැත. එමෙන්ම කිසිදු මන්ත්‍රීවරයකු ඒ ගැන වචනයක් හෝ කතා කිරීමට සූදානම් වූයේද නැත. පසුගිය කාලයේදී එජාපය සමග එක්ව තරග කළ යුතු බවටත්, පොදු ලකුණක් යටතේ ඊට තරග වැදිය යුතු බවටත් යම් යම් පිරිස් තැන් තැන්වල අදහස් දක්වා තිබුණද මෙවර ඒ කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. සියලු දෙනාම සිටියේ පවතින තත්ත්වය යටතේ එජාපය අන්ත අසරණ වී ඇති බවත්, ඔවුන්ගේ ගමේ ශාඛා ජාල බිඳීගොස් ඇති බවත්, එම නිසා සජබය තනිවම පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බවටත් වූ ස්ථාවරයේය. එහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ මේ වනවිට සජබයට වසර 5ක් ගතවී ඇති බවත්, පක්ෂයක් වශයෙන් ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ස්ථාවර වීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය. ඒ හරහා ශක්තිමත් දැවැන්ත දේශපාලන ගමනක් යා හැකි බවද මෙහිදී සජිත් පිරිසට පෙන්වා දුන්නේය. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ලෙස එහිදී රැස්ව සිටි සියලු දෙනාගෙන් සජිත් ඉල්ලීමක් කළේය.

අණ්ඩුවෙන් ගේමක්

මෙම කළමනාකරණ රැස්වීමෙන් පසු මධ්‍යම පළාතේ ආසන සංවිධායකවරු කිහිප දෙනෙක්ම සජිත් හමුවී විශේෂ කරුණක් දැනුම් දීමට කටයුතු කළහ. ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට සූදානම් වන්නේ මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේදී බවත්, ඒ හරහා අයුතු දේශපාලන වාසියක් ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්ය. විශේෂයෙන්ම ගම්වලට බස් යොදා ඒ හරහා ජනතාව දළදා ප්‍රදර්ශනයට රැගෙන ඒමෙන් ගම්වල දේශපාලන වාසියක් ලබාගැනීමට මාලිමා නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. ඒ අනුව සජිත් ඊට පසු දිනම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කිරීමටද පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ සියලු දෙනාටම සර්ව සාධාරණ මැතිවරණයක් අවශ්‍ය බවත්, මැතිවරණ සමයේදී සදාචාරාත්මක නොවන ආකාරයට යම් යම් ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු පවත්වා එම ආගමික උත්සවවලට අගෞරව නොකළ යුතු බවත්ය.

අපි ඉවරයි සර්..

සජබය මේ ආකාරයට මුළු රටෙන්ම තරග වැදීමට තීන්දු කරද්දී එජාපය සිටින්නේ ගම් මට්ටමෙන් පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකිව නන්නත්තාර වීය. ඒ අනුව මේ දිනවල එජාපයේ හිටපු ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ට කතාකොට කෙසේ හෝ එක්වී තරග කිරීමට අවශ්‍ය වාතාවරණය සකසන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය කාලයේදී විවිධ පක්ෂවලට එකතු වෙමින් පක්ෂ මාරු කිරීමේ රුසියෙකු ලෙස ප්‍රකට හිටපු ප්‍රබල කටකාර අමාත්‍යවරයකුද රනිල් හමුවී ප්‍රකාශ කොට ඇත්තේ ‘අපි ඉවරයි සර්’ යැයි කියාය. ඒ අනුව මෙම හිටපු අමාත්‍යවරයා පසුව කෙසේ හෝ එජාපය සමග සන්ධානගත කරවා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හමුවී සාකච්ඡා කොට ඇති බවක්ද ආරංචිය. එහිදී දුමින්ද පැහැදිලිවම මෙම ප්‍රබලයාට දැනුම් දී ඇත්තේ කිසිසේත්ම ශ්‍රීලනිපය එජාපය සමග එක්ව තරග නොකරන බවත්, එජාපයට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පුටුව ලකුණ යටතේ තරග කළ හැකි බවත්ය. දුමින්දගේ මෙම දැනුම් දීමත් සමග යට කී එජාප ප්‍රබලයා බලාපොරොත්තු කඩවී හිස් අතින් පිටව ගොස් ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව මේ වනවිට ශ්‍රීලනිපයද සිටින්නේ පුටුව ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීමටය.

දෙමළ සන්ධානය කොළඹට

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඊළඟ විශේෂම සිදුවීම වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ඉතිහාසයේ පළමු වරට කොළඹ මහ නගර සභාවට තරග වැදීමට තීන්දු කිරීමය. දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් ධුරය හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් බාරගැනීමත් සමග මේ වනවිට එම පක්ෂය ඇතුළේ විශාල වෙනස්කම් රාශියක් සිදුකෙරෙමින් පවතින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහි පළමු වෙනස්කම ලෙස කොළඹ මහ නගර සභාවට තනිවම තරග වැදීමේ තීන්දුව දැක්විය හැකිය.

