අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත.Sri Lanka Latest News
එහෙත් නීතිපති පාරින්ද රණසිංහ විසින් නිර්දේශ කරන ලද නම්, එහිදී නම්කර නොමැත.
ඒ අනුව අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා මහනුවර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර, වාණිජ මහාධිකරණ (කොළඹ) විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ඒ. ප්‍රේමශංකර් යන විනිසුරුවන් නම්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බදාදා රැස්වීමට නියමිතය.










