• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය ධීවරයන්ගේ වැට පැනිල්ල අල්ලගන්න පත්තර රස්සාව ඇතුළේ උතුරු දියඹේ දින 3ක්! Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉන්දීය ධීවරයන්ගේ වැට පැනිල්ල අල්ලගන්න පත්තර රස්සාව ඇතුළේ උතුරු දියඹේ දින 3ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සාගරයක් මැද පුංචි රටක් ඇත’ යන විරුදාවලියට සවියක් දෙමින් උතුරු මුහුදේ දිවා රාත්‍රී ආරක්ෂක මෙහෙයුමේ යෙදෙන නාවික හමුදාවේ ආයුධ සන්නද්ධ ‘රක්ෂක’ මුර යාත්‍රාව සොයා මා ගියේ 1980 මැද භාගයේදීය. එවක සිටි නාවික හමුදාපතිවරයාගේ විශේෂ අවසරය ලබාගෙන උතුරු මුහුදේ දින තුනක් ගතකරමින් විශේෂ ලිපියක් සැකසීමට මා උනන්දු කළේ ‘රිවිරැස’ කතුවරයාය. මා සමග උතුරු මුහුදට යෑමට ‘දවස’ ඡායාරූප ශිල්පී ඩන්ස්ටන් වික්‍රමරත්නද ආශාවෙන් ඉදිරිපත් වූ අන්දම මට දැනුදු සිහියට නැගේ. Sri Lanka Latest News

යාපනයේ කරෙයිනගර්හි පිහිටා තිබූ නාවික හමුදා කඳවුර වෙත අප දෙදෙනා රැගෙන ගියේද නාවික හමුදාවය. අප එහි ළඟාවන විට සවස් වී තිබුණද අප එන බව කල්තියා දැනුම් දී තිබුණු නිසාදෝ කරෙයිනගර් නාවික හමුදා ජැටියේ සූදානමේ තිබූ ‘රක්ෂක’ මුර යාත්‍රාව බාරව සිටි ලෙෆ්ටිනන්ට් ගන්හේවා මහතා ඇතුළු නාවික හමුදාවේ 35 දෙනකුගෙන් යුත් භට පිරිසද අප සමග මුහුදට යෑමට සූදානමේ සිටියහ. විශාල ප්‍රමාණයේ ගිනි අවි දෙකක් සන්නද්ධ බෝට්ටුවේ ඉදිරිපස සවිකර තිබූ අතර, මුර යාත්‍රාවට අපව රැගෙන ගියේද ලෙෆ්ටිනන්ට් ගන්හේවාය. එහි සියලු පහසුකම් අප සඳහා සූදානම් කර තිබිණි. එදිනද ක්ෂිතිජය අතරින් හිරු සැඟව යද්දී සයුර මැදින් දිස්වූ අඳුර මකාගෙන යන ආලෝකයක් විහිදුවමින් ආරක්ෂක මුර යාත්‍රාව ඈත දියඹට ඇදී ගියේ කෝඩුකාර අප දෙදෙනාට මුහුදේ සිදුවූ කොතෙකුත් අතීත සිද්ධීන් ගැන නාවික පිරිස ගෙන ආ රස කතා මෙන්ම අමිහිරි සිද්ධීන්ද සිහියට නංවමින්ය. මහ රෑ මුහුදු යන ධීවරයන්ට මුහුදේදී මුහුණපෑමට සිදුවූ අනතුරුදායක අවස්ථාවලදී ‘රක්ෂක’ මුර යාත්‍රාව ඉදිරිපත්ව එම ධීවරයන් බේරාගත් අවස්ථාද එහිදී අපට අසන්නට ලැබිණි.

ඒ අවධිය වනවිටත් නීති විරෝධීව අපේ මුහුදු සීමාවේ මසුන් මැරීමට එන ධීවරයන් ගැන අප අසා තිබිණි. මේ ගමන පිටත්ව ඒමට පෙර මමත්, ඡායාරූප ශීල්පී ඩන්ස්ටන් සමග කතාබහ කරගෙන තිබුණේ එවැනි අන්දමට එන තමිල්නාඩු පිරිස ගැන තොරතුරු සෙවීමට උනන්දු වීමටය. එදා වසර 25කට පෙර අප දෙදෙනා උතුරු මුහුදේ දුටු දර්ශන අද විශාල වශයෙන් ව්‍යාප්තව ගොස් උතුරේ ධීවරයන්ට කණකොකා හඬවා ඇත්තේ තාමත් එම ප්‍රශ්නය එක තැනම පල්වෙමින් තිබෙන නිසාය.