සජිත්-මාලිමා සාකච්ඡාව

මේ සියල්ල අතරවාරයේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොළඹට නුදුරින් පිහිටි එක්තරා තරු පහේ හෝටලයක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජවිපෙ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු අතර විශේෂ හමුවක් පැවැත්විණි. මෙම තරු හෝටලය අන් කිසිවක් නොව ගල්කිස්ස මහ හෝටලයය. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ රටම දන්නා කියන චරිතයක් වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ‘තංගමලේ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල ගල්කිස්ස මහ හෝටලයේ පැවැති අතර, ඊට ජවිපෙ මැති ඇමැතිවරු කණ්ඩායමකටත්, විපක්ෂ නායක සජිත්ටත් ආරාධනා කිරීමට සන්නස්ගල කටයුතු කොට තිබිණි. සජිත් සමග ඊට ගම්පහ තරුණ මන්ත්‍රීවරයකු වන ප්‍රසාද් සිරිවර්ධනද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.

සාමාන්‍යයෙන් වෙනදා නම් රාත්‍රියේ පැවැත්වෙන මෙවැනි උත්සවයකදී කෙටි වේලාවක් ගතකොට අමුත්තන්ගෙන් සමුගෙන නික්ම යෑමට සජිත් කටයුතු කළත්, එදින දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ උත්සවය අවසන් වී මහ පාන්දර 3 වනතුරුත් සජිත් ජවිපෙ මන්ත්‍රීවරුන් සමග කතාබහ කරමින් ගල්කිස්ස මහ හෝටලයේ ‘පූල් සයිඩ්’ ප්‍රදේශයේ කල් ගතකිරීමය.

කඩවුණු පොරොන්දුව

වත්මන් මාලිමා ආණ්ඩුව බලය ගැනීම සඳහා විපක්ෂයේ සිටියදී පොරොන්දු ගණනාවක් ජනතාව හමුවේ තැබීය. එමෙන්ම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් විවිධ අයුරින් හෙළාදැකීමටත්, ඔවුන් ප්‍රහාර එල්ල කිරීමටත් පියවර ගත්තේය. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සක්වළ වැඩසටහන යටතේ ගම්වල පාසල් දරුවන්ට සහ දුෂ්කර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර, පාසල් බස් රථ බෙදමින් යද්දී මාලිමාව එය අවඥාවට ලක් කළේ පාසල් ඇතුළට ගොස් සජිත් දරුවන් ඉදිරියේ දේශපාලනය කතාකරනවා යැයි කියාය. මාලිමා ආණ්ඩුවක් යටතේ කිසිදු දේශපාලනඥයකුට පාසල්වල පවතින උත්සවවලට සහභාගි වීමට ඉඩ නොතබන බවද මාලිමාවේ ප්‍රධානීහු කියා සිටියහ.

කෙසේ වෙතත් ආණ්ඩුව පිහිටුවූ පසු එය ක්‍රියාවට නංවමින් මාලිමාව දේශපාලනඥයන්ට පාසල්වලට ගොස් එහි උත්සවවලට සහභාගි විය නොහැකි බවට නියමයක් පැනවූයේය. නමුත් විශේෂ සිදුවීම වන්නේ මෙම නියමය මාලිමාවේ මැති ඇමැතිවරුන් විසින්ම උල්ලංඝනය කර තිබීමය.

ඉස්කෝල දේශපාලනය

වරෙක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන එරංග ගුණසේකර පාසල් උත්සවයකට සහභාගි වූ ඡායාරූප මාධ්‍යවල පළකොට තිබිණි. පසුගිය සතියේ අමාත්‍ය ගමගෙදර දිසානායකද මාතලේ පාසලක පැවැති උත්සවයකට සහභාගි වී තිබුණේ එම නියෝගය කඩකරමිනි. ඊට මාලිමාවේ මන්ත්‍රීවරුන්ද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සජබ කළුතර මන්ත්‍රී ජගත් විතාන ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජගත් කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාසල් උත්සවවලට සහභාගි විය නොහැකි වුවත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පාසල් උත්සවවලට සහභාගි වීමට කිසිදු ගැටලුවක් නැතැයි කියාය. විශේෂයෙන්ම තමා ඉගෙනගත් පාසලට තමන් අතින් වියදම් කොට පිහිනුම් තටාකයක්, ගොඩනැගිලි රැසක් ඉදිකර දුන්නද අද වනවිට තමන්ටද තම පාසලේ උත්සවයකට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය. නමුත් අණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාසල් උත්සවවලට සහභාගි වන බව කියා සිටි ජගත් විතාන, තමන්ට ආරාධනා කළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව කරුණු විමසීමක් කර ඇති බවද කියා සිටියේය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මහ ඡන්දෙන් පැරැදුණාට මාලිමාවෙන් කොළඹ නගරාධිපතිකමට දාන්නේ බල්තසාර්ව! VIDEO I Sri Lanka Latest News

Next Post

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වෙයි! හේතුව ගැන තොරතුරක් දැනගන්න නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.