• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ රාණි…? සොයිසා සහ සොයිසා! විකෘතියක්… අපරාධයක්..! චිත්‍රපටිය පුරාවට රැඟෙන එන්නේ වේදනාවක්..! හඳගම කෙළෙසූ ‘රාණි’ ගැන ඥාති දියණිය කතා කරයි! I Sri Lanka Latest News

February 27, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
කෝ රාණි…? සොයිසා සහ සොයිසා! විකෘතියක්… අපරාධයක්..! චිත්‍රපටිය පුරාවට රැඟෙන එන්නේ වේදනාවක්..! හඳගම කෙළෙසූ ‘රාණි’ ගැන ඥාති දියණිය කතා කරයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය. කිසිදිනෙක ඉන්දියානු සාරි නොඇඳි මනෝරාණිගේ උස් ශරීරයට, ඒ මල් මෝස්තර සහිත නයිලෙක්ස් සාරි අතිශය සුන්දරව ගැළපුණි.Sri Lanka Latest News

‘ඕ’සෑමවිටම පවුඩර් පොට්ටුවක් පැලඳ සිටියාය. පවුඩර් පොට්ටුවක් සඳහා වැය කිරීමට තරම් කාලය නොමැති වූ දිනයකදී, තොල් ආලේපන ස්වල්පයක් නළලතෙහි රඳවා, ඒ මත පොට්ටු බිඳක් අලවාගන්නට හුරුව සිටියාය. මනෝරාණි කිසිදිනෙක වෛද්‍ය බෑගයක් රැගෙන ගමන් නොකළ නමුත්, ඇයගේ උරහිස මත නොවැරදීම එල්ලී තිබූ වෙද නලාවකි.

ඇය සිය නිවහනෙහි මත්පැන් තබා නොගත්තාය. ඇය පමණක් නොව, රිචඩ්වත් එසේ නොකළ බව මම දනිමි. ඔවුන්ගේ නිවහන එවන් ස්ථානයක් නොවුණි. එය තම තමන්ගේ රාජකාරි අවසානයේ, එසේත් නැතිනම් සමාජීය වැඩකටයුතු අවසානයේ හෝ ඉඳහිටෙක සිදුවන මත්පැන් බිඳක් තොලගා අවසානයේත් ඔවුන් පෙරළා පැමිණෙන ස්ථානය විය. එය කියැවීමට, ලිවීමට සහ විවේක සුවය විඳීමට වෙන් කෙරුණු නිවහනකි.

මනෝරාණී කිසි විටෙකත් රිචඩ්ට ‘රිචඩ්’ කියා ඇමතුවේ නැත.ඇය ඔහුට කතා කළේ ‘සොයිසා’යනුවෙනි. ඔහු ද සිය මෑණියන් ඇමතුවේ- ‘සොයිසා’ නාමයෙනි! ඒ ඔවුන් දෙදෙනාම ‘තනි පුද්ගලයකු’ සේ හැඟවෙන අදහසින්, එකිනෙකා වෙනුවෙන් යොදාගත් අනෝන්‍ය ආදර ආමණ්ත්‍රණයකි.සොයිසා සහ සොයිසා.

ඔවුන් කිසි විටෙකත් එකිනෙකා වැළඳ ගත්තේ නැත. සත්තකින්ම මනෝරාණි කිසිදිනෙක අප කිසිවකුත් වැළඳ ගත්තේ නැත. මනෝරාණී යන උණුසුම් ගැහැනියගේ විෂයෙහිලා, එය සෑමවිටම ඇයගේ සිනහව විය. අප සියල්ලන් කෙරෙහි ඇය තුළ වූ ආදරය, සෙනෙහස ආදී සියල්ල කියා පෑ භාෂාව ඒ සිනහව විය.

