මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට 16වනදා දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව වන්නේ ‘භජේථ මිත්තේ කල්‍යාණේ’ නොහොත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසා සිටියේ, බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුකළ යුතු බවයි.
මෙම සාකච්ඡාවේදී මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි 12වනදා, එනම් වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේ දී පැවැත්වීමට යෝජනා වී තිබේ.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ නිකුත්කළ නිවේදනය,











