ශ්‍රීලංකා පොදුජන පෙරමුණ එළබෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද කලුතර දිස්ත්‍රික්කයේන් ආරම්භ කළේය.Sri Lanka Latest News
ඒ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද උදෑසන ඓතිහාසික කලුතර බෝ සමිදු අභියසදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර පැමිණ පිරිසට ආශිර්වාද කරනු ලැබීය.
පොහොට්ටුවේ කලුතර දිස්ත්‍රික් නායක සංජීව එදිරිමාන්න ඇතුලුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඇතුව විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ..
පසුව කලුතර මැතිවරණ කාර්‍යාලයේදී දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය










