• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රවේසම් වෙන්න! මේක භයානකයි! ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ වැඩිවෙලා! UN එකේ වාර්තාවකින් හෙළිවෙලා! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ප්‍රවේසම් වෙන්න! මේක භයානකයි! ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ වැඩිවෙලා! UN එකේ වාර්තාවකින් හෙළිවෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වෛරී කථනය Hate speech යනු විවිධ අර්ථයන් සහිත වචනයක් වන අතර, එයට තනි හා ස්ථාවර අර්ථ දැක්වීමක් නොමැත. කේම්බි්‍රජ් ශබ්දකෝෂය විසින් අර්ථ දක්වා ඇත්තේ ‘ජාතිය, ආගම, ලිංගිකත්වය හෝ ලිංගික දිශානතිය වැනි දෙයක් මත පදනම්ව පුද්ගලයෙක්ට හෝ කණ්ඩායමකට වෛරය ප්‍රකාශ කරන හෝ ප්‍රචණ්ඩත්වය දිරිමත් කරන ප්‍රසිද්ධ කතාව’ ලෙසයි. ‘වෛරය’ හෝ ‘අවමානය’ යනු කුමක්ද යන්න පිළිබඳ තනි අර්ථ දැක්වීමක් නොමැත. වෛරී කථනය පිළිබඳ නීතිමය අර්ථ දැක්වීම් රටින් රටට වෙනස් වෙයි. කතා කිරීමේ නිදහස, වෛරී ප්‍රකාශනය සහ වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳවද බොහෝ විවාද පවතී. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු සමහර රටවල සාමාන්‍යයෙන් ‘වෛරී ප්‍රකාශය’ ලෙස ලේබල් කර ඇති ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කර ඇත. තවත් සමහර රටවල වෛරී ප්‍රකාශනයේ වින්දිතයෙකුට සිවිල් නීතිය, අපරාධ නීතිය හෝ ඒ දෙකම යටතේ සහනයක් ලබාගත හැකිය…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? දශක ගණනාවක් පුරා ලෝකයේ බොහෝ ප්‍රබල ලෙස කතාබහට ලක්වන එක්තරා සුවිශේෂ විෂයක් ගැන මෙසේ යම් අර්ථකථනයක් අසන්නට ලැබෙයි. ‘වෛරී කථනය’ නොහොත් ‘හානිකර කතාව’ යන්න මෙම විෂය වෙයි. මෙය ඉංග්‍රීසි බසින් Hate speech ලෙසින් අර්ථ දක්වා ඇත. මෙම සුවිශේෂ විෂය ගැන ඉහත අර්ථකථනයක් සිදුකර ඇත්තේ අන්තර්ජාලයේ ගැබ්වී ඇති ‘විකිපීඩියා’ පිරිච්ඡේදයක් හරහාය. එහි සඳහන් තවත් යමක් ගැන සොයා බලමු.
‘ජන සංහාරය වැනි මහාපරිමාණ ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහාද වෛරී ප්‍රකාශය පූර්ව අවශ්‍යතාවක් ලෙස භාවිත කර ඇති ආකාරය දකින්නට හැකිය. ජන සංහාරයට පෙලඹවීම යනු වෛරී ප්‍රකාශයේ අන්ත ක්‍රියාවලියක් න අතර, රුවන්ඩාව වැනි රටවලදී පසුගිය කාලයේ එවැන්නක් සිදුවිය. මේ අනුව රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව වැනි ආයතන ජාත්‍යන්තර අපරාධ අධිකරණවල නඩු පැවරීම සිදුකරනු ලැබුවේය. වෛරී ප්‍රකාශ නීති ගණනාවක්ද ලෝකයේ විවිධ රටවල ව්‍යවස්ථාවන් මගින් ස්ථාපිත කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ජාත්‍යන්තර මානව හිමිකම් නීති ප්‍රකාශනයේදී නිදහස ආරක්ෂා කර ඇති අතර, වඩාත් මූලික ලේඛනවලින් එකක් වන්නේ 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කෙටුම්පත් කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයයි. වෛරී කථනය සහ ප්‍රකෝපකාරී භාෂා වර්ග තහනම් කරන නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මුලින්ම අවධානය යොමු කළේ ‘වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ කමිටුව’ විසිනි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවලට වෛරී කථනය සීමා කරන නීතිරීති ඇත…’

