• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දේ කට ළඟ ගහපු ගේම් මෙන්න! ජනතා මුදල් විනාශ කළ හැටි කියවන්න! Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ඡන්දේ කට ළඟ ගහපු ගේම් මෙන්න! ජනතා මුදල් විනාශ කළ හැටි කියවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර දිනයේදී තමා ඇතුළු මූල්‍ය නිලධාරීන් තිදෙනකුට රු. මිලියන 100ක ගෙවීමක් සිදුකිරීමට සහතික කරන ලෙස බලපෑමක් එල්ල වූ නිසා රැකියාව බේරාගැනීමට තමා ඇතුළු නිලධාරීන්ට නියමිත ක්‍රමවේදයෙන් තොරව මුදල් ගෙවීම සහතික කිරීමට සිදුවූ බවට මූල්‍ය නිලධාරිනියක විසින් කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. Sri Lanka Latest News

මෙය සිදුව තිබුණේ, ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්යසාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 18 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කලාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31st Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. මිලියන 538ක් වියදම් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී තරුණ සේවා සභාවේ මූල්‍ය නිලධාරිනියක ප්‍රකාශ කළේ, ‘ඉහළින් පැමිණි බලපෑම හේතුවෙන්’ මේ වියදම්වලට අදාළ ගෙවීම් සහතික කිරීමට සිදුවූ බවය.

සිදුවූයේ කුමක් ද?

පසුගිය පෙබරවාරි 18 වැනිදා මේ ආයතනය සාකච්ඡා කිරීමට කෝප් කමිටුව රැස්වූ අතර එහිදී අක්‍රමිකතා රැසක් පිළිබඳ සාකච්ඡා විය. ඒ අනුව, ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරුන් කෝප් කමිටුවට කැඳවා මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට තීරණය කෙරුණු අතර අවශ්‍ය නිලධාරීන්ද පෙබරවාරි 22 දින නැවත කැඳවා එම සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේය.

තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව භාණ්ඩ හා සේවාවන් ලබාගෙන ඇති බව ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර, එම ප්‍රශ්නසහගත හිටපු සභාපතිවරයා වූ පසිඳු ගුණරත්න ද කෝප් කමිටුවට කැඳවා තිබිණි.

තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් එදින කමිටුව හමුවට කැඳවා තිබුණු නමුත් කිහිප දෙනෙකුම පැමිණීමට නොහැකි බව දන්වා එවා තිබූ අතර, ඒවායින් ඇතැම් හේතු පිළිගැනීමට නොහැකි බව කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පසිඳු ගුණරත්න 2023 මාර්තු මස 22 වැනි දින තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාරගෙන තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ඒ වනවිට 25 වැනි වියේ සිටි ඔහු කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේ සිවිල් සහ යටිතල පහසුකම් පිළිබඳ ඉංජිනේරු උපාධියක් ද, එක්සත් රාජධානියේ ඩි මොන්ට්ෆෝර්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ සහ සංවර්ධන උපාධියක් ද හිමි අයෙකු වන අතර, ඒ වනවිට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරමින් සිට ඇත.

ඔහු එම ධුරයේ වැඩ භාරගන්නා විට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැතිවරයා වූයේ රොෂාන් රණසිංහයි.
2024 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා විවිධ නම්වලින් පවත්වා ඇති ස්මාර්ට් යූත් වැඩසටහන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ, ඒවායින් බොහොමයක් අවසන් වූ පසු, එනම් 2024 ජූලි මාසයේදී වීම විශේෂත්වයකි.

කෝප් කමිටුවේදී හිටපු සභාපතිවරයා යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

ස්මාර්ට් නොවුණු ස්මාර්ට් අවුරුදු උත්සවයේ ගෙවීම්

2024 අප්‍රේල් 28 වැනි දින පැවැත්වූ ස්මාර්ට් අවුරුදු උත්සවයේ වියදම්වල අක්‍රමිකතා සිදුව ඇති බව 2025 පෙබරවාරි 22 වැනි දින පැවති කෝප් කමිටුවට ඉදිරිපත් කර තිබූ විගණකාධිපති වාර්තාවක දැක්විණි. පැමිණ සිටි නිලධාරීන්ගෙන් කෝප් කමිටු සාමාජිකයන් දිගින් දිගටම ප්‍රශ්න කරන ලද අතර, එහිදී මෙම අවුරුදු උත්සවය සඳහා ව්‍යාපෘති යෝජනාව මාර්තු 19 වැනි දින තරුණ සේවා සභාවේ සම්මත කරගෙන ඇති බවත්, ඊට මුලින් වෙන්කර තිබූ මුදල රු. මිලියන 7ක් බවත් හෙළිවිය. පසුව මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් ලබාදී තිබේ.

කෝප් කමිටුවේදී සාකච්ඡා වූ ආකාරයට වසර මුලදී සභාවේ සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු කරගැනීමට නොහැකි වූ සැපයුම්කරුවන් දෙදෙනකුට ශබ්දවාහිනී යන්ත්‍ර, ජෙනරේටර් සහ එල්.ඊ.ඩී. තිර සැපයීම වෙනුවෙන් පිළිවෙළින් රු. මිලියන 1.1ක් සහ 1.8ක් ගෙවා ඇත.

එලෙස සභාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිටි ආයතනයකට ටීෂර්ට් සහ ස්කිනි මුද්‍රණයට තවත් රු. මිලියන 2.9ක් ගෙවා තිබේ.
විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන ආකාරයට තරුණයන්ගේ ශ්‍රමය යොදාගනිමින් තරුණ සේවා සභාවේ අරමුණු ඉටුකර ගනිමින් සිදුකිරීමට තිබූ අවුරුදු උත්සවයේ විවිධ ඉදිකිරීම් සඳහා ද මිලියන 2.7කට අධික මුදලක් ගෙවා තිබේ.

එම අවුරුදු උත්සවයේ රූපවාහිනී ආවරණය සඳහා ද රු. මිලියන 4.5කට අසන්න මුදලක් ගෙවා ඇති අතර, එම ගෙවීම සභාවේ සම්මත කරගෙන තිබෙන්නේ, අවුරුදු උත්සවය පැවැත්වූ පසු, එනම් 2024 මැයි 02 දාය.

කෝප් කමිටුවේදී අනාවරණ වූයේ, මෙම වැඩසටහනට අදාළව පූර්ව පිරිවැය ඇස්තමේන්තුවක් හෝ සිදුකර නොමැති බවය.
මෙම අවුරුදු උත්සවයට අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා පෝස්ටර් මුද්‍රණයට ද රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කර තිබූ අතර, එම පෝස්ටර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විෂය භාර අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාවේ සභාපතිවරයාගේ රුව සහිතව මුද්‍රණය කර තිබීම ද දැඩි දෝෂදර්ශනයට ලක්විය.

මෙම පෝස්ටර් මුද්‍රණය කිරීමට භාරගෙන තිබූ ආයතනය, ස්මාර්ට් අවුරුදු උත්සවයේ ව්‍යාපෘතිය සම්මත කරගත් 2024 මාර්තු 19 වැනි දිනම සභාවේ ලියාපදිංචි වූ ආයතනයක් වීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.

මෙම කිසිදු කටයුත්තක් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදුනොවූ බවත්, හිටපු සභාපතිවරයාගේ කැමැත්ත මත සිදුවූ ඒවා බවත්, සභාපතිවරයාගේ උපදෙස් මත ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ගෙන් තොරව ඉහත ආයතනවලට භාණ්ඩ හා සේවා ලබාගැනීමට කටයුතු කර ඇති බවත් එහිදී ප්‍රකාශ විය.