අප ගමන් කළ ආයුධ සවිකළ විශාල මුර යාත්‍රාව නිසාම උතුරේ ධීවර පිරිස්වලට ලැබුණේ විශාල ශක්තියකි. එම යාත්‍රාව තුළට අපව කැඳවාගෙන යෑමට පෙර ආරක්ෂක ඇඳුම් කට්ටල දෙකක්ද නාවිකයන් අප දෙදෙනාට ලබාදී තිබිණි. ඒ දිනවල උතුරු මුහුදු ප්‍රදේශයට වාරකන් කාලයක ආරම්භය නිසා මුහුදේ රළ වේගයද තරමක දැඩි ස්වරූපයක් ගෙන තිබිණි. එහෙත් නාවික යාත්‍රාවේ තිබූ අභ්‍යන්තර පහසුකම් නිසා මුහුදු රළ දඟකිරීම අපට ඒ තරම් නොදැනුණි. පැය කීපයක් ගතවෙද්දී ඈත දියඹට ඇදීයන මුර යාත්‍රාවට, කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ එළි ටිකද නොපෙනී යන්නට විය. මැදියම් රාත්‍රිය වනවිට උතුරේ ධීවර පිරිස ඔවුන්ගේ යාත්‍රාවල ආලෝක දහරා නංවමින් ධීවර කටයුතුවල යෙදෙන ආකාරය පෙන්නුම් කළේ ඔවුන්ද රළ පහර අතර පොරබදන ආකාරයක් පෙන්නුම් කරමින්ය. ඈත දියඹට ඇදී යන මුර යාත්‍රාවේ ගමන් වේගය පාලනය කරමින් යායුතු මුහුදු මාර්ගය සිතියමකින් පෙන්වා දෙමින් මුර යාත්‍රාව පදවන නාවිකයන්ට උපදෙස් දෙමින් සිටියේ ලෙෆ්ටිනන්ට් ගන්හේවාය. ජාත්‍යන්තර මුහුදු මාර්ගවැටී ඇති ආකාරය ගැනද ඔහු අපට පැහැදිලි කළේය.

මැදියම් රාත්‍රිය වනතුරු මුර යාත්‍රාවේ සිටි නාවික භට පිරිස සමග කතාබහ කරමින් සිටි අප දෙදෙනා එය තුළ පිහිටා තිබූ නිදන මැදිරියට ගියේ නිදාගැනීමටය. එහෙත් නාවික යාත්‍රාවේ ගැස්සෙන පැද්දෙන වේගය හේතුවෙන් නින්දට කඩින්කඩ බාධා එල්ල විය. පසු දිනට පහන් වන අලුයම 5ට පමණ නාවික නිලධාරියකු පැමිණ අපව අවදි කර බෝට්ටුවේ නිරීක්ෂණ මැදිරිය වෙත කැඳවාගෙන ගියේ තමිල්නාඩුවේ සිට උතුරු මුහුදු සීමාවට ඇතුළු වන නීති විරෝධී ධීවර බෝට්ටු සංඛ්‍යාව පෙන්වීමටය. ඉන්දීය ධීවරයන්ගේ බෝට්ටු විශාල ප්‍රමාණයක් එක පෙළට උතුරු මුහුදට ඇතුළු වී සිටියේ මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යෑමටය. එදා එවැනි නීති විරෝධී ධීවර පිරිස් නාවික හමුදාව විසින් පලවාහැරියා මිස අද මෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය. ඒ, රාජ්‍යතාන්ත්‍රිකව දෙරටේ හොඳ හිත රැකගැනීමට විය හැකිය. එදා උතුරු මුහුදට ඇතුළු වී සිටි නීති විරෝධී ධීවර පිරිස අප සිටි මුර යාත්‍රාව දෙසට ගෙන්වා ගැනීමේ සංඥාවක් දුන්නේ එහි තිබූ අවියකින් අහසට වෙඩිල්ලක් නිකුත් කරමින්ය. එයට බිය වූ ධීවර බෝට්ටු සමූහයම අප සිටි මුර යාත්‍රාවට ළංවූයේය. ඇතැම් ධීවර යාත්‍රාවල ඇතුළත කුඩා ප්‍රමාණයේ දොඹකරයක් සවිකර තිබුණේ අල්ලාගෙන තිබූ මත්ස්‍ය මඩිස්සලය ඉස්සීමට ආධාරකයක් ලෙසින්ය. ගිනි අවියේ වෙඩි හඬට අවනත වූ ඉන්දීය ධීවර පිරිස්වල බෝට්ටු පෙළ අප සිටි මුර යාත්‍රාව ළඟට පැමිණි විට අපට මත්ස්‍ය කොල්ලයේ තරම ඇස් ඉදිරිපිටම දක්නට ලැබිණි. ඔවුන් අපේ මුහුදෙන් අල්ලාගත් විශාල ප්‍රමාණයේ ඉස්සන් තොග බෝට්ටුවල ගොඩගසා තිබෙන අයුරු ඡායාරූප ගතකිරීමට ඩන්ස්ටන්ට හැකි විය.