මුළුමහත් ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාටම අදාළ වන සුවිශේෂී විෂයක් වන ‘වෛරී කථනය’ ගැන මෙසේ කතාවක් ප්‍රකාශ කරන්නට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී දෙස් විදෙස් මාධ්‍ය වාර්තා හරහා අපට අසන්නට ලැබුණු වතගොතකි. ශ්‍රී ලංකාවටම අදාළව අසන්නට ලැබුණු මෙම කතාව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවකගේ මහත් කතාබහට ලක්වුණු මෙම කතාන්දරයෙන් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු. එම ජාත්‍යන්තර වාර්තා ප්‍රකාශ කර සිටින්නේ කුමක්ද? ලොව ප්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන කරගනිමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත්වෙයි.
‘පසුගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුළ ‘වෛරී ප්‍රකාශන’ (හානිකර කතා) 113%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටියි…’

ඉහත සිරස යටතේ කරුණු අනාවරණ කරන මෙම සුවිශේෂ වාර්තාව තවදුරටත් මෙසේ කියා සිටියි.
‘ශ්‍රී ලංකාව තුළ සිදුවන ‘වෛරී ප්‍රකාශන’ 2024 නොවැම්බර් මාසයේ සිට 113%කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය නොවැම්බර් 14 වැනි දින පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව සිදුවූ බව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පවසයි. මෙම නවතම තොරතුරු එම සංවිධානයේ සුවිශේෂ වාර්තාවක් හරහා ප්‍රකාශයට පත්කර ඇත. එම නිල වාර්තාවට අදාළව මෙම කරුණු කාරණා මෙසේ හෙළිදරව් කරයි…’

‘2024 සැප්තැම්බර් මාසයේ මෙරට පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශන (හානිකර කතා) පිළිබඳ නවතම වාර්තාව එළිදක්වමින් වාර්ගික සහ / හෝ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් වෛරී කතා පෙරට වඩා 8 ගුණයකින් වැඩිවී ඇති බව නිරීක්ෂණය කර තිබේ. තවද මෙහිදී විශේෂිතව සඳහන් කෙරෙන්නේ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ හානිකර කථනයේ 159%ක ඉතා ඉහළ වැඩිවීමක් නිරීක්ෂණය කර තිබීමයි. මෙතැනදී 2024 දී හානිකර අන්තර්ගතයෙන් 45%ක් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදුව ඇත. කෙසේ වෙතත් 2024 වසරේ මුල් මාස 08 තුළ සමස්තයක් වශයෙන් (වසරින් වසර) හානිකර කථනයේ අඩුවීමක්ද වාර්තා වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ප්‍රකාශ කර සිටියි….’

ශ්‍රී ලංකාවේ හානිකර කථනය පිළිබඳ මෙම සුවිශේෂ වාර්තාවේ (ප්‍රකාශනයේ) යටකී ප්‍රවණතා සහ අන්තර්ජාල ආරක්ෂාවට බලපෑම් සිදුකළ හැකි සමාජ මාධ්‍ය ප්‍රතිපත්තිවලට මෑතකදී සිදුවූ වෙනස්කම්ද විස්තර කෙරෙයි.

‘නවතම වාර්තාවේ ප්‍රවණතා අනුව 2024 අගෝස්තු මාසයේදී පළකිරීම් 120ක් වූ හානිකර කථනය, 2024 සැප්තැම්බර් මාසයේදී පළකිරීම් 145 දක්වා මසකට 21%කින් වැඩිවිය. සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්ගික සහ / හෝ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් වෛරී ප්‍රකාශ 8 ගුණයකින් වැඩිවීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. පශ්චාත් මැතිවරණ හානිකර අන්තර්ගතයන් අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළුතර ප්‍රජාවන්ට මෙන්ම වතු අංශයටද ඔවුන්ගේ ඡන්ද මනාපයන්ට ප්‍රතිචාර වශයෙන් අපහාසාත්මක යොමුකිරීම් ඇතුළත් විය. මාසයකදී 15%ක අඩුවීමක් සනිටුහන් කළද, සැප්තැම්බර් මාසයේදී සාවද්‍ය තොරතුරු ඉහළ මට්ටමක පැවැතිණි…’

සුළු ජාතීන්ගේ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුට අනුව, ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය වෛරයට ගොදුරු වූවවන්ගෙන් 70%ක්ම සුළු ජාතීන් වෙයි. මෙම සුවිශේෂ වාර්තාව තවදුරටත් මෙසේ කියා සිටියි.

‘එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සිදුකෙරුණු හානිකර කතාවලින් (වෛරී ප්‍රකාශන) 51%ක් කාන්තාවන් සහ 24%ක් සුළු ජාතීන් ඉලක්ක කරගෙන ඇත. කෙසේ වෙතත් විශේෂයෙන් පොදු උත්සවවල නියැළී සිටින හෝ ප්‍රසිද්ධියේ කතා කරන කාන්තාවන් ඉලක්ක කරගත් හානිකර කතා උත්සන්න වී ඇත. එසේම ක්‍රිස්තියානි විරෝධී, මුස්ලිම් විරෝධී සහ හින්දු විරෝධී හැඟීම්ද දිගටම පැවැතීම සිදුවෙයි. පොදුවේ ගත්කල අංශ ගණනාවක් හරහා මෙම වෛරී ප්‍රකාශන සිදුවීම ඇතිවී තිබීම දැකිය හැකිය…’

මෙම සුවිශේෂ වාර්තාව හෙළිකළ වැදගත් දත්තයන් මෙසේ සාරාංශගත කර තිබෙයි. මෙම කරුණු සියල්ලක්ම ශ්‍රී ලංකාවට පමණක්ම අදාළව ප්‍රකාශ කර ඇති ඒවා වෙයි. මෙය මෑත කාලයක ශ්‍රී ලංකාව තුළ සිදුවූ ඉතා ප්‍රබල ප්‍රවණතාවක් වෙයි.

මෙම සුවිශේෂ වාර්තාවේ සාරාංශගත දත්තයන් මෙසේ ප්‍රකාශ කර ඇත.

● 113%-2024 නොවැම්බර් මාසයේදී හානික කතාවල වැඩිවීම, නොවැම්බර් 14 වැනි දින පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව සිදුව ඇත.
● 45%-2024 දී මෙසේ කාන්තාවන් ඉලක්ක කරගත් හානිකර අන්තර්ගතයන් සිදුව ඇත.
● X8 (අට ගුණයක වැඩිවීම) – 2024 සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, වාර්ගික සහ / හෝ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් වෛරී ප්‍රකාශවල වැඩිවීමක් දක්නට හැකි විය.
● 32%-2024 මුල් මාස 08 තුළ (වසරින් වසර) ගත්විට හානිකර කථනයේ (වෛරී ප්‍රකාශනයේ) සමස්ත අඩුවීමක් දක්නට හැකි විය.

‘වෛරී ප්‍රකාශය ආමන්ත්‍රණය කිරීම යනු කතාකිරීමේ නිදහස සීමා කිරීම හෝ තහනම් කිරීම නොවේ. එහි තේරුම නම් වෛරී ප්‍රකාශය වඩාත් භයානක පරිවර්තනයක් හෝ ක්‍රියාවලියක් දක්වා වර්ධනය වීම වැළැක්වීමයි. විශේෂයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් කර ඇති වෙනස්කම් සිදුකිරීම, සතුරුකම සහ ප්‍රචණ්ඩත්වයට පෙලඹවීම වැළැක්වීමයි…’ – අන්තෝනියෝ ගුටාරේස්, එක්සත් ජාතීන්ගේ මහලේකම්.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජාත්‍යන්තර කාන්තා දිනය දා විපක්ෂ නායක සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක්! කාන්තා හා ළමා අයිතිවාසිකම් රටේ මූලික නීතියක් බවට පත් කරන්න!  VIDEO I Sri Lanka Latest News

Next Post

“ෂෙඩ් ඇරලද ෂෙඩ් වහලද තාම ඔයා දන්නේ නැද්ද හිත වධ දෙයි හිතුවටත් වඩා – ඒකයි මේ ආවෙ අපි සොයා…” ! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.