මැතිවරණ නීති උල්ලංඝනය කළ තුරඟ තරග පිටියේ සංගීත සංදර්ශනය

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය ඇතුළු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ වැඩසටහන් තුනක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයට යැවූ ලිපියක ක්‍රීඩා වැඩසටහන් හැර අනෙකුත් වැඩසටහන් ඒ මොහොතේ සිදුකිරීමට පූර්ව අනුමැතිය ලබාදීමට නොහැකි බව දන්වා යවා තිබූ බව කෝප් කමිටුවේදී හෙළිවිය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වැඩසටහන්වලින් ප්‍රවර්ධනය වීමට ඉඩ දීමට නොහැකි බව එහි සඳහන් කර තිබී ඇත. කෙසේ නමුත්, පසුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් ‘ස්පෝර්ට් ෆියෙස්ටා’ නම් වැඩසටහනක් 2024 අගෝස්තු 16-18 අතර දිනවල පවත්වා ඇති අතර, ජාතික තරුණ සේවා සභාවේ සම්මත වී ඇති වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අයත් නොවන සංගීත සංදර්ශනයක් එම වැඩසටහනේදී තරුණ සේවා සභාවේ වගකීම යටතේ පවත්වා තිබේ.
මෙහිදී මෙම සංගීත සංදර්ශනය පැවැත්වීම පිළිබඳ හිටපු සභාපති පසිඳු ගුණරත්නගෙන් ප්‍රශ්න කෙරුණු අතර, ඔහු පැවැසුවේ, විෂය භාර අමාත්‍යංශයෙන් අගෝස්තු 09 වැනි දින පැමිණි ලිපියකින් එම වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරා තිබූ බවය. එසේම, ජනාධිපතිවරණ සමයේ තරුණ සේවා සභාව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති බව පැහැදිලි වන බව කාරකසභාව තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාට පැවසීය.

මෙහිදී හිටපු සභාපතිවරයා පැවැසුවේ, මැතිවරණ කොමිෂන් සභාවෙන් පෙන්වා දුන් උපදෙස් අනුව එතෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල නැවැත්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රීඩාව පමණක් අරමුණු කරගත් ‘ස්පෝර්ට් ෆියෙස්ටා’ වැඩසටහන ක්‍රියාත්මක කළ බවය.

මේ සඳහා, ජාතික තරුණ සේවා සභාව රු. මිලියන 14.5ක් වැයකර ඇති අතර, එම සංදර්ශනය වීඩියෝගත කිරීමට රු. මිලියන 4.3ක් වැයකර ඇති බවත් හෙළිවිය. කෙසේ නමුත්, එම වීඩියෝව ජාතික තරුණ සේවා සභාව සතුව නැති බව නිලධාරීන් ප්‍රකාශ කරන ලදී.

අතුරුදන් ප්‍රසම්පාදන ලිපිගොනු සහ යාපනය, අම්පාර පොසොන් උත්සව හා තරුණ හමු

31st Night Youth Celebration නමින් ජාතික තරුණ සේවා සභාව පවත්වනු ලැබූ වැඩසටහනකට අදාළ ප්‍රසම්පාදන ලිපිගොනුව අස්ථානගත වී ඇති බව කෝප් කමිටුවේදී ප්‍රකාශයට පත්විය. එම වැඩසටහනේ සියලු ලිපිගොනු හිටපු සභාපති පසිඳු ගුණරත්නගේ පෞද්ගලික ලේකම් බව කියන මධුෂංක රාජපක්ෂ රැගෙන ගිය බවත්, පසුව ඒවා සභාව වෙත නැවත භාරදෙන විට ප්‍රසම්පාදන ලිපිගොනුව නොතිබූ බවත් නිලධාරීහු කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්හ. එදින එම පුද්ගලයා ද කමිටුව හමුවට කැඳවා තිබූ නමුත් ඔහුට එදින පැමිණීමට නොහැකි යැයි ඔහු කොමිසමට දන්වා තිබිණි.

මීට අමතරව, අම්පාර ප්‍රදේශයේ පැවැති පොසොන් උත්සවයක් සඳහා මිලියන 15ක් වැයකර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර බවද එහිදී හෙළිවිය. එහිදී නැගෙනහිර පළාත භාර තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙමින් කියා සිටියේ, මෙම රුපියල් මිලියන 15ට ලබාගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ප්‍රසම්පාදන නොකැඳවූ බවය. සභාපතිවරයා ඒවා තිබූ සේවා සපයන්නන් ලැයිස්තුවකට අනුව එම සේවාවන් ලබාගැනීමට කටයුතු කළ බව ඔහු පැවැසුවේය.
එහිදී 18 සන්නිය සඳහා රුපියල් මිලියන 1.07ක්ද, ඩිජිටල් තොරණ සඳහා රුපියල් මිලියන 8.8ක්ද, භක්ති ගීත වැඩසටහන වෙනුවෙන් මිලියන රුපියල් 4.9ක්ද වැයකර තිබේ. මෙම වැඩසටහන් ජාතික රුපවාහිනියේ විකාශය කිරීම සඳහා රු. මිලියන 23ක් වැය කර තිබීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු කෙරිණි.

මෙලෙස මුදල් වැයකර තිබියදීත්, මෙම පොසොන් වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සහ ආරාධනා පත්‍ර ඇතුළු සියලු වැඩසටහන්වල මෙම පොසොන් උත්සවය පවත්වන්නේ, හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහට සම්බන්ධ ඩබ්.ඩී. වීරසිංහ පදනම සහ තවත් ආයතනයක් ලෙස සඳහන්ව තිබූ බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මෙය ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද වැඩසටහන් ලෙස හුවාදක්වා තිබුණද මෙය දේශපාලන අවශ්‍යතා මත සිදුකරන ලද්දක් බවට චෝදනා එල්ල විය. එමෙන්ම මැයි මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගි වූ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වූ තරුණ හමුව සඳහා ද වියදම් සඳහා ප්‍රසම්පාදන කැඳවා නොමැති අතර, උතුරු පළාත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළේ, සභාපතිවරයාගේ බලපෑම මත රැකියාව රැකගැනීම සඳහා ඔහු දන්වා එවූ ආයතන හරහා මිලදී ගැනීම් සිදුළ බවටය.

ප්‍රධාන කාර්යාලයෙන් තමාට සේවාවන් ලබාගැනීම සම්බන්ධ ලිපිගොනුව සකස් කර එවූ බවත් තමා හා අනෙකුත් නිලධාරීන් එයට අත්සන් කර යැවූ බවත් ඔහු පැවැසුවේය.
එය අස්සන් කර ඉක්මනින් එවන ලෙස තරුණ සේවා සභාවේ බෝත් නමැති අයෙකු දිගින් දිගටම කතා කරමින් පැවැසු බවද ඔහු සඳහන් කළේය.
‘මේක සභාපතිතුමාගේ වැඩක්. ඒ නිසා ඉක්මනට අස්සන් කරලා එවන්න’ ලෙස බෝත් නම් පුද්ගලයා පැවැසුවේ යැයි උතුරු පළාත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

සුදුසුකම් නැති පෞද්ගලික ලේකම්

මෙලෙස වරින් වර උතුරු පළාත් අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් අමතමින් බලපෑම් කළ බව කියන බෝත් නමැති පුද්ගලයා ද එදින කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, ඔහු හිටපු සභාපතිවරයා වන පසිඳු ගුණරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් මාස කිහිපයක් කටයුතු කර ඉල්ලා අස්වූ අයෙකි.

ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන අධ්‍යක්ෂවරයාගෙන් කමිටුව මේ සම්බන්ධයෙන් විමසූ විට අධ්‍යක්ෂවරයා පැවැසුවේ, එම තනතුර සඳහා අධ්‍යාපන සුදුසුකම් ලෙස අවම වශයෙන් උපාධියක් තිබිය යුතු බවය. එහෙත්, එම පුද්ගලයා එවැනි සුදුසුකමක් සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ නිසා දිගින් දිගටම එම සහතික ඉල්ලීමෙන් පසුව ඔහු ඉල්ලා අස්වූ බව පරිපාලන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

බෝත් නමැති පුද්ගලයාගෙන් කමිටුව කළ විමසීමකදී ඔහු පැවැසුවේ, ඔහු ඒ වන විට උපාධියක් හදාරමින් සිටි අතර, සම්මුඛ පරීක්ෂණයෙන් පසුව ඔහුට එම තනතුරේ වැඩ භාරගන්නා ලෙස සභාපතිවරයාගේ අස්සනින් යුතුව ලිපියක් ලැබුණු බවය. ඔහු ඉල්ලා අස් වූයේ, ඔහුට එම වගකීම් ඉටුකිරීමට තරම් ශක්‍යතාවක් නොමැති වූ නිසා බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත්, ඔහු ඉල්ලා අස්වී මාස දෙකකට පසුව ඔහුව නැවත ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබිණි.
පෞද්ගලික ලේකම් ධුරයේ වැඩ කළමනාකරණය කරගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ අයෙකු එවැනි තනතුරකට පත්කළේ මන්ද යන ප්‍රශ්නයද එහිදී මතු කෙරිණි. පරිපාලන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, බෝත් නමැති පුද්ගලයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පත්වූ පුද්ගලයාගේ ද සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවය. මෙම පුද්ගලයන් දෙදෙනාම සභාපතිවරයා විසින් පත්කරනු ලැබ ඇති බවත්, ඔවුන්ට රජයේ අරමුදල්වලින් වැටුප් ගෙවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට පෙර දා සිදුවූයේ කුමක් ද?

