• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර කාන්තා දිනය දා විපක්ෂ නායක සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක්! කාන්තා හා ළමා අයිතිවාසිකම් රටේ මූලික නීතියක් බවට පත් කරන්න!  VIDEO I Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පක්ෂයේ ලකුණයි පාටයි වෙනස් කරගෙන JVP එක විතරක් චේන්ජ් වෙලා! සිස්ටම් චේන්ජ් නම් වෙලා නෑ! රට යන්නේ පරණ සිස්ටම් එකේමයි! ‌පාස්පෝට් පෝලිම් මදිවාට පොල් පෝලිම් පවා ඇවිත්! VIDEO PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජයේ දරුවන් මව්වරුන් කාන්තාවන් දෙස බලන විට ආහාර උද්දමනය මන්දපෝෂණය දිළිදු භාවය නිසා නිර්මාණය වන ඉතාමත්ම පීඩනකාරි අහිතකාරි අහිතකර ආර්ථික සමාජීය විෂය චක්‍රය තුළ කාන්තාව දරුවා දැරිය සදාකාලික සිරකරුවකු බවට පත්ව ඇති බවත් උද්ධමනය වර්ධනය වීම තුළ සහල්, පොල්, ලුණු වැනි මිනිස් ජිවිතය පවත්වා ගැනීමට අවැසි ආහාර හා ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අවැසි පහසුකම් මවට දරුවාට අහිමි වන විට එය රටටම බලපාන විෂම චක්‍රයකට යොමු වන බවත් මාතෘ හා ළමා මන්දපෝෂණය තුළ එම මන්දපෝෂිත දරුවා වැඩිහිටියකු වන විට මවක් ලෙස මන්දපෝෂණයට ලක්වන විට බිහිවන දරුවාත් මන්දපෝෂණයට ලක්වන බවත් මෙය ළදරුවන් හා මව්වරුන් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මන්දපෝෂණය ගැන 2024 පැවැති 9 වැනි පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා රැස්වීම් මාලාවක් තිබූ බවත් එම රැස්වීම්වල වාර්තාවලට අනුව මන්දපෝෂණයට මුල් වූ දරුවන් අඩුබර දරුවන් අඩු උපත් බර දරුවන් කෘෂවීම මිට වීම අධික බර දරුවන් නීරක්තිය රක්තහීනතාව මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අඩුවීම ආදී කරුණු ගැනත් ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම ගැනත් සෑම අතකින්ම දරුවන් හා මව්වරුන් අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේවායෙන් ගොඩ ඒමට නම් විවිධ ක්ෂේත්‍ර ඒකාබද්ධ කර ගත් ජාතික වැඩපිළිවෙළක් අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව ලංකාවේ බහුමාන අවදානම් තත්ත්ව හා දර්ශක ඇති බවත් අප රටේ පුද්ගලයන් 10න් 6ක් බහුවිධ අවදානමට ලක්වෙනවා කියන කරුණ ගැන කතා වෙන බවත් සමාජයේ වැඩිම අවදානමක් ඇත්තේ මව දරුවා කාන්තාවන් බවත් මොවුන් වැඩිම පීඩනයකට ලක්වන බවත් ආපදාවේදී වසංගතයේදී නිවසේදී වැඩබිමේදී මහමගදී ආදී සෑම අවස්ථාවකම කාන්තාව හා දරුවා බරපතල ඛේදවාචකයකට මුහුණ දෙන බවත් එම නිසා මේ සම්බන්ධ ජාතික හා සර්වපාක්ෂික නිර්දේශපාලනික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන අද පාර්ලිමේන්තුවේ ජන සමාජයේ කාන්තාව දරුවා දැරිය ළමයින් ගැන සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

අප රටේ ගතානුගත අදහස් ඇති සේවා යෝජකයන් සිටින බවත් මොවුන් කාන්තාවන් රැකියාවට බදවා ගන්නේ අවම වශයෙන් බවත් සමීක්ෂණයකට අනුව සේවා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර නිසා එක් සේවකයකුට වසරකට වැඩ කරන දින 6ක් අහිමි වන බවත් මින් අහිමි වන අවම පිරිවැය ඩොලර් මිලියන 1.7ක් බවත් පිරිමින්ගෙන් 75%ක් කාන්තාවන් සේවකයන්ට එරෙහිව අවිඥානික පක්ෂග්‍රාහීත්වයක් දරා කාන්තාවන් බදවා ගැනීමට අවහිර කරන බවත් පවතින කම්කරු නීති ගෘහ සේවිකාවන් ආවරණය නොකරන බවත් එම නිසා ස්වාධීන රැකවරණ සේවකයන් සදහා අවම වැටුපක් ගෘහ සේවයේ සිටින කාන්තාවන්ට අපේක්ෂා කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උපාධි අපේක්ෂකයන් බදවා ගැනීමේ දී 64.7%ක් කාන්තාවන් වුවත් ශ්‍රම බලකායේ ඉන්නේ කාන්තාවන් 32%ක් බවත් ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් තනිවම භාවිත කරන්න දන්නේ කාන්තාවන්ගෙන් 54%ක් බවත් ඩිජිටල් අධ්‍යාපනයට ප්‍රවේශය පිරිම ළමුන්ට වැඩි බවත් අධිකරණ ක්ෂේත්‍රයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 15න් 1 අයකු හෝ කාන්තාවන් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ගරු අගවිනිසුරුවරිය ඇතුළුව සිටින 17න් 3 දෙනෙකු කාන්තාවන් බවත් කළමනාකරණ තනතුරු වල කාන්තා නියෝජනත්වය 2019 දී 37%ක් ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් 16%ක් කාන්තාවන් බවත් මෙවර පාර්ලිමේන්තුවෙන් කාන්තාවන් වැඩි වීම ගැන සතුටු වෙන බවත් එය තවත් වර්ධනය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

2022 වන විට දිනකට ස්ත්‍රී දූෂණ 5ක් වාර්තා වෙනවා

ඉංජිනේරු උපාධි සිසුන්ගෙන් 25%ක් කාන්තාවන් වන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රූපවලින් 85%ක් පිරිමි ක්‍රීඩා නිරූපකයන් සදහා කැපවන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රූපවලින් ස්ත්‍රීත්වය මතු කරන්නේ 12%ක් බවත් වෙළෙද දැන්වීම්වලින් 52%ක් තුළ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිමි බලය හා දැනුම මත යැපෙන අසරනයන් ලෙස නිරූපණය වන බවත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව අපරාධවලින් 4%ක් වාර්තා වන බවත් මෙරට කාන්තාව සමීප සහකරුවකු වෙතින් කායික හිංසනයට ලක්වීම දෙගුණයකට වඩා වැඩි බවත් වාර්තා වූ ස්ත්‍රී දූෂණවලින් 87%ක් පමණ වින්දිතයන් වූයේ අවුරුදු 16ට අඩු දැරියන් බවත් 2022 ස්ත්‍රී දූෂණ (වාර්තා වූ) 1986ක් එනම් එක් දිනකට 5ක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අවබෝධතා එකගතා තිබුණත් සමුළු පැවැත්වුවත් වැඩමුළු පැවැත්වුවත් මේ කියන දේවල්වලින් කොපමණ කෙරෙනවාද කියා විමසිය යුතු බවත් මේවා රටේ නීතියට පරිවර්තනය වූවාද කියා සොයා බැලිය යුතු බවත් එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර මූලික අයිතිවාසිකම්වලට විශේෂිතව ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම අප රටේ කාන්තා අයිතීන් ආරක්ෂා කිරිමට පනත් රාශියක් ඇති බවත් මින් අපේක්ෂා කරන රැකවරණය ආරක්ෂාව ශක්තිය කාන්තාවන්ට හා ළමුන්ට ඉටු වෙනවාද කියා නැවත සොයා බැලිය යුතු බවත් පූර්ණ අවධානය ඒ වෙනුවෙන් යොමුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි

කාන්තා හා ළමා අයිතිවාසිකම් ගැන රටක් ලෙස එකග වී ඇති එකගතා ප්‍රඥප්තීන් රටේ නීතිය තුළ ශක්තිමත්ව සදහන් විය යුතු බවත් ඊට අමතරව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එය ළදරුවන්ගේ කුඩා දරුවන්ගේ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය නැති කරන්න හේතු විය යුතු බවත් හොද පෝෂණයකට රටේ දරුවන් හා මව්වරුන් ළගා කර විය යුතු බවත් එමෙන්ම මාතෘ නිවාඩු ප්‍රතිලාභ ආදී ප්‍රසූත දීමනා සති 12 ලබා දීම තුළින් එය රජයේ හා පෞද්ගලික ක්ෂේත්‍රයට ලබා දීමට විශාල පිරිවැයක් වැය නොවන බවත් ඒ තුළින් ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය වර්ධනය කළ හැකි බවත් 32% සිට 48% දක්වා වර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන්න

එමෙන්ම දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකා දෙකක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කළා සේ මෙයට ද ඇති කළ යුතු බවත් තීන්දු තීරණ ගැනීමේ පොදු වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත් මෙහි දී වෙන් කරන මුදල් සංඛ්‍යාත්මකව හා ගුණාත්මක සපුරා ගත් ඉලක්කගැන පසු විපරමක් ද සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා ව්‍යවසායකයන් වර්ධනය කරන්න

අද සමාජයේ ක්ෂුද්‍ර මූල්‍ය මර උගුලට කාන්තාව හසුවී ඇති බවත් මින් කාන්තාව මුදවා ගත යුතු බවත් කාන්තා මූලික ගෘහයන් මොවුන් වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් තමා ජනාධිපතිවරණ සමයේ නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් කාන්තාව කේන්ද්‍ර කර ගෙන නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකරයා පැවසීය.

ආර්ථව දරිද්‍රතාව නැති කරන්න රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න

ආර්ථව දරිද්‍රතාව සමාජයේ කතාවට ලක් නොවූ මාතෘකාවක් බවත් තමා මේ ගැන කතා කළ නිසා පුංචි පුංචි වැඩපිළිවෙළක් ආරම්බ වී ඇති බවත් ස්කොට්ලන්තයේ නවසීලන්තයේ පවා මෙය ක්‍රියාත්මක නිසා සෑම කාන්තාවක්ම කේන්ද්‍ර කර ගෙන මෙය ක්‍රියාත්මක කළ යුතු බවත් මෙය කාන්තාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වැදගත් නිසා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කරන්න

ලංකාවෙ පෙරපාසල් 17910ක් ඇති බවත් 279000ක් පමණ මෙහි අධ්‍යාපනය ලබන බවත් මේ අවිදිමත් ක්‍රමය ශක්තිමත් කරන්න විධිමත් කරන්න රජය මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

76 වසරක ඉතිහාසය තුළ රට පරිහානියට පත් වූවා යැයි කියන නමුත් 1945 පිරිමි ආයු අපේක්ෂාව වයස 46ක් වුවත් 2021 වන විට 72ක් බවත් කාන්තාවන් 1945 දී අවුරුදු 44ක් වුවත් 2021 වන විට 80 දක්වා වර්ධනය වී ඇති බවත් මේ කාලයේ ආයු අපේක්ෂාව වර්ධනය වූයේ රටේ ක්‍රියාත්මක සමාජ සුබසාධන රාජ්‍ය නිසා බවත් ළමා මරණ අනුපාතය පවා අවම වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජබෙන් මේ පාර කොළඹට සුපිරි බුලට් එකක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රවේසම් වෙන්න! මේක භයානකයි! ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ වැඩිවෙලා! UN එකේ වාර්තාවකින් හෙළිවෙලා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.