චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සැත්තෑපස් වන ජන්ම සංවත්සරය නිමිතිකොටගෙන විචාරාත්මක රචනා, කාටූන් චිත්‍ර සහ වීඩියෝ විවෘත තරඟයක් පැවැතවීමට සැලසුම් කර ඇත.
“මහඇමති ධූර කාලය, ජනාධිපති පදවි සමය, යුද්ධය හා සාමය කෙරෙහි මැදිහත්වීම, පශ්චාත් ජනාධිපති යුගය තුළ සිවිල් සංවිධාන සහ ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය තුලින් කළ මෙහෙවර” යන කරුණු සමස්ථ ලෙස ගෙන නිර්මාණ කාර්යය සිදුකළ යුතු වේ.
ප්‍රථම ස්ථාන දිනාගන්නා 10 දෙනා සඳහා හොරගොල්ල බණ්ඩාරනායක වලව්ව සහ සමාධිය නැරඹීමටත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සමග දිවාභෝජනය භුක්තිවිඳීමටත්, සතුටුසාමීචියේ යෙදීමටත් අවස්ථාව ලැබෙන අතර අමතර ජයග්‍රාහිකයන් 15 දෙනෙක් සඳහා ද වටිනා ත්‍යාග හිමිවේ.