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188ක පමණ වටිනාකමින් යුත් චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබාදීම සම්බන්ධයෙන් පෙබරවාරි 18 දින සාකච්ඡාවේදී තහවුරු වූ බැවින් මේ සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා කමිටුවට කැඳවා ප්‍රශ්න කෙරිණි. එහිදී ඔහු පැවැසුවේ, එම ගෙවීම් කළේ මාස 3කට 4කට පෙර පැවැති වැඩසටහන් වෙනුවෙන් බවය. නිලධාරීන් තමා බලපෑම් කළේ යැයි පැවසීම සම්බන්ධයෙන් තමා පුදුම වන බවද ඔහු පැවැසුවේය.

මේ සම්බන්ධව දීර්ඝව කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී නිලධාරීන් ‍සඳහන් කළේ, 2024 සැප්තැම්බර් 20 දින සවස 2 සිට 5 දක්වා කාලය ඇතුළත මෙම චෙක්පත් සහතික කර දෙන ලෙස හිටපු සභාපතිවරයා බලපෑම් කළ බවය.

මෙම වැඩසටහන් වියදම් සඳහා ප්‍රතිපූර්ණ අමාත්‍යාංශයෙන් ගෙවීම ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නිලධාරිනියක් පැවැසුවාය.
අදාළ වැඩසටහන්වල අරමුණු ජාතික තරුණ සේවා සභාවේ අරමුණුවලට නොගැළපීම, ලේඛන ප්‍රමාණවත් නොවීම වැනි හේතු නිසා එම ගෙවීම් අමාත්‍යංශයෙන් සිදු නොකළ බවත්, පසුව ජාතික තරුණ සේවා සභාවේ සාමාන්‍ය වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රු. මිලියන 100ක් මෙලෙස ජනාධිපතිවරණයට පෙර දින ස්මාර්ට් යූත් වැඩසටහන් සඳහා ලබාගත් සේවාවන් වෙනුවෙන් ගෙවා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

අක්‍රමිකතා පිළිබඳ ‍සොයා බැලීමට විශේෂ කෝප් අනුකමිටුවක්

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මෙහිදී අවධාරණය කළේ, සාක්ෂි ලබාදෙන්නන් කෝප් කමිටුව හමුවේ සත්‍ය ප්‍රකාශ කළ යුතු බවය. එසේ නොකළහොත් එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් ලෙස සලකන බව ඔහු පැවැසුවේය.

එවක ජාතික තරුණ සේවා සභාවේ සිටි මුදල් අධ්‍යක්ෂවරයා සිය තනතුරේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නෙ‍ාවන බව කෝප් කාරකසභාවේ සභාපතිවරයා පැවැසූ අතර, රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරිය නිවැරැදිව ඉටුකිරීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ ‍සොයාබැලීමට විශේෂ කෝප් අනුකමිටුවක් පත්කිරීමට කෝප් කමිටු සභාපතිවරයා තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චිගේ සභාපතිත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්‍ෂ, අසිත නිරෝෂණ එගොඩවිතාන සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන අය එම අනුකමිටුවට යෝජනා වූ අතර, ඉදිරියේදී අනුකමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකර සකස් කරන වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට නියමිතය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ටොම් ඇන්ඩ් ජෙරි හෙවත් අනුර සහ වෘත්තීය සමිති! Sri Lanka Latest News

Next Post

පාතාලය වැඩ නවත්වන්නෙම නෑ! වෙඩිතියාගැනිල්ල දිගටම! මේ පාර ගම්පහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.