• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජවිපෙ රැල්ල කොයිබටද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 8, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ජවිපෙ රැල්ල කොයිබටද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ජවිපෙ දිනපු එකම පළාත් පාලන ආයතනය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවය. ජවිපෙ තිස්ස ප්‍රාදේශීය සභාව දින්නේ 2002 පුංචි ඡන්දයේදීය. ජවිපෙ තිස්ස දිනලා රටටම පෙන්නුවේ ජවිපෙ කවදා හෝ ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුවේ මොඩ්ල් එක බවට තිස්ස හදනවා කියාය. ඒ කාලේ ජවිපෙ තිස්ස ගැන නිවුස් හද හදා මාධ්‍යවල දැම්මේය. ප්‍රාදේශීය සභාව සල්ලි ඉතුරු කරන හැටි පෙන්නුවේය. ප්‍රාදේශීය සභාව, සමුපකාර ක්‍රමය යළි ක්‍රියාත්මක කරන හැටි පෙන්නුවේය.Sri Lanka Latest News

තිස්ස ප්‍රාදේශීය සභාව දිනාගැනීම ජවිපෙට ලොකු ජයග්‍රහණයක් විය. ඒ, ජවිපෙ හොඳම කාලයය. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනලා, ජවිපෙ 2004 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය සමග සන්ධානගත වී ඡන්දය ඉල්ලුවේය. ජවිපෙ පමණක් නොව, රටම පුදුමයට පත්කරමින් ජවිපෙට මන්ත්‍රී ආසන 39ක් ලැබිණි. ජවිපෙ ගම්පහ දිස්ත්‍රික්ක අපේක්ෂක විජිත හේරත්, බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුරව දෙවැනි තැනට දමා ගම්පහ මනාප ලැයිස්තුවේ නොම්මර එක විය.

ජවිපෙ නැග්ම දැකලා ව්‍යාපාරික ප්‍රජාව සේම කොළඹ තානාපති ප්‍රජාවද බයවිය. ව්‍යාපාරිකයෝ ජවිපෙ පසුපස යන්න පටන් ගත්හ. තානාපති ප්‍රජාව ජවිපෙ හමුවෙන්න උනන්දු විය. ව්‍යාපාරිකයෝ සම්මන්ත්‍රණ සංවිධාන කොට ජවිපෙ නායකයන්ට ලංකාවේ ආර්ථිකය ගැන දේශන කරන්න ආරාධනා කළහ. ඔවුහු ජවිපෙ දේශන අහන්න සැදීපැහැදී බලා සිටියහ. එක්කෝ ඊළඟ ආණ්ඩුව ජවිපෙ හදන බව හෝ ඊළඟට රටේ ප්‍රධාන විපක්ෂය බවට ජවිපෙ පත්වන බව ඔවුන්ට දැනුණි.

ජවිපෙ ඊළඟ පැනපු පිම්ම 2005 ජනාධිපතිවරණයේදී මහින්දව දිනවා රනිල්ව පරාජයට පත්කිරීමය. මහින්ද වෙනුවෙන් ඒ ඡන්ද සටන මෙහෙයවූයේ ජවිපෙය. මහින්ද දින්නාට පසු මහින්ද රට පාලනය කරන්නේ ජවිපෙට ඕනෑ විදියට යැයි හැමෝම සිතූහ. මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිකම් ජවිපෙට හිමිවනු ඇතැයි හැමෝම සිතූහ. ඒත් මහින්ද ජවිපෙට පල නොකියා පලා බෙදුවේය. මහින්ද ජවිපෙ කඩන්න කුමන්ත්‍රණය කරන බව දැන ජවිපෙ 2006 පළාත් පාලන ඡන්දය ශ්‍රීලනිප සන්ධානයෙන් ඉවත්වී තනියම ඉල්ලන්න තීරණය කළහ. 2006 පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ ජවිපෙ ‘පීක්’ එකේ ඉන්න වෙලාවේය. හැබැයි ජවිපෙ දින්නේ එකම එක පළාත් පාලන ආයතනයක් විතරය. ඒ, 2002දීත් දින්න තිස්ස ප්‍රාදේශීය සභාවය. 2006 පළාත් පාලන ඡන්දයේදී ජවිපෙ හොම්බෙන් වැටුණි. එතැන් සිට ජවිපෙ වැටීම පටන් ගත්තේය. එවක විපක්ෂ නායක රනිල් මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත්වී ආ මංගල සමග එක්ව මහින්දගේ ආණ්ඩුවේ අයවැය පරාජය කරන්න යද්දී ජවිපෙ එයට සහාය දීමට සාකච්ඡා කළත්, මහින්ද ජවිපෙ දෙකඩ කර ජවිපෙ – රනිල් දීගය කැඩුවේය. විමල් ජවිපෙන් ඉවත් විය. ජවිපෙ දෙකට තුනට කැඩී දුර්වල විය. 2011 පළාත් පාලන ඡන්දයේදී ජවිපෙ 2002 සහ 2006 පළාත් පාලන ඡන්දවලදී දිනාගත් තිස්ස ප්‍රාදේශීය සභාව පරාජයට පත්විය. ජවිපෙ තිස්ස ප්‍රාදේශීය සභාවේ තුන්වැනි තැනට වැටුණි.

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජවිපෙ නැග්ම සහ බැස්ම හරිම පුදුමය.

