• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොනල්ඩ් ට්‍රම්ප්ට භයානක ලෙඩක්! අතේ මාට්ටු! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඩොනල්ඩ් ට්‍රම්ප්ට භයානක ලෙඩක්! අතේ මාට්ටු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රංශයේ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සමග විශේෂ හමුවක් ධවල මන්දිරයේදී පවත්වන ලදී. ප්‍රංශ ජනාධිපතිවරයාට ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ආරාධනාවක් මත ඇමෙරිකාවේදී එම හමුව සිදුකරනු ලැබුවේය. මෙහිදී දෙරටෙහි ජනාධිපතිවරුන් දෙදෙනා සුහදව දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර, දෙස් විදෙස් මාධ්‍ය එය වාර්තා කරමින් සිටියේය. ඡායාරූප ශිල්පීන් මෙන්ම රූපවාහිනී කැමරා ශිල්පීන්ද රැසක් එම අවස්ථාවට සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරුන් දෙදෙනාගේ සමීප ඡායාරූප රැසක් ඡායාරූප ශිල්පීන් විසින් ලබාගනිමින් සිටියේය. සැණෙකින්ම ඔවුන්ගේ කැමරා තුළින් දක්නට ලැබුණේ එක්තරා සුවිශේෂ දසුනකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි ඇඟිලිවලට ආසන්න ප්‍රදේශයෙහි එක්තරා ආකාරයක අබිරහස් තැළීමක් ඇති ආකාරයක් දක්නට හැකිවිය. අඟල් කිහිපයක වට ප්‍රමාණයක් ඇති තැළීම රතු සහ කහ වර්ණයෙන් තිබෙන ආකාරය ඉතා පැහැදිලිව දක්නට හැකිවිය. එහෙත් මෙම ශාරීරික තැළීම තිබෙන අයුරින් නොපෙනෙන්නට එය මතින් යම්කිසි වේශ නිරූපණයක් යොදා ඇති ආකාරයද දක්නට හැකිවිය. මෙය සැබැවින්ම එක්තරා ආකාරයට අබිරහස් ස්වරූපයක් ගෙනදුන් දසුනක් විය…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇමෙරිකාවෙන් ඇසෙන කතාන්දරය? මෙයට දින කිහිපයකට පෙරදී අපට මෙම කතාව අසන්නට ලැබුණේ දෙස් විදෙස් මාධ්‍ය වාර්තා ගණනාවක් හරහාය. ඉහත එම වාර්තා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ කුමක්දැයි සොයා බලමු.

‘මෙම අබිරහස් තැළීම ආවරණය කිරීමට වේශ නිරූපණයක් භාවිත කර ඇති ආකාරය පැහැදිලිවම දක්නට හැකි විය. මෙම ශාරීරික දැක්ම හරහා ජනාධිපතිවරයාට යම් සංකීර්ණ රෝගී තත්ත්වයක් ඔහුගේ ශරීරය තුළ උද්ගතව ඇතිදැයි සමහර පාර්ශ්ව සැකයක් මතුකරන්නට ගත්තේය. එසේම මෙම සිදුවීම ගැන මාධ්‍යවේදීන් විසින් විවිධ පාර්ශ්ව වෙතින් අදහස් විමසා ඇති ආකාරයද දක්නට හැකිවිය. එම ප්‍රකාශයන් කුමක්දැයි සොයා බැලීම අත්‍යාවශ්‍ය වන්නේ මෙම සිදුවීම මේ වනවිට ලොව මහත් ආන්දෝලනයකට පත්කළ සිදුවීමක් හෙයිනි…’

මෙම සිදුවීම පිළිබඳ ජනාධිපති ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ගෙන් විමසූ විට ඇය මෙසේ ප්‍රකාශ කර තිබිණි.
‘ජනාධිපති ට්‍රම්ප් සෑම දිනකම නිරන්තරයෙන් කාර්යබහුලව වැඩකරමින් විවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයකට අතට අත දෙන හෙයින් මෙසේ ඔහුගේ අතේ යම් තැල්මක් තිබෙනවා යැයි සිතිය හැකියි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ජනතාවගේ මිනිසෙක්. ඔහුගේ කැපවීම නොසැලෙන අතර, ඔහු එය සෑම දිනකම ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඒ නිසා ඔහු නිරන්තරයෙන්ම සිය දහස් ගණනකට අතට අත දෙමින් සුබ පතනවා. ඔහුගේ අතේ තැළීමට හේතුව එය යැයි අපි විශ්වාස කරනවා…’

ලොව ප්‍රකට වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන දැනට වසර 161ක් පැරැණි ‘මායෝ ක්ලිනික්’ ආයතනයේ වෛද්‍ය විශේෂඥයන් මෙම සිදුවීම ගැන මෙසේ ප්‍රකාශ කර තිබිණි. ලොව ප්‍රධානතම වෛද්‍ය පර්යේෂණ රැසක් සිදුකරන මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් 7,300ක් පමණ සේවය කරති.