1980 දශකයේ අප දුටුවාට වඩා, අද මුහුදු පත්ල පවා සූරාගෙන යන උපකරණ මගින් මත්ස්‍ය සම්පත කොල්ලකෑම තවත් ව්‍යාප්තව ගොස් ඇතිවා සේය. එදා සිට අද දක්වා තමිල්නාඩුවේ සිට උතුරු මුහුදු තීරයට ඇතුළු වන නීති වරෝධී බෝට්ටු සංඛ්‍යාව 700-800ක් අතර සංඛ්‍යාවක් බව හෙළිව තිබේ. එය වසරින් වසර වැඩිවූවා මිස අඩුවීමක්ද නොවීය.

අප රැගත් ‘රක්ෂක’ නාවික යාත්‍රාව උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදුණු දෙවැනි දිනයේ ගොඩබිම පාලන මැදිරියකින් ලැබුණු සංඥාවක් අනුව විදේශ නෞකාවක ගැටී විනාශ වී මුහුදේ පාවෙමින් තිබූ ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනකුද බේරාගැනීමට සිදුවිය. ඒ සඳහා අප සිටි නාවික යාත්‍රාවේ සිට නාවිකයන් කීප දෙනකු යාත්‍රාවේ තිබූ ඩිංගි යාත්‍රාවකින් ගොස් ඔවුන් බේරාගත් අන්දම එදා අපට අලුත් පුවතක් මවන්නක් විය. එයද අප ‘රිවිරැස’ට ලියූ ලිපි පෙළේ කොනක රැඳවීමට අමතක නොකළෙමු. ඒ අනුව, මහ මුහුදේ ගතකළ දින තුනක කාලය අවසන් කොට ‘රක්ෂක’ යාත්‍රාවෙන්ම පසුදා අලුයම කරෙයිනගර් නාවික හමුදා කඳවුරට අප පැමිණියෙමු.

පෙර පැවැති රජයේ ඇතැම් දේශපාලනඥයෝ තමිල්නාඩු දේශපාලනඥයන්ගේ හඬට බියවීමෙන්දෝ තමිල්නාඩු ධීවරයන්ටත් උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමට බලපත්‍ර ක්‍රමයක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටියහ. ඒත් එය මේ දක්වා අසාර්ථක වී නැත්තේ උතුරේ ධීවරයන්ගේ වාසනාවටය. මේ වනවිට නීති විරෝධීව මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ඇතුළුවන ඉන්දියානු ධීවරයන් සහ බෝට්ටු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කර තිබීම උතුරේ ධීවර ජනතාවගේ වසනාවක්ය. එවැනි අන්දමට නීති විරෝධීව උතුරු මුහුදට ඇතුළු වන තමිල්නාඩු ධීවර පිරිස් මෙරට ධීවරයන්ගේ දැල් ආම්පන්නවලට අලාභ හානි කරමින් ඔවුන් සමග ගැටුම් ඇතිකරගත් අවස්ථාද අසන්නට ලැබිණි. තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් තවමත් උතුරු මුහුදට ඇස ගසාගෙන සිටින බව නම් සැබෑය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කෙටිය යුතු තත්ත්වයක් දක්වා ඔඩුදුවා ඇති බව නම් සැබෑය. උතුරු මුහුදේ එම මත්ස්‍ය කොල්ලය නිසා අපේ ධීවරයන්ට සිදුවන පාඩුව අතිමහත්ය. රට වටේ මුහුද තිබුණද දිනෙන් දින මෙරට මාළු මිල ගණන් ඉහළ යෑමටද මෙම නීති විරෝධී ධීරවයන්ගේ බලපෑම හේතුවන බව නම් නොරහසකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නෙ නෑ! දේශබන්දුට කිසි දෙයක් වෙන්නේ නෑ! මෙන්න අනුර කුමාරගේ ඩීල් පාඨලී හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙවල් ඇතුළේ රණ්ඩු වෙන එකට ආණ්ඩුව මැදිහත් වෙන්නයි එන්නේ! මීටපස්සේ ගෙවල් ඇතුළේ රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.