1971දී ජවිපෙ කැරැල්ලක් ගසා මුළු ලංකාවම බය කරමින් නැගී සිටියේය. ලංකාවේ ජනතාව පමණක් නොව විදේශීය රටවල් පවා හිතුවේ ජවිපෙ බලය අල්ලයි කියලාය. ජවිපෙට බලය අල්ලන්න බැරි වුණත් ජවිපෙ රටේ ප්‍රධාන දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටියේය. ඒත් ජවිපෙ රැල්ලට වැඩි ආයුෂ තිබුණේ නැත. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු ජවිපෙ යටපත් විය. ඉන් පසු ජවිපෙ 1982 ජනාධිපතිවරණයට තරග කොට ඡන්ද ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ගෙන දුර්වල පක්ෂයක් බවට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයෙන් බලය අල්ලන ජවිපෙ හීනය කඩාගෙන වැටුණේ 1982 ජනාධිපතිවරණයෙන්ය.

යළි ජවිපෙ නැගිටින්නේ 1988 දීය. ඒ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට පසුව රට තුළ හදන ඉන්දීය විරෝධයෙන්ය. 88-89 කාලයේ තුණ්ඩු කැබැල්ලෙන් රට පාලනය කරන්නේ ජවිපෙය. ජවිපෙ බලය අල්ලන දිනය වැඩි ඈතක නොවන බව ජනතාවට තේරුණි. ඒත් වසර දෙකකට පසු කවුරුත් හිතන්නේ නැති විදියට ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කොට සෝමවංශ ඇරෙන්න ජවිපෙ දේශපාලන මණ්ඩලයම ඝාතනය කළේය. ජවිපෙ එතැනින් වැටුණු වැටිල්ල වසර ගණනකට නැගිට්ටේ නැත. ජවිපෙ වැටුණේ 1989 අගය. ජවිපෙ යළි නැගිටින්න පටන්ගත්තේ 2000 මහ මැතිවරණයෙන්ය. 2000 මහ ඡන්දයෙන් නැගිට්ට ජවිපෙ කන්ද මුදුනටම ගියේ 2004 මහ මැතිවරණයෙන්ය. ඒත් ජවිපෙ වසන්තය වැඩි කලක් තිබුණේ නැත. 2006ට පසු ජවිපෙ යළි ගිනිගත්තේය.

‘ඇයි ජවිපෙ වසන්තය ටික කාලයකට සීමා වෙන්නේ…?’

ඒක කියන්න දන්නේ නැත. හැබැයි ජවිපෙ නැග්ම හැමදාම සෝඩා බෝතලයක් වාගේය. ජවිපෙ නැගිටින්නේත් අනෙක් පක්ෂ නැගිටිනවා වගේ නොව මහා මේඝයක් මෙන්ය.
2022 අරගලයට පසු ජවිපෙ නැගිට්ටේත් ඒ වගේය. අරගලයට කලින් ජවිපෙට මිනිස්සු හිනා වුණේ 3% පක්ෂය කියලාය. එහෙත් අරගලයට පසු ජවිපෙ කඩාගෙන ආවේ සුනාමියක් වගේය.
ඒත් ජවිපෙ රැල්ල ගහපු විදියට 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහා රැල්ලක් පෙන්නුවේ නැත. අනුරට ගත හැකි වූයේ 42%ක් පමණි. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයයේ කිසිදු ජනාධිපතිවරයෙක් 50%කට වඩා අඩුවෙන් ඡන්ද ලබාගෙන නැත. 1988 ජනාධිපතිවරණයේදී ජවිපෙ භීෂණය මැද ප්‍රේමදාස 50%ක් ඡන්ද ගත්තේය. අනුරගේ ජනවරම 42%ක ජන වරමකි. එය මහා ජනවරමක් බවට පත්වූයේ 2024 මහ ඡන්දයෙන්ය. එයට ප්‍රධාන හේතුවක් වූයේ පරාජිත පක්ෂ ජවිපෙට අභියෝග නොකර සැඟවීමය. සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණද කළේ මහ මැතිවරණ ඡන්ද ව්‍යාපාරයක් නොව ප්‍රාදේශීය සභා ඡන්ද ව්‍යාපාරයකි. ලංකාවේ ප්‍රබලතම දේශපාලනඥයන් පරාජය වෙයි කියා බයේ ඡන්ද සටනින් ඉවත් වූයේ ජවිපෙ මහා සුනාමියෙන් දේශපාලන දිවි ගලවා ගන්නටය. ජවිපෙ කන්ද මුදුනටම නැගලා ජවිපෙ ධජය එසවූයේ 2024 මහ මැතිවරණයේය.

‘ඒ රැල්ලත් 1971, 1988, 2004 රැල්ල වගේ වෙයිද..?’

ඒක හරියටම කියන්න බැරිය. 1971, 1988, 2004 වගේ නොව අද ජවිපෙට ජනාධිපති ධුරය සහ තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබේ. එක්කෝ ජවිපෙට තව කාලයක් මේ රැල්ලේ පිහිනන්න ජනාධිපතිකම සහ ආණ්ඩුව ශක්තියක් වෙනු ඇත. නැත්නම් 1971, 1988, 2004 වගේ ජවිපෙ රැල්ලේ ආයුෂ කොට කරන්න ජනාධිපතිකම සහ ආණ්ඩුවම හේතුවක් වනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ මුද්දරයට ගිය යාපනේ ස්කඩර්! Sri Lanka Latest News

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ට භයානක ලෙඩක්! අතේ මාට්ටු! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.