මනෝරාණි ආන්ටා- අප ඇය දැනසිටියේ එනමිනි. අඩුම තරමේ, උපතේ සිටම මගේ ජීවිතයේ කොටසක් වූ ඇය මා දැන සිටියේ එලෙසිනි. එතෙක් මෙතෙක් කාලයක් පුරාවට මා දැන සිටි උදාරතම, ධෛර්යවන්තම ගැහැනිය ඇය වූවාය. ඇයගේ ස්වරය බලසම්පන්න බව සැබෑය. නමුත් ඒවා කිසිවිටෙකත් රළු, නොහික්මුණු වදන් නොවීය.

සිය වෛද්‍ය වෘත්තිමය කටයුතුවලදී මනෝරාණි හුදෙක් අපගේ ආදරණීය පවුලේ වෛද්‍යවරිය පමණක් නොවූවාය. ප්‍රායෝගික, සන්සුන් සහ අවබොධාත්මක ගුණයෙන් පොහොසත් ඇය, අනිසි වැල්වටාරම්, විකාර නොරිසි වූ නියම පරමාදර්ශී පවුලේ වෛද්‍යවරිය වූවාය. මගේ දියණියන් දෙදෙනාම මෙලොව එළිය දුටුවේ ඇයගේ සහායෙනි. මගේ පමණක් නොව, ඇය තරුණ පරම්පරාවකම ස්ත්‍රීන්ගේ දරුවන් බිහි කළාය. මනෝරාණි බොහෝ ආකාරවලින්,එක්තරා තරුණ පරම්පරාවක ස්ත්‍රීන් සඳහා ‘අයිකනයක්’ වූවේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඇය සමීපව දැනසිටි අප වැනි අයට මෙන්ම, ඇය යන්තමින්, දුරස්ථව දැකගැනීමට ලැබුණු බොහෝ අයටත්, ඇය තම සයිකලයෙහි නැඟී විශ්වවිද්‍යාලයට යන එන අයුරු බලා දකිනා වෛද්‍ය ශිෂ්‍යාවන්ටත්, පසුකාලීනව ඇය නියෝජනය කළ ශ්‍රී ලංකාව පුරා විසිරුණු මවුවරුන් සිය ගණනකටත් මනෝරාණි යනු අඳුරෙහි පෑයූ ආලෝකයක්ම වූවාය.

නමුත් මම ඉන් තරමක් ඉදිරියට පැමිණෙමි.
මනෝරාණි යන ගැහැනිය, අපට කෙතරම් වැදගත්ද, එසේ වන්නේ කුමක් නිසාද, ඇය පිළිබඳ මතකය මෙතරම් පිරිසකට වටින්නේ ඇයිද යන්න පිළිබඳ පැවසීමට පළමුව- මනෝරාණිට වඩාත්ම වැදගත් වූවේ කුමක්දැයි පිළිබඳ පවසන්නට මට ඉඩදෙන්න.

නිසැකවම ඒ සොයිසා ය. ඇයගේ ජීවිතය කේන්ද්‍රගතවී තිබුණේ සිය රාජකාරී ජීවිතය සහ තම පුත්‍රයා හෙවත් ‘සොයිසා’ වටාය. මනෝරාණි සහ රිචඩ් අතර වූ සබඳතාව, ඇය සතු හොඳම ගතිගුණ මතු කර දක්වන්නට හේතුවූ අන්දමේ බැඳීමකි. අතිශය ගැඹුරු බුද්ධිමය සබඳතාවක් වූ එය, මනස තුළ ගොඩනඟා හදවතෙහි රඳවා තබන ලද සෙනෙහසකි. ඔවුන් අතර වූ බැඳීම එතරම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ යමක් නොවේ. එය ඉතා පෞද්ගලික බැඳීමක් වුවද, ඔවුන්ගේ චරිතවල ස්වාභාවය හේතුවෙන්ම එය ඔවුන් දෙසටත්, ඔවුන් වටාත් මිනිසුන් ආකර්ෂණය කරගැනීමටද හේතු විය. එසේ ම බැලූ කළ, මනෝරාණි කිසිවිටෙක හුදෙකලා නොවූවාය. සෑම විටම එනම් රිචඩ්ගේ මරණයෙන් පසු පවා, ඇයට ආදරය කළ, ඇය ආදර්ශයට ගත් පිරිස ඇය වටා රැඳී සිටියහ.

රිචඩ්ගේ මරණයෙන්, ඇයගේ ලෝකය සහමුලින් බිඳ වැටුණි. අපගේ ඇස් පනාපිට එය සිදුවන අයුරු අපි බලා සිටියෙමු. එසේවුවද, මනෝරාණි නම් ගැහැනියගේ ‘හරය’ එම මරණයෙන් පවා වෙනස් වූයේ නැත. ඇය කිසිදිනෙක බීමට ඇබ්බැහි වූවේ නැත. කිසිදිනෙක පරුෂ, නොසරුප් වචනයෙන් කතා කළේද නැත. කෝපයෙන් වියරු වූවේද නැත. කොටින්ම තම පුත්‍රයාගේ මිනීමරුවන් හමුවේදී පවා, ඕ ඇදහිය නොහැකි තරම් උදාර, ගෞරවාන්විත බවකින් යුතුව ඔවුන්ට මුහුණ දුන්නාය.

රිචඩ්ගේ මරණයෙන් පසු උදාවූ කාලය, වචනයෙන් විස්‍තර කළ නොහැකි තරම් වූ භීතින්ගෙන් පිරුණු කාලයකි. සෑම මිනිත්තුවකට වරක්ම බියවීමට අලුත් කාරණාවක් මතුව ආ යුගයකි. අප සියල්ලෝම දිවි ගෙවූවේ, මහත් වූ භීතියකින් ආතුරවය. අපි අපගේ ජීවිත පිළිබඳ බියපත්ව උන්නෙමු. අපගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ බිය වූවෙමු. කොටින්ම ඔවුන්ව දුරබැහැර ඥාතින් වෙතට යවන්නට පවා පෙලඹුණෙමු. අපි අපගේ නිවෙස් තුළ නිදන්නට බිය වීමු.

අප කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමේ වෙනසක්, අකීකරු විරෝධාකල්පයක් මනෝරාණි තුළ ගොඩනැඟෙන්නේ මේ අවදියේය. සියල්ල ආරම්භ වූයේ, සොයිසාගේ අවමංගල්‍යය උත්සවය සමඟිනි.
පවුලේ කෙනකු මියගිය පසු, එම තැනැත්තාගේ සිරුර ආදාහනය කිරීම හෝ භූමදාන කිරීම අපගේ පවුල්වල එතෙක් පැවති සාමාන්‍ය සම්ප්‍රදාය විය. නමුත් සිය පුත්‍රයාගේ මළඟම වෙනුවෙන් පොදු මහජනයාට හොඳින් ප්‍රදර්ශනය වන චිතකයක් තැනීමට තීරණය කරමින් මනෝරාණි ඒ සම්ප්‍රදාය බිඳ හෙළුවාය. එය බියදනවන ආකාරයේ, හිතුවක්කාර තීරණයකි. අති දැවැන්ත ප්‍රකාශනයකි. එම චිතකය කෙතරම් සිනමානුරූපී වීද යත්, ඕනෑම චිත්‍රපට නිර්මාණකරුවකු එවන් දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට එකඟ වන තරම් විය.

අනතුරුව උදා වූයේ, උච්චතම ජවනිකාවෙන් පසු උදාවන ජවනිකා සහිත යුගයයි. භීතියට සහ ශෝකයට පසු, මාධ්‍ය සංදර්ශන සහ මහජන හඬ නැංවීම්වලින් පසු ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ආරම්භ වූයේය. මනෝරාණි එය දේශපාලන ගමනක් ලෙස නොදුටුවාය. එය හුදෙක්ම මවක ලෙස ‘සොයිසා’ සමඟ ඇය පැවැත්වූ සබඳතාව මෙන්ම අතිශය පුද්ගලික හැඟීමකින් පෝෂණය වූ, පෞද්ගලික චාරිකාවකැයි කිව හැකි ආකාරයේ ගමනකි.

සෑම මසකදීම මනෝරාණි සමඟ මහව අසල පිහිටි කුඩා ගම්මානයකට යන්නට මම පුරුදු වී සිටියෙමි. ඇය එහි ගියේ, භීෂණ අවදියේදී සැමියන් අහිමිවූ ගැහැනුන් හමුවනු පිණිසය. මෙකී ගම්මානයේ සිටි සෑම මිනිසකුම පාහේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබූ අතර, ඔවුන් කිසිවකුත් පෙරළා ගම්මානයට පැමිණියේ නැත. එහි අතුරුදන්ව සිටියේ පිරිමින් වුවද, මනෝරාණි එම ගම්මානය හැඳින්වූයේ “අතරමං වූ ගැහැනුන්ගේ ගම්මානය’ යනුවෙනි. ඒ මක් නිසාද යත්, මේ සමය වන විට පවුලේ මුදල් හරිහම්බ කළ පිරිමින් නොමැතිව, ඔවුන්ගෙන් යැපුණු ගැහැනුන් මුළුමනින්ම තම අවශ්‍යතා සපුරාගත නොහැකිව අන්ත අසරණව සිටි බැවිනි. මෙම ගැහැනුන් ගමේ විහාරස්ථාන භූමියට එක්රැස් වූ අතර, මනෝරාණි ඔවුන්ට අලුතෙන් ජීවිතය ගැටගසා ගන්නා ආකාරය පිළිබඳ ඉගැන්වීමටත්, ඔවුන් දිරිමත් කිරීමටත් කටයුතු කළාය. ඒ අතරතුර මගේ රාජකාරිය වූයේ, මෙම අසරණ බිරින්දෑවරුන් සමඟ පැමිණි කුඩාවුන් සමඟ කෙළි සෙල්ලම් කිරීමය. මනෝරාණිගේ උත්සාහය, උඩුගම් බලා යෑමට දත කෑමක් මිස කිසිසේත්ම පහසු වූවක් නොවේ. නමුත් ඇය කෙසේ හෝ එය සාර්ථක කරගැනීමට සමත් වූවාය. ගම්මානයේ කාන්තාවෝ තම තමන්ගේ කුඩා ව්‍යාපාර ආරම්භ කරමින්, දෙපයින් නැඟී සිටීමට පටන් ගත්හ. “ඇය අපිට දේවතාවියක් වගේ” ඔවුන් ඇය පිළිබඳ කියන්නට හුරුව සිටියේ එලෙසිනි.
අද වනතුරුම, මෙම ගම්මානයේ උන්නතිය උදෙසා ඇය විසින් කළ මෙහෙවර ලියැවී තිබෙන්නේ, එකම එක කුඩා පුවත්පත් ලිපියක පමණි. එය කිසිදු ආකාරයකින් දේශපාලනික අරමුණු වෙනුවෙන් සිදුකඵ දෙයක් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් කළ සංදර්ශනාත්මක කාර්යයක් නොවීම, ඊට හේතුවයි.

එය ‘මවුවරුන්ගේ පෙරමුණ’ යන බැනරය පසුපස සිටගැනීම වෙනුවෙන් සිදු කළ දෙයකට වඩා, ඇයට සැබෑම සහෝදරත්වයක්, බැඳීමක් දැනුණු එම රජය යටතේ ඇය මෙන්ම ප්‍රිය විප්‍රයෝගයට මුහුණ දුන් ගැහැනුන් නඟා සිටුවීමෙහිලා ඇය තුළ වූ අධිෂ්ඨානය හේතුවෙන් සිදුකළ යමක් විය.

මට දෑස් වසාගත් විට, මනෝරාණිලා දෙදෙනාම මවාගත හැකිය.රිචඩ්ගේ මරණයට පෙර සිටි මනෝරාණි සහ ඔහුගේ මරණයෙන් පසු ජීවත් වූ මනෝරාණි. ඔහුගේ මරණයෙන් පසු ඇය කිසිදිනෙක පෙර මෙන් සිනාසුණේ නැත. නමුත් තමා තුළ වූ සියලු ශක්තිය, අරමුණු සහ ගෞරවාන්විත බව එලෙසින්ම රැකගැනීමට ඇය සමත් වූවාය. මෙම චිත්‍රපටය තුළ ඉන් කිසිවක්- ඇය පිළිබඳ අංශුමාත්‍රයකුදු දක්නට නොලැබීම අවාසනාවකි. අවාසනාවකටත් වඩා, එවන් උත්තරීතර ගැහැනියක, මෙතරම් වැරදි, නිග්‍රහශීලී අන්දමකින් මවාපෙන්වීමට තැත් කිරීම සිත වේදනාවට පත් කරවයි. නමුත් දෛවයේ සරදම වන්නේ, මනෝරාණි නිසැකවම ජීවිතයට වඩා විශාල, එවන් පුළුල් තිරයක් වෙනුවෙන්ම ඉපදුණේ යැයි කිවහැකි තරම් වූ ශ්‍රේෂ්ටඨතම ගැහැනියක වීමය.

අප වැනි අය හොඳින් දැන සිටියවුන්ට එම චිත්‍රපටිය පුරාවට රැඟෙන එන්නේ වේදනාවක් බව සත්‍යයකි. එනමුත් අවම වශයෙන් ඇයගේ මතකයන් තුළ හෝ සැනසීමක් ලැබීමට තරම්වත් අපි වාසනාවන්තයන් වෙමු. ඒවා කිසිදිනෙක, කිසිදු ආකාරයකින් විකෘති කළ නොහැකි අමරණීය මතකයන් වේ.

සැබෑම ශෝකාන්තය නම්, මෙම චිත්‍රපටය, නව පරම්පරාව වෙනුවෙන් සිදු කර ඇති දේය. මනෝරාණි සරවනමුත්තු නම් ගැහැනියකගේ චරිතාංග ලක්ෂණ, අනන්‍ය වටිනාකම් ආදි කිසිවක් ග්‍රහණය කරගැනීමට අසමත් වූ නමුත්, කලාකෘතියක්, සංස්කෘතික ඉතිහාසයක කොටසක් ලෙස සමාජය තුළ ස්ථානගතවීමට මෙම චිත්‍රපටය උත්සහ දරමින් සිටියි. එමඟින් ‘රාණි’ ඇයගේ මතකයට සිදු කරන්නේ දැවැන්ත අපරාධයකි. ඇය එයට වඩා ගෞරවාන්විත මතකයක් වීමට බෙහෙවින් උරුමකම් කියන දැවැන්ත පෞරුෂයකි.

(මනෝරාණි සරවනමුත්තුගේ ඥාති දියණියක වන මාරි-හෙලේන් .ඩි අල්මේදා විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.ඇය නාට්‍ය හා කලා ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් සේවය කොට විශ්‍රාම ලබා සිටින්නීය.)

නිලේකා ධනංජනී ගුණවර්ධන විසින් LNW වෙබ් අඩවියට සකස් කළ එකකි.

SendShareShare
Previous Post

පොලිසිය ඔත්තු දෙන්න කිව්වා! දැන් මිනිස්සු ඔත්තු දෙන්න පටන් අරන්! පළවෙනි අවි තොගය ගම්පහ කනත්තකින් මතුකරගනී! I Sri Lanka Latest News

Next Post

අමතර රාජකාරී දීමනා අඩු කරලා! නිවාඩු දින දීමනා අඩු කරලා! හිතුමතේ මෙහෙම කළේ ඇයි? රජයේ දොස්තරවරු හදිසියේ රැස්වී ඒකමතික තීන්දුවක් ගනී! ලොකු සටනක් අතළඟ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.