• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දේ අස්සේ ගහපු ගැහිලි! දෙයි හාමුදුරුවනේ මුන්ට පුළුවන්ද රටකට මෙහෙම කරන්න…? Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඡන්දේ අස්සේ ගහපු ගැහිලි! දෙයි හාමුදුරුවනේ මුන්ට පුළුවන්ද රටකට මෙහෙම කරන්න…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188ක් පමණ චෙක්පත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අස්සනින් ලබාදී ඇති බව කෝප් කමිටුවේදී පසුගිය 20 වැනිදා අනාවරණ විය. Sri Lanka Latest News

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අස්සන් කොට ඇත්තේ අදාළ ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි විය. මේ අනුව කාරකසභාව, අදාළ නිලධාරීන්ගෙන් කළ විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් පමණ ලැබුණු බවත් එවක හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවත්ය. තරුණ සේවා සභාවේ ගණන් දීමේ නිලධාරියා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදුවූ බවත්, එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරුකිරීම්වලට ලක්කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව ජනාධිපතිවරණයට පෙර දින සවස රු. මිලියන 188 පමණ චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවත් එම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. පහත පළවන්නේ අදාළ කෝප් කමිටු රැස්වීමේදී පළවූ අදහස්වලින් කොටසකි.

කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
2024 ජනවාරි සිට අගෝස්තු දක්වා වැඩසටහන් දළ වශයෙන් 9ක විතර ක්‍රියාවලියක් තියෙනවා. ඉන් එකක් තමයි ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය. තර්ටි ෆස්ට් නයිට් සෙලිබ්‍රේෂන් වැඩසටහන. ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංග. ඒකට ගත්තම මිලියන 323ක්. ඊළඟට ‘සිහිනය’ වැඩසටහන. මේවා ගත්තාම මිලියන 535ක් දළ වශයෙන්. මේ මාස 8ක කාලය ඇතුළත.
තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න
පදනම වෙලා තියෙන්නේ ඒ වෙලාවේ හිටපු හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාවේ හිටපු පසිඳු ගුණරත්න කියන සභාපතිවරයා විසින් ගන්නා ලද තීරණ. අනුමැතිය ලබාගැනීමේදී ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ සභාපතිවරයා එකතු වෙලා අනුමැතිය ගැනීම් කරලා තියෙනවා. ඊට පස්සේ මේවා ක්‍රියාත්මක කරගෙන යනකොට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම පරිබාහිරව කටයුතු කරලා, ඒ ක්‍රියාවලියේ නැති, සභාපතිවරයාගේ කාර්යාලයේ ඉඳගෙන තමයි මේ ප්‍රසම්පාදන වැඩ ඔක්කොම වෙලා තියෙන්නේ. දේශපාලන අරමුණකින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
විගණකාධිපති
මේ කැබිනට් පේපර් එක දාන්නේ 2024.07.09 වැනිදා. මේකට අනුමැතිය එන්නේ 15 වැනිදා. අයවැය ප්‍රතිපාදන යටතේ ජනාධිපති කාර්යාලයට දෙන ප්‍රතිපාදනවලින් තමයි මේ මිලියන 398 දෙන්නේ කියන එක. අපිට තියෙන තොරතුරු අනුව නම් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 398ක් ප්‍රතිපාදන මෙහාට දීලා නෑ. ඒක ඇවිල්ලා තියෙන්නේ අමාත්‍යාංශයට.