‘වයස්ගත පුද්ගලයන් තුළ ශරීරයේ තැළීම් බහුලව දක්නට ලැබෙනවා. එසේ වන්නේ ඔවුන්ගේ සම කාලයත් සමග තුනීවන හෙයින්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැනට වයස අවුරුදු 78ක පුද්ගලයෙක්. වයසට යෑමත් සමග ශරීරයේ මේද ආරක්ෂිත ස්ථරයේ අඩුවීමක්ද ඇතිකළ හැකි අතර, කේශනාලිකා ලෙස හඳුන්වන කුඩා රුධිර වාහිනී කැඩීයෑමේ අවදානමද වැඩි කරයි. එසේ වූ විට රුධිර නාළවලින් රුධිරය කාන්දු වී සම යට තැළීම් ලෙස දෘශ්‍යමාන වීම සිදුවෙනවා. පුපුරා ගිය නහරයක් සමගද විශාල තැළීමක් ඇතිවීමට හේතු වෙනවා. එසේම ඖෂධ ලබාදීමේ ඉඳිකටුවක් ඇතුළු කිරීම නිසාත් රුධිර නාළයකට හානි වූ විට මෙසේ සිදුවෙනවා. එසේම වයස නිසා ඇතින ‘ඔස්ටියෝ ආතරයිටීස්’ රෝගය නිසාත් මෙය සිදුවිය හැකියි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ශාරීරික තත්ත්වය ඔහු අතට අත දීම නිසා සිදුවුණා යැයි නිගමනය කරන්න බැහැ…’
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි මෙයට පෙර 2024 වසරේ අගෝස්තු සහ නොවැම්බර් මාසවලදීද මේ ආකාරයේ තැළීම් දෙකක් තිබුණු බව මාධ්‍ය වාර්තා කිහිපයක් ප්‍රකාශ කර තිබිණි. එම කාලය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කරමින් සිටි කාර්යබහුල සමයක්ද විය. ලොව ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන NBC තම වාර්තාවකින් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා පසුගිය කාලය තුළදී සිය දහස් ගණනක පුද්ගලයන්ට අතට අත දීම හේතුවෙන් මෙවැන්නක් සිදුවන්නට ඉඩ ඇති බවය. කෙසේ හෝ ධවල මන්දිරය සහ ඉහත මාධ්‍ය වාර්තාවන් එසේ ප්‍රකාශ කළද විශේෂඥ වෛද්‍යවරුන් එම මතය බැහැර කරමින් කියා සිටින්නේ වයස්ගත වීම හෝ යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් එසේ සිදුවන බවයි. ලොව ප්‍රකට TIME සඟරාව, NBC මාධ්‍ය සංවිධානය සහ ධවල මන්දිරය සිදුකළ ප්‍රකාශ එලෙස වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායමෙහි ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයකු වන බෲස් ඇරොන්වාල්ඩ් මෙම ප්‍රකාශය සිදුකර තිබිණි.

‘ජනාධිපතිවරයාගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ගැන අප පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම සිදුකර තිබෙනවා. ඒවායින් නිගමනය කෙරුණේ ඔහුගේ ශරීර සෞඛ්‍යය බොහෝ විශිෂ්ට මට්ටමක තිබෙන බවයි. විවිධ සංජානන පරීක්ෂණ ගණනාවක් සමග හෘද රෝග තත්ත්වයන් සහ පිළිකා රෝගී තත්ත්වයන්ද පරීක්ෂාවට ලක්කළා. මෙම පරීක්ෂණවල ප්‍රතිඵලවලින් පෙනීගියේ ඔහුගේ ශරීරයේ අනතුරුදායක රෝගී තත්ත්වයක් නොමැති බවයි. ඔහු තමාගේ ශරීරයේ බර පවා යම් ප්‍රමාණයකින් අඩු කරගෙන තිබෙනවා රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ දියවැඩියාවද හොඳ පාලන තත්ත්වයක තිබෙනවා. ජනාධිපතිවරයා යම් වයස්ගත තත්ත්වයක සිටින හෙයින් ‘ඔස්ටියෝ ආතරයිටීස්’ රෝගයෙන් පෙළෙන බව නිරීක්ෂණය කළ හැකියි. ජනාධිපතිවරයා දැනට 78 වැනි වියේ පසුවෙනවා. ’ඔස්ටියෝ ආතරයිටීස්’ නිසා යමෙකුගේ සන්ධිවල කාටිලේජ සහ අස්ථි පිරිහීම සිදුවන අතර, ඒ තැනැත්තාගේ සමද දුර්වල වන අතර, තැළීම්වලට ගොදුරු වීමේ අවදානමද වැඩි වෙනවා. එසේම අත්පාවල ඉදිමීම්ද ඇතිවෙනවා…’

ඇමෙරිකාවේ 45 වැනි සහ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට 78 වැනි විය පසුකරමින් සිටියි. ඇමෙරිකාවේ ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයකුද වන ඔහු, ලොව බොහෝ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකටය. මෙයට දින කීපයකට පෙරදී ඔහු මුහුණ දුන් එක්තරා සිදුවීමක් හරහා මෙම ලිපිය ලියා තැබුවෙමි. මෙම කතාවේ අලුත්ම තත්ත්වය ලෙසින් හෙළිවන්නේ 2025 අප්‍රේල් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහා අලුත්ම ශාරීරික වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන බවයි. එය ඇමෙරිකාවේ වෝල්ටර් රීඩ් හමුදා රෝහලේදී සිදුකිරීමට නියමිතය. ඒ බව පසුගියදා ජනාධිපති ධවල මන්දිරය නිවේදනය කර තිබුණේය. වෛද්‍ය අංශ ප්‍රකාශ කර සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම සෞඛ්‍ය තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි බවයි. එසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවත පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සුදුසු යැයිද ඔවුහු පවසති.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජවිපෙ රැල්ල කොයිබටද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

සජබෙන් මේ පාර කොළඹට සුපිරි බුලට් එකක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.