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
කැබිනට් පේපර් එකත් ඇවිල්ලා තියෙනවා. අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතා ප්‍රකාශ කරපු විදියට ගෙවීම් කටයුතු සිදුකළේ නැහැ. දැනට මම හිතන්නේ මිලියන 238ක විතර බිල් තියෙනවා. ඒ වුණාට ගෙවීම් කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් අනුමැතිය ලබා නොදුන් නිසා.
කෝප් කමිටු සාමාජිකයෙක්
කොටසක් ගෙවලා තියෙනවනේ?
මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක්
මානසික සුවතා වැඩසටහනට මිලියන 61ක් ආවා. ඒකෙන් මිලියන 41ක් ගෙව්වා.
විගණකාධිපති
ස්මාර්ට් යූත් එකට කීයක් දීලා තියෙනවද?
මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක්
ස්මාර්ට් යූත් එකට අපිට මිලියන 308ක් ආවා. අපි කිව්වේ තරුණ සේවා සභාවට ඒක ක්‍රියාත්මක කරලා ඒ බිල්පත් ඉදිරිපත් කරන්න, ඊට පස්සේ අපි භාණ්ඩාගාරයෙන් ඉම්ප්‍රෙස්ට් එක අරගෙන ප්‍රතිපූරණය කරන්නම් කියලා. නමුත් ඒ දීපු වවුචර්වල තිබුණු අඩුපාඩු නිසා අපි ගෙවීම් කළේ නැහැ.
විගණකාධිපති
අවුට්ස්ටෑන්ඩින් බිල්ස් කොච්චරද?
මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක්
308.25න් අපි කිසිම මුදලක් ගෙව්වේ නැහැ.
විගණකාධිපති
මේක සභාවෙන් ගෙවලද?
මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක්
සභාවෙන් ගෙවලා තියෙනවා.
විගණකාධිපති
කවුද ඒ ගෙවීම අනුමත කළේ?
තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න
සභාපතිවරයා අනුමත කරලා තියෙන්නේ. එකක් ඒ අවුරුද්දේ සංවර්ධන වැඩසටහන්වලට ලැබුණු මුදල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපේ අභ්‍යන්තර ආදායම් පාවිච්චි කරලා තියෙනවා.
විගණකාධිපති
සම්පූර්ණ මුදලම ගෙවලද?
තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න
ඔව්. මිලියන 188ක් ගෙවලා තියෙනවා.
කෝප් කමිටු සාමාජිකයෙක්
කවුද ඒ කාලේ හිටපු සභාපති?
තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න
පසිඳු ගුණරත්න
කෝප් කමිටු සාමාජිකයෙක්
ඒ ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් තියෙනවද?
විගණකාධිපති
හරියටම කියන්න, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් තියෙනවද, බලය දුන්නද, නිර්දේශ කළාද, ගෙවීම සහතික කළාද, ගෙව්වද කියන කරුණු ටික හරියටම කියන්න.
තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න
ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නෑ, නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් තියෙනවා. ඒ යටතේ තමයි සභාපතිවරයා විසින් ගෙවීම කරලා තියෙන්නේ.
විගණකාධිපති
ගෙවීම සහතික කළේ කවුද?
තරුණ සේවා සභාවේ නිලධාරියෙක්
තරුණ සේවා සභාවේ මූල්‍ය නිලධාරීන් තමයි වියදම සහතික කරලා තියෙන්නේ. සභාපතිතුමාගේ නියෝග මත.
විගණකාධිපති
සභාපතිතුමා කොච්චර නියෝග දුන්නත්, එෆ්.ආර්. එකේ තියෙනවා නේද ගෙවීම සහතික කරනකොට ඔය කියන ක්‍රියාපටිපාටිය හරියට කරලා තියෙනවද කියලා බලන්න ඕනේ කියලා? දැන් මේ අමාත්‍යාංශයට ගියාම, ඒ අමාත්‍යාංශයෙන් ඒක ඇයි ගෙව්වේ නැත්තේ?
මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක්
අමාත්‍යාංශයෙන් මුදල් දෙනකොට ලේකම් කාර්යාලයෙන් මේ මුදල එවලා තියෙනවා, අපි ඒක දෙනවා. නමුත් ඒක පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලියට රජයේ නීතිරීතිවලට අනුගතව කරන්න කියලා අපි උපදෙස් දෙනවා.
විගණකාධිපති
එතකොට අර ආයතනයේ එකවුන්ටන්ට ඒක ගෙවන්න පුළුවන් වුණේ කොහොමද? ඔය කියන කාරණා ටික එතුමිය බැලුවේ නැද්ද?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
සභාපතිතුමා ගණන් දීමේ නිලධාරියා වශයෙන් සභාපති කාර්යාලයෙන් තමයි ඔය වවුචර් අපේ ගිණුම් අංශයට ලබාදෙන්නේ. එතකොට ගණන් දීමේ නිලධාරියා නියෝග කළාම අදාළ ගෙවීම් කරන්න කියලා වියදම සහතික කරන්න සිදුවෙනවා අපිට.
විගණකාධිපති
නෑ එහෙම දෙයක් නෑ. ගිණුම් සහතික කරද්දී ඔබ බැලිය යුතු කාරණා ටිකක් තියෙනවනේ. ඒ ටික ඔබට සහතික වෙනවා නම්නේ, ප්‍රමාණවත් සාක්ෂියක් තියෙනවා නම්නේ ඔබ ගෙවන්නේ. නැතුව කවුරුවත් කිව්වා කියලා ගෙවන්නේ නෑනේ. ඒ කාරණා ඔක්කොම සම්පූර්ණ වෙච්ච නිසාද ඔබ ගෙව්වේ?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
ඔව්.
විගණකාධිපති
එහෙනම් ඔබතුමියත් ඒකට වගකියන්න ඕනේ.
කෝප් කමිටු සාමාජිකයෙක්
ඔබතුමිය සටහනක් දැම්මේ නැද්ද කලින් මේ සභාපතිවරයාගේ නියෝගය මත අප විසින් මේක ගෙවනවා කියලා?
විගණකාධිපති
මේ කාරණාවේදී ඔබතුමියද ගෙව්වේ, නැත්නම් වෙන කවුරුහරිද?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
මමයි තව නිලධාරීන් දෙන්නෙකුයි සහතික කළේ.
තරුණ සේවා සභාවේ නිලධාරියෙක්
ජනාධිපතිවරණයට කලින් දවසේ තමයි මිලියන 100ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට සභාපතිතුමා වවුචර් පනස් ගානක් එකපාරම අපේ නිලධාරීන් තුන්දෙනාට දීලා බලපෑමක් කරලා තමයි මේ වියදම සහතික කරලා ගෙවීම කරලා තියෙන්නේ.
කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
වියදම සහතික කිරීමේදී ඔබතුමිය නිශ්චිත වශයෙන්ම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන සෑහීමකට පත්වෙන්න අවශ්‍ය කරුණු ගැන සෑහීමකට පත්වෙලාද මේක අස්සන් කළේ? එහෙම නම් ඔබතුමිය මේ මුදල සම්බන්ධයෙන් වගකියන්න වෙනවා. එහෙම නැත්නම් බලපෑම සම්බන්ධයෙන් සටහනක් හරි තියෙන්න ඕනේ. ඔය කියන විදියට එක දවසේ චෙක් පනස් ගානක් ආවා. පනස් ගානම අස්සන් කරන්න කියලා බලපෑම් කළා. එතකොට ඔබතුමිය කියන්න ඕනේ මෙන්න මේ මොහොතේ ලැබුණේ, මේ වෙලාවට දෙන්න ඕනේ කියලා. ඔබතුමිය සතුව එහෙම සටහනක් තියෙනවද?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
ඔය සිද්ධිය වුණේ 2024.09.20 වැනිදා. අපිට භාණ්ඩාගාරයෙන් දවල් 2ට විතර මිලියන 100ක් මුදල් ආවා. ඒ ආවේ භාණ්ඩාගාර සංවර්ධන ප්‍රතිපාදන යටතේ. ඊට පස්සේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් අපිට කතාකරලා කිව්වා වවුචර් 50 අපේ එෆ්.ඕ.ලා තුන්දෙනාට සහතික කරන්න කියලා. සභාපතිතුමා අපේ ගණන් දීමේ නිලධාරියා වශයෙන්, සභාපතිතුමා නියෝග කළොත් අපි ඒක පිළිපදින්න වෙනවා. එකී කරුණ මත අපි වියදම සහතික කළා.
කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
ඒ කියන්නේ ඒ චෙක් ටිකට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කළාද නැද්ද කියලා පරීක්ෂා කරන්න කාලයක් තිබුණේ නැද්ද?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
නැහැ.
කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
එහෙම නම් ඇයි ඔබතුමිය කිව්වේ සෑහීමකට පත්වෙලයි අස්සන් කළේ කියලා?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
එදා දවසේ හවස එක්කෙනකුට වවුචර් 15ක් විතර ආවා.
කෝප් කමිටු සාමාජිකයෙක්
ඔයාලගේ එෆ්.ඕ.ලා තුන්දෙනෙක් හිටියා නම්, ඒ තුන්දෙනා කතාකළේ නැද්ද මොකක්ද මේ වෙන්නේ කියලවත්?
තරුණ සේවා සභාවේ නිලධාරිනියක්
අපි මේකට අස්සන් නොකර හිටියොත් අපිට අනිවාර්යයෙන් ට්‍රාන්සර් හම්බවෙනවා. කලින් එහෙම සිද්ධ වෙලා තියෙනවා.
කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
ඔබතුමියව අපහසුතාවට පත්කරන්න නෙවෙයි මේ අහන්නේ. මේක සුළුපටු ගානක් නෙවෙයි. මිලියන 188ක්. ජනතාවගේ මුදල්. ඡන්දෙට කලින් දවසේ. මේ මුදල් අවභාවිත කරලා, විවිධ දේවල් කරලා, ඒක නිලධාරියාගේ පිට තියලා කැපුවාම, නිලධාරියාව බිල්ලට දුන්නාම, නිලධාරීන්ටත් කොන්දක් තියෙන්න ඕනේ නොකර ඉන්න. ඒ නිසා මූලිකම දේ තමයි මින් ඉදිරියත් සියලු නිලධාරීන්ට අපේ ආණ්ඩුව විදියට අපි නිශ්චිතව කියලා තියෙනවා කොන්ද පණ ඇතුව වැඩ කරන්න කියලා. කොහොමද මේ වංචාවල් වෙන්නේ? මේක සුළුපටු දෙයක් නෙවෙයි. මේ යූත් එක්සිබිෂන් එකට කැබිනට් අනුමැතිය දෙන්නේ ජූලි මාසේ 15 වැනිදා. හැබැයි ගාල්ලේ යූත් සෙලිබ්‍රේෂන් එක කරනවා අප්‍රේල් මාසේ.
විගණකාධිපති
ඊට කලින් 11ක් පවත්වලා තියෙනවා.
කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර
අනුමැතියක් නැතුව, වැඩ කරලා කරලා ඒවායේ මුදල් වියදම් කරන්න දුන්නම, ප්‍රසම්පාදන ක්‍රියාවලියකට නෙවෙයි. කොහෙන්ද මේ ක්‍රියාවලිය කරන්න බලය ලැබුණේ කියන ප්‍රශ්නය නිලධාරීන් විසින් විමසිය යුතුව තිබෙනවා. ඇයි තමන්ගෙනේ මේ ජීවිතය? තමන්ගේ රැකියාව. තමන්ගේ වගකීම. මේක මම අවස්ථාවක් කරගන්නවා රටේ ඉන්න සියලු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේක හැමෝ දකිනවා. මේ අවස්ථාවේ අපි නිශ්චිත ඉල්ලීමක් කරනවා රජයේ සියලු නිලධාරීන්ගෙන්. මේ තමන්ට පැවරුණු කාර්යභාරය නිශ්චිත වගකීමකින් ඉෂ්ට කරන්න. එතකොට තමයි මේ වගේ අපරාධ කරන්න බැරි. මේ මූල්‍ය අපරාධය සරල එකක් නෙවෙයි. නිශ්චිත වැඩපිළිවෙළක් නෑ.නිශ්චිත නිලධාරී මණ්ඩලයක් නෑ, නිශ්චිත ආයතන ව්‍යුහයක් නෑ. නිශ්චිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ.

ප්‍රධාන ගණන් දීමේ නිලධාරිතුමා විදියට ලේකම්තුමා මේ කරපු ක්‍රියාමාර්ගය සහ මේ මැදිහත් වීම ගැන නිශ්චිතව පරීක්ෂා කරලා කරන්න තියෙන විනය ක්‍රියාමාර්ග ගන්න. ඒ ගැන අපිව දැනුවත් කරන්න. ඒකෙන් පස්සේ මම දැනට වරප්‍රසාද කමිටුවට කැඳවනවා වෙනුවට අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අදාළ විනය ක්‍රියාමාර්ග ගනී කියලා.

SendShareShare
Previous Post

ත්‍රාසජනක අත්දැකීමක්! අයිස් ගෝනි ඒක මළවුන්ගේ ලෝකයේ මොහොතක්! Sri Lanka Latest News

Next Post

නුවන් බෝපගේලා මේ ආණ්ඩුව වට්ටනවා කියන්